Nissan serena

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    පාවිච්චි කරල තියෙන අය කියන්නෙ කියන තරම් අවුලක් නෑ කියලා. ඇත්තටම ගානෙ හැටියට හොඳටම වටින වාහනයක් අද කාලෙ. ජපනට වරදින්නෙ නෑනෙ වාහන හදද්දී, අපේ මකබාස්ලා තමා වාහනේ කාලා තව හොඳ නෑ කියල පදත් හදල තියෙන්නේ.

    දැන් හොඳටම මාකට් වෙලා තියෙන ඩොල්ෆින් වලත් ආපු කාලෙ හෙඩ් එක යන කේස් එකක් ආව කියල අහල තියෙනව. මං හිතන්නෙ බ්‍රෑන්ඩ් නිව් ආව 2ළ් එන්ජින් තියෙන ඒවල.
    අපේ එහා ගෙදර අයියා Nissan Serena FX කියලා model එකක් පාවිච්චි කරා. rotatable bucket seat එහෙම ගහලා remote start පවා හයි කරලා තිබුණා. safety පැත්තෙන් ගත්තම නිකන් van එකකට වඩා හොඳයි හොම්බක් තියෙන නිසා.
    කේස් එක තියෙන්නේ radiator එක තියෙන්නේ ඉස්සරහ. engine එක තියෙන්නේ passenger seat එක යට අනික් van වල වගේ. ජපානේ වගේ රටකට අවුලක් නැහැ ලංකාව වගේ රස්නේ නැති නිසා.නමුත් cooling මදි. රස්නේ වැඩි උනාම engine එකට එන හෝස් පුපුරනවා. ඒ අය්යට දෙතුන් පාරක් ඔය වැඩේ වෙලා මිනිහා දන්න කෙනෙක් කියලා තව radiator fan එකකුයි ඝනකම හෝස් දාන්න කියලා. එදා ඉදන් මිනිහට කිසිම අවුලක් නැහැ. engine ලෙඩ මුකුත් ඇවිත් නැහැ. හොඳට සැප පහසුව යන්න පුළුවන්. අර ප්‍රශ්නේ හදලා නම් වොරි වෙන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: kinkon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,592
    3,460
    113
    මම පාවිච්චි කරල නෑ. හැබැයි මාත් ගන්න හිටපු නිසා ඔය ගැන හොයල තියෙනව....

    ඕකෙ කතන්දරේ කියන්නෙ,
    1995ට පස්සෙ ආපු fx2 කියන මොඩ්ල් එක තමයි හොඳ මට්ටමක තියෙන්නෙ. ඊට කලින් ආපු ඒවයෙ ඔය කියන හීට් ප්‍රශ්න, පුලිං පවර් මදි ප්‍රශ්න එහෙම ඇවිත් තියෙනව...

    ඕකෙ ඩීසල් මොඩ්ල් වලට එන්නෙ cd20 එන්ජිම.
    ඒකෙනුත් fx 2 එකට එන්නෙ cd20et කියන අප්ග්‍රේඩඩ් ටර්බෝ එන්ජිමක්. ඒක නිසා උඩ කියපු ප්‍රශ්න ඕකට අදාල වෙන්නෙ නෑ කියල තමයි මමනං අහල තියෙන්නෙ....
    ඊට අමතරව fx 2 එකට පවර් ඔප්ශන් වලට අමතරව ඩුවල් ac, කොයිල් ස්ප්‍රිං, ඔටෝ ඩෝ වගේ ඔප්ශන් ගොඩක් එනව....
    ඒනිසා සෙරීන වලින් මාකට්ම මොඩ්ල් එක ඕක......

    ඉතිං අපේ අයියල කරන්නෙ, vx වගේ මොඩ්ල් එකකට fx එකේ නිවු ෆේස් එකයි, පස්සෙ දොරයි තියල විකුණනව....
    හැබැයි ටර්බෝ එන්ජිම ඇතුලු අනෙක් ඔප්ශන් වලින් ඔර්ජිනල් fx2 එක හොයාගන්න පුලුවන්....

    Cd20 එන්ජිමේ තව අවුලක් තියෙනව..., ඕකෙ එන්ජිම අනික් වාහන වලට සාපේක්ශව ඉක්මනට ගෙවෙන්න බලනව...
    ඒ වගේම හීට් කරල ගෑස්කට් ගියොත් al හෙඩ් එක ඇද ගහන්න බලනව ඊට පස්සෙ ඕක ෆේස් කරල ගොඩදාන එකත් කරන්න අමාරුයි...... දන්න විදිහට ඒ අවුලනං cd20et2 එන්ජිමටත් අදාලයි...
    ඔය එන්ජින් ගෙවෙනවා වැඩී කියන කේස් එක නිසාන් ගොඩක් වාහන වල තිබ්බා නේද ඉස්සර. එයාර් ක්ලීනර් එක නිතරම හුලං පාරක් අල්ලලා සුද්ද කරන්න කියලා පරණ වාහන හදන ඉබ්බාගමුව පැත්තේ අංකල්කෙනෙක් දාලා තිබ්බා යූ ටියුබ් එකේ. සාර්තක වේවිද දන්නේ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම දන්නා එකෙක් කට්ටිය එපා කියද්දී, වාහන වැඩි උන කාලේ ඔක්ක ගෙනාව. ඕන කුණු කොඩක් විකුණා ගන්න පුළුවන් කියලා. දැන් අවුරුදු 3ක් තිස්සේ ඌ ට්‍රයි කරනවා දී ගන්න බෑ බන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    ඔය එන්ජින් ගෙවෙනවා වැඩී කියන කේස් එක නිසාන් ගොඩක් වාහන වල තිබ්බා නේද ඉස්සර. එයාර් ක්ලීනර් එක නිතරම හුලං පාරක් අල්ලලා සුද්ද කරන්න කියලා පරණ වාහන හදන ඉබ්බාගමුව පැත්තේ අංකල්කෙනෙක් දාලා තිබ්බා යූ ටියුබ් එකේ. සාර්තක වේවිද දන්නේ නෑ
    හැම එකේම නෙමෙයි මචං,
    ඔය අවුල ආවෙ නිසාන් cd සීරීස් එකේ එන්ජින් වල.
    ඩීසල් කාර් මාකට් නැත්තෙත් ඒකනෙ.

    සනී (sb14), පල්සර්, වින්ග්රෝඩ්, බ්ලූබර්ඩ් වගේ කාර් වල ඩීසල් එන්ජින් ආපුවයෙ ගොඩක් ආවෙ ඔය සීරීස් එකේ එන්ජින්. ඕව ලෙඩ මරාල...
    එයා ක්ලීනර් සුද්ද කරා කියලත් හරි යයි කියලනං හිතන්න අමාරුයි... හරියට ඔයිල් මාරු කරල, හීට් කරන්න දෙන්නෙ නැතුව මල් වගