මිනිස් ගති පැවතුම් එන්නේ කොහොමද?

kasunefac

Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    මිනිස් ගති පැවතුම් එන්නේ කොහොමද?

    අපේ පවුලේ ඉන්නේ ළමයි 3 දෙනයි, මමයි නංගියි අක්කයි. පොඩි කාලේ මමයි නංගියි හිටියේ අම්මා එක්ක වෙනම, එතකොට අපේ අක්ක හැදුනේ ආච්චි ළඟ. අපේ අම්ම වැඩිය සමාජෙට මුණ දෙන්න කැමති නැති කෙනෙක්, හැංගිලා තමන්ගේ වැඩක් කරන තමා ඉන්න බලන්නේ. ඉතින් ඔය සමාජ භීතිකාව අපිටත් ආවා. ප්‍රසිද්දියේ කතා කරන්න, මිනිස්සු අතරේ move වෙන්න, stage එකකට එහෙම නගින්න බයයි. තනියෙන් ඉන්න තමා කැමති.
    හැබැයි අපේ ආච්චි නර්ස් කෙනෙක් ගොඩක් සමාජශිලියි, මිනිස්සු අතරේ ප්‍රසිද්දයි. ඉතින් ආචිචි ලග හැදුන අපේ අක්කත් එහෙමයි කාටවත් බය නෑ ඕනෑම තැනක කතා කරනවා, ආච්චි වගේම තමා මිනිස්සු අතරේ ප්‍රසිද්දයි. ඉතින් අදටත් අපේ ගම්වල අපිව දන්නේ නැති උනාට අපේ අක්කගේ නම කියල කිව්වම ඕන කෙනෙක් අපිවත් අදුර ගන්නවා "ආ මේ අරයගෙ මල්ලිනේ" වගේ කියලා අහනවා. ඉතින් මන් ගොඩක් දුක් වෙච්ච තැන තියෙනවා අපිට පුළුවන් කම තිබිලත් අර සමාජ භීතිකාව නිසා ඉදිරියට යන්න බැරි උන. හැබැයි අපේ අක්ක ගොඩක් දුර ගියා අදටත් හරි ප්‍රසිද්දයි ජොබ් එකෙත් පොඩි කාලෙකින් උඩටම ගිය කෙනෙක්.

    ඉතින් මන් හිතන් හිටියේ හැදෙන පරිසරයේ ලොකු බලපෑමක් තියෙනවා මිනිස්සුන්ගේ ගති චර්යා වලට කියලා, "අපේ අම්මල නිසා තමා අපි මෙහෙම ඉන්නේ කියලත් කියල තියෙනවා". එක ඇත්ත ගොඩක් දුරට මන් දැනට හිතන විදිහටත්. එතකොට මන් කසාද බැන්ඳ එක්කෙනත් එහෙමයි, එයත් හරි බයයි, කඩේකට ගිහිල්ල බඩුවක ගානක්වත් අහන්නේ නෑ, බස් එකක ආවත් කොන්දා ඉතුරු නොදුන්නත් ඉල්ලන්න යන්නේ නෑ.. හැම දේම මන් කරලා දෙනකන් තමා ඉන්නේ, කොටින්ම කිව්වොත් මන් මත fully depend.

    කතාව වෙනස් වෙන්නේ මෙහෙමයි.
    දැන් මගේ බබාට දැන් අවුරුදු 5යි , එයා ගොඩක්ම හැදුනෙත් අපේ අම්මා එක්ක සහ අපි එක්ක, තාම පොඩි නිසා සමාජෙට මුණ දීලත් නෑ. මන් ඉස්සර ඉදන් හිතන් හිටියේ එයාවනන් හංගල අපි වගේ හදන්නේ නෑ පුළුවන් තරම් සමාජශීලි වෙන්න පාර හදනවා කියලා. නැත්තන් එක ලොකු පාඩුවක් වෙනවා අපිට උනා වගේම.
    හැබැයි ඒක වෙනම කරන්න ඕන උනේ නෑ ,එයාගේ ගති පැවතුම් පොඩි කාලේ ඉදලාම ගොඩක් වෙනස් අපිට වඩා..කාටවත් බය නෑ ඕනෑම තැනකට ඉස්සරටහම යනවා, නටන්න කිව්වොත් නටනවා, කොහේ හරි ගියත් වයස අදාලම නෑ ඕනෑම කෙනෙක් එක්ක බලෙන්ම කතා කරනවා. තැන නොතැන අදාලම නෑ. මන් ලඟදි UK පදිංචියට ආවා, මෙහෙ ඇවිල්ලත් එහෙමයි හැම සුද්දා එක්කම කතාවට යනවා ලොකු පොඩි කවුද අදාලම නෑ හිනාවෙලා කතා කරනවා. ෂොප් එකකට ගියත් එතන තියෙන ඕනෑම දෙයක් අතපත ගාලා, ඕන දේවල් ඉල්ලලා නිදහසේ තමා ඉන්නේ. කොටින්ම කිව්වොත් කිසිම සමාජ බිතිකාවක් නෑ. ගොඩක් බුද්දිමත් මෙහේ english මාස 2-3න් අල්ලගත්තා දැන් අපිට වඩා හොදට grammar mistake නැතුව කතා කරනවා සුද්දෙක් වගේ. ඉතින් ඇත්තම මේ හැසිරීමට මන් හරි කැමතියි මොකද එක තමා මට ඕන උන දේත්..දැන් වෙනම එක හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ,

    දැන් මගේ අක්කගේ පොඩි එකාගේ වයස අවුරුදු 6යි මගේ එකාට අවුරුද්දක් වැඩිමල්, හැබැයි පොර දැන් අපි වගේ වෙලා. හැංගෙන්න තමා බලන්නේ අක්ක වගේ social නෑ, තනියම තමා ඉන්න බලන්නේ. මගේ දුව එක්ක සෙට් උනත් වැඩිය සෙල්ලං කරන්නේ එන්නේ නෑ හිමිට පැත්තකට වෙනවා. මන් හිතන් හිටියේ පොරත් අක්ක වගේ වෙයි කියලා එත් එහෙම උනේ නෑ සම්පුර්ණයෙන් වෙනස්. අපියි, අක්කලයි දරුවෝ හැදුව විදිහේ කිසිම වෙනසක් නෑ, එයා හිටියෙත් අපේ ගෙවල් ලගමයි එක වගේම තමා ඔක්කොම එකට හැදුනේ. මගේ සමහර යාලුවන්ගේ පොඩි උන් ඉන්නවා මගේ එකාගේ වයසේම, සමහර දරුවෝ අපි එක්කවත් කතා කරන්න හුරතල් වෙන්න එන්නේ නෑ, කතා කරොත් අම්මගේ තාත්තගේ පිටිපස්සේ හැන්ගෙනවා.

    මට තියෙන ප්‍රශ්නේ තමා මේක. මේ ගති පැවතුම් හැසිරීම් රටාව තීරණය වෙන්නේ කොහොමද..ඇත්තම එන්නේ කොහෙන්ද.පෙර ආත්ම වලින්ද?. මන් හැමදාම හිතන් හිටිය විදිහට හැදෙන පරිසරයේ ලොකු බලපෑමක් තියෙනවා ඒක බැහැර කරන්න අමාරුයි නමුත් හරි ගැටළු කාරියි..ඔයාලගේ අත්දැකීම් අදහස් මොනාද?

    ස්තුතියි.
     
    • Like
    Reactions: Pissu kanna

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ජාන + පරිසරය + අත්දැකීම් + යාළුවෝ + කාල වකවානුව + තාක්ෂණය + බුද්ධි මට්ටම + මානසික මට්ටම + අධ්‍යාපනය වගේ හැම එකක්ම බලපානවානෙ 🤔
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔයාගෙ බබාට බලපාලා ඇත්තේ ආච්චිගේ ජාන. ඔයයි නෝනයි දෙන්නම ලැජ්ජාශීලී වුනත් බබා සමාජශීලී වෙලා තියෙන්නේ ඒකයි. හරියට අම්මා තාත්තා දෙන්නම කලු උනාට ළමයා සුදු වෙන්නේ අන්න ඒ වගේ.
     
    • Like
    Reactions: siri_ayya

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    අපේ අක්කගේ පොඩි එකයි අපේ එකයි ගත්තම වෙනස් factor එකකට තියෙන්නේ ජාන විතරයි..තැන්ක්ස් මචන්
    ජාන + පරිසරය + අත්දැකීම් + යාළුවෝ + කාල වකවානුව + තාක්ෂණය + බුද්ධි මට්ටම + මානසික මට්ටම + අධ්‍යාපනය වගේ හැම එකක්ම බලපානවානෙ 🤔

    ඔයාගෙ බබාට බලපාලා ඇත්තේ ආච්චිගේ ජාන. ඔයයි නෝනයි දෙන්නම ලැජ්ජාශීලී වුනත් බබා සමාජශීලී වෙලා තියෙන්නේ ඒකයි. හරියට අම්මා තාත්තා දෙන්නම කලු උනාට ළමයා සුදු වෙන්නේ අන්න ඒ වගේ.
    Exactly. මටත් ඕක නොසිතුනම නෙවෙයි . ඒ කියන්නේ ජාන නේද. තව දෙයක් තියෙනවා..දැන් අක්කයි මස්සිනයි දෙන්නම සමජශිලියි එතකොට පොඩි එකා අරෙහෙම උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක්
    ------ Post added on Mar 3, 2023 at 8:17 PM
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Exactly. මටත් ඕක නොසිතුනම නෙවෙයි . ඒ කියන්නේ ජාන නේද

