2017 විතර ගත්ත එකක් (සමහරවිට ඕකේ කලින් model එක වෙන්න ඇති) වැඩි පරිස්සමක් නැතුව පාවිච්චි කරා. අවුරුදු 2කින් විතර පාවිච්චි කරද්දි සැරින් සැරේ disconnect වෙන්න ගත්තා. ඊට පස්සේ පාවිච්චි කරන්නම බැරි ගාණට disconnect වෙන්න ගත්තා. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ micro USB port එකේ හරි ඒ circuit එකේ වෙන්න ඕනි. නිතර cable එක connect කරද්දි port එක loose වෙනවා. HDD එක වෙනම ගලවලා බැලුවාම HDD එක තවම හොඳට වැඩ කරනවා.
නිතර cable එක ගලවන්න වෙනවා නම් micro USB වෙනුවට USB type A port එකක් cable එකක්ම තියෙන portable HDD එකක් පාවිච්චි කරන එක හොඳයි