මිනිස් ගති පැවතුම් එන්නේ කොහොමද?
අපේ පවුලේ ඉන්නේ ළමයි 3 දෙනයි, මමයි නංගියි අක්කයි. පොඩි කාලේ මමයි නංගියි හිටියේ අම්මා එක්ක වෙනම, එතකොට අපේ අක්ක හැදුනේ ආච්චි ළඟ. අපේ අම්ම වැඩිය සමාජෙට මුණ දෙන්න කැමති නැති කෙනෙක්, හැංගිලා තමන්ගේ වැඩක් කරන තමා ඉන්න බලන්නේ. ඉතින් ඔය සමාජ භීතිකාව අපිටත් ආවා. ප්‍රසිද්දියේ කතා කරන්න, මිනිස්සු අතරේ move වෙන්න, stage එකකට එහෙම නගින්න බයයි. තනියෙන් ඉන්න තමා කැමති.
හැබැයි අපේ ආච්චි නර්ස් කෙනෙක් ගොඩක් සමාජශිලියි, මිනිස්සු අතරේ ප්‍රසිද්දයි. ඉතින් ආචිචි ලග හැදුන අපේ අක්කත් එහෙමයි කාටවත් බය නෑ ඕනෑම තැනක කතා කරනවා, ආච්චි වගේම තමා මිනිස්සු අතරේ ප්‍රසිද්දයි. ඉතින් අදටත් අපේ ගම්වල අපිව දන්නේ නැති උනාට අපේ අක්කගේ නම කියල කිව්වම ඕන කෙනෙක් අපිවත් අදුර ගන්නවා "ආ මේ අරයගෙ මල්ලිනේ" වගේ කියලා අහනවා. ඉතින් මන් ගොඩක් දුක් වෙච්ච තැන තියෙනවා අපිට පුළුවන් කම තිබිලත් අර සමාජ භීතිකාව නිසා ඉදිරියට යන්න බැරි උන. හැබැයි අපේ අක්ක ගොඩක් දුර ගියා අදටත් හරි ප්‍රසිද්දයි ජොබ් එකෙත් පොඩි කාලෙකින් උඩටම ගිය කෙනෙක්.
ඉතින් මන් හිතන් හිටියේ හැදෙන පරිසරයේ ලොකු බලපෑමක් තියෙනවා මිනිස්සුන්ගේ ගති චර්යා වලට කියලා, "අපේ අම්මල නිසා තමා අපි මෙහෙම ඉන්නේ කියලත් කියල තියෙනවා". එක ඇත්ත ගොඩක් දුරට මන් දැනට හිතන විදිහටත්. එතකොට මන් කසාද බැන්ඳ එක්කෙනත් එහෙමයි, එයත් හරි බයයි, කඩේකට ගිහිල්ල බඩුවක ගානක්වත් අහන්නේ නෑ, බස් එකක ආවත් කොන්දා ඉතුරු නොදුන්නත් ඉල්ලන්න යන්නේ නෑ.. හැම දේම මන් කරලා දෙනකන් තමා ඉන්නේ, කොටින්ම කිව්වොත් මන් මත fully depend.
කතාව වෙනස් වෙන්නේ මෙහෙමයි.
දැන් මගේ බබාට දැන් අවුරුදු 5යි , එයා ගොඩක්ම හැදුනෙත් අපේ අම්මා එක්ක සහ අපි එක්ක, තාම පොඩි නිසා සමාජෙට මුණ දීලත් නෑ. මන් ඉස්සර ඉදන් හිතන් හිටියේ එයාවනන් හංගල අපි වගේ හදන්නේ නෑ පුළුවන් තරම් සමාජශීලි වෙන්න පාර හදනවා කියලා. නැත්තන් එක ලොකු පාඩුවක් වෙනවා අපිට උනා වගේම.
හැබැයි ඒක වෙනම කරන්න ඕන උනේ නෑ ,එයාගේ ගති පැවතුම් පොඩි කාලේ ඉදලාම ගොඩක් වෙනස් අපිට වඩා..කාටවත් බය නෑ ඕනෑම තැනකට ඉස්සරටහම යනවා, නටන්න කිව්වොත් නටනවා, කොහේ හරි ගියත් වයස අදාලම නෑ ඕනෑම කෙනෙක් එක්ක බලෙන්ම කතා කරනවා. තැන නොතැන අදාලම නෑ. මන් ලඟදි UK පදිංචියට ආවා, මෙහෙ ඇවිල්ලත් එහෙමයි හැම සුද්දා එක්කම කතාවට යනවා ලොකු පොඩි කවුද අදාලම නෑ හිනාවෙලා කතා කරනවා. ෂොප් එකකට ගියත් එතන තියෙන ඕනෑම දෙයක් අතපත ගාලා, ඕන දේවල් ඉල්ලලා නිදහසේ තමා ඉන්නේ. කොටින්ම කිව්වොත් කිසිම සමාජ බිතිකාවක් නෑ. ගොඩක් බුද්දිමත් මෙහේ english මාස 2-3න් අල්ලගත්තා දැන් අපිට වඩා හොදට grammar mistake නැතුව කතා කරනවා සුද්දෙක් වගේ. ඉතින් ඇත්තම මේ හැසිරීමට මන් හරි කැමතියි මොකද එක තමා මට ඕන උන දේත්..දැන් වෙනම එක හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ,
දැන් මගේ අක්කගේ පොඩි එකාගේ වයස අවුරුදු 6යි මගේ එකාට අවුරුද්දක් වැඩිමල්, හැබැයි පොර දැන් අපි වගේ වෙලා. හැංගෙන්න තමා බලන්නේ අක්ක වගේ social නෑ, තනියම තමා ඉන්න බලන්නේ. මගේ දුව එක්ක සෙට් උනත් වැඩිය සෙල්ලං කරන්නේ එන්නේ නෑ හිමිට පැත්තකට වෙනවා. මන් හිතන් හිටියේ පොරත් අක්ක වගේ වෙයි කියලා එත් එහෙම උනේ නෑ සම්පුර්ණයෙන් වෙනස්. අපියි, අක්කලයි දරුවෝ හැදුව විදිහේ කිසිම වෙනසක් නෑ, එයා හිටියෙත් අපේ ගෙවල් ලගමයි එක වගේම තමා ඔක්කොම එකට හැදුනේ. මගේ සමහර යාලුවන්ගේ පොඩි උන් ඉන්නවා මගේ එකාගේ වයසේම, සමහර දරුවෝ අපි එක්කවත් කතා කරන්න හුරතල් වෙන්න එන්නේ නෑ, කතා කරොත් අම්මගේ තාත්තගේ පිටිපස්සේ හැන්ගෙනවා.
මට තියෙන ප්‍රශ්නේ තමා මේක. මේ ගති පැවතුම් හැසිරීම් රටාව තීරණය වෙන්නේ කොහොමද..ඇත්තම එන්නේ කොහෙන්ද.පෙර ආත්ම වලින්ද?. මන් හැමදාම හිතන් හිටිය විදිහට හැදෙන පරිසරයේ ලොකු බලපෑමක් තියෙනවා ඒක බැහැර කරන්න අමාරුයි නමුත් හරි ගැටළු කාරියි..ඔයාලගේ අත්දැකීම් අදහස් මොනාද?
ස්තුතියි.