    ජානවල බලපෑම වැඩියි. අම්ම තාත්තා දෙන්නම ගොඩක් මිටි වෙලා ළමයා ගොඩක් උස යන්නේ, අම්ම තාත්තා දෙන්නම වැඩි අධ්‍යාපනයක් නොලබා කම්කරු රැකියා කරද්දී ළමයා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවකට යන්නේත් කලින් පරම්පරාවල අයගේ ජානවල බලපෑමෙන් තමයි. තව අම්ම තාත්තට නැති සුදුකබර වගේ සමහර ජානවලින් එන ලෙඩරෝග ළමයට එන්නේත් කලින් පරම්පරාවෙ කෙනෙකුට තිබ්බම.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Karma gewena widiyata hoyan ewilla.society eken kon wenna karma tiyena ekenek e karme gewanna ara wage womb ekakata ewilla.parenstlath duka widinna wena widiyata karma match wela.genes walin awa kiyanna puluwan eliyen balala.but wela tiyenne hoyan ewilla.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මානව හැසිරීම් වර්ධනය ජීව විද්‍යාත්මක, පාරිසරික සහ සමාජීය සාධක මගින් බලපෑමට ලක්වන සංකීර්ණ හා බහුවිධ ක්‍රියාවලියකි. සමහර හැසිරීම් සහජ සහ අපගේ ජීව විද්‍යාවට දැඩි ලෙස සම්බන්ධ විය හැකිය, එනම් අනතුරෙන් අපව ආරක්ෂා කර ගැනීමේ අපගේ සහජ බුද්ධිය වැනි ය. භාෂා අත්පත් කර ගැනීම සහ සංස්කෘතික සම්මතයන් වැනි ඉගෙනීම සහ සමාජගත කිරීම හරහා අනෙකුත් හැසිරීම් වර්ධනය වේ. මීට අමතරව, පවුල ඇති දැඩි කිරීම, අධ්‍යාපනික අත්දැකීම්, සමාජ සම්බන්ධතා සහ ජන මාධ්‍යවලට නිරාවරණය වීම වැනි පාරිසරික සාධක ද අපගේ හැසිරීම් හැඩගස්වාගත හැකිය. මෙම සාධකවල අන්තර් ක්‍රියාකාරිත්වය පුද්ගලයන් සහ සංස්කෘතීන් අතර වෙනස් වන සංකීර්ණ හැසිරීම් රාශියකට හේතු විය හැක.
     
    • Like
    Reactions: kasunefac

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    100% Genes, Environment/Family and other factors, are just triggering the genetic qualities.

    That's why I never adopt a child who I don't know biological parents.
     
    • Like
    Reactions: kasunefac

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    උත්සහයෙන් වෙනස්කරගන්න මහන්සි නොවී ජීන්ස් ජීන්ස් කිය කිය ඉන්න එකත් හැමදේටම කර්මය කර්මය කියනව වගේ තමයි.
     

    Sen-lu

    Well-known member
  • මුලදි ජාන බලපෑම තිබ්බට අවුරුදු 12 න් විතර පස්සෙ තමා characteristic define වෙන්නෙ ඒකට ගොඩක්ම බලපානෙ සමාජපරිසරය. මුලදි ගොඩක් extrovert ලමයි පස්සේ introvert වෙනව ඒකට ලොකුම හේතුව
    දෙමාපියෝ මුලදි extrovert අයව discourage කරනව.

    අත්දැකීම් තියෙන අය ඇති. පොඩිකාලෙ දගලලා ඉඳල පස්සෙ කතා කරන්නවත් බය අය.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    දෙමාපියන්ට වඩා ඔතන ප්‍රශ්නය වෙන්නෙ එකම වයසෙ එවුන්ගෙ හැසිරීම. ඔය දරුවන්ගෙ යාලුවො සහ siblings/cousins ගැන බලන්න. උන්ගෙන් අර දරුවට විශබීජ එනව වෙන්න පුලුවන්.

    මගෙ ජිවිතෙ මම ඉගන ගත්තු දේවල් කීපයක් තියනව. මම පොඩිම කාලෙ මගේ cousin වෙන එකා සෑහෙන්න මට කියල තියනව බය කරල තියනව පවුලෙ වයසින් වැඩි අය ගැන. ඉතින් ඌ කියන නිසාම එහෙම සමහර අය ගැන මටත් ඒ වගේ ෆීලින් මම හදාගෙන වැඩි කතාවකට ගිහින් නෑ සෑහෙන කොලු වෙනකම්. පසු කාලෙ තමා මට තේරුනේ අරූ කියන්නෙ ඌගෙ මොකක් හරි ෆෝබියා රෙද්දක් ඒ උනාට මට ඕවගෙන් වැඩක් නෑ කියන එක.

    ඉතින් දරුවන්ට එහෙම ෆොවඩ් නොවනකොට හොයල බලන්න ඔනෙ උන්ට විශබීජ එන මාර්ග තියනවද බලල ඒව අයින් කරල මනස හදන්න ඔනෙ. ලොකු වෙන්න කලින් කරන්න ඔනෙ නැතිනම් උන් ගොබ්බයො වෙනව.
     

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    ඔයාගෙ බබාට බලපාලා ඇත්තේ ආච්චිගේ ජාන. ඔයයි නෝනයි දෙන්නම ලැජ්ජාශීලී වුනත් බබා සමාජශීලී වෙලා තියෙන්නේ ඒකයි. හරියට අම්මා තාත්තා දෙන්නම කලු උනාට ළමයා සුදු වෙන්නේ අන්න ඒ වගේ.

    මානව හැසිරීම් වර්ධනය ජීව විද්‍යාත්මක, පාරිසරික සහ සමාජීය සාධක මගින් බලපෑමට ලක්වන සංකීර්ණ හා බහුවිධ ක්‍රියාවලියකි. සමහර හැසිරීම් සහජ සහ අපගේ ජීව විද්‍යාවට දැඩි ලෙස සම්බන්ධ විය හැකිය, එනම් අනතුරෙන් අපව ආරක්ෂා කර ගැනීමේ අපගේ සහජ බුද්ධිය වැනි ය. භාෂා අත්පත් කර ගැනීම සහ සංස්කෘතික සම්මතයන් වැනි ඉගෙනීම සහ සමාජගත කිරීම හරහා අනෙකුත් හැසිරීම් වර්ධනය වේ. මීට අමතරව, පවුල ඇති දැඩි කිරීම, අධ්‍යාපනික අත්දැකීම්, සමාජ සම්බන්ධතා සහ ජන මාධ්‍යවලට නිරාවරණය වීම වැනි පාරිසරික සාධක ද අපගේ හැසිරීම් හැඩගස්වාගත හැකිය. මෙම සාධකවල අන්තර් ක්‍රියාකාරිත්වය පුද්ගලයන් සහ සංස්කෘතීන් අතර වෙනස් වන සංකීර්ණ හැසිරීම් රාශියකට හේතු විය හැක.
    ammo ban bagayak teruneth na, me aye kiyawanawa dan ;)
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මුලදි ගොඩක් extrovert ලමයි පස්සේ introvert වෙනව ඒකට ලොකුම හේතුව
    දෙමාපියෝ මුලදි extrovert අයව discourage කරනව.

    අත්දැකීම් තියෙන අය ඇති. පොඩිකාලෙ දගලලා ඉඳල පස්සෙ කතා කරන්නවත් බය අය.
    ado this is me. O/L wenakan full social dannam full introvert mode eke.. ehema aulakut naha
     

    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    The way parents, caregivers, and other family members treat the child has major influence on his/her personality.
    A child who is growing up with a supportive parents (specially emotional support) has positive and outgoing characteristics.
    Your child is very social and outgoing because you and your wife have provided emotionally supportive environment. So she is confident, talkative, take risks, etc. because she knows that she is backed by her parents.

    When a child is emotionally neglected or grown up in an abusive family, there are will be so many issues during childhood and their adult life such as anxiety (as you explained) etc.

    Read more about "emotional neglect", "narcissistic parents", etc. specially in Reddit.
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මටත් සමාජ භීතිකාව තියෙනවා මම පොඩි කාලේ ඉදන්ම...මට හිතෙන්නේ මේක ජාන වලින් එන බලපෑමක් කියලා...අනික ජීවත් වෙන වටපිටාවෙනුත් උබව තවත් තල්ලු කරන්නේ නෙගටිවු පැත්තටම නම් තවත් වැඩේ දරුණු වෙනවා...අපේ ගෙවල්වල මිනිස්සුත් ඔය මානසික රෝග ගැන දැනගෙන හිටියේ නැති නිසා පොඩි කාලේ මට මේක හොද කරගන්න විදිහක් තිබ්බේ නෑ එයාලා මැදිහත් වෙලා හරි...
     

    AnuradhaRa

    Well-known member
  • ඔයාගෙ බබාට බලපාලා ඇත්තේ ආච්චිගේ ජාන. ඔයයි නෝනයි දෙන්නම ලැජ්ජාශීලී වුනත් බබා සමාජශීලී වෙලා තියෙන්නේ ඒකයි. හරියට අම්මා තාත්තා දෙන්නම කලු උනාට ළමයා සුදු වෙන්නේ අන්න ඒ වගේ.
    නිලින ජාන ප්‍රමුඛ ජාන :yes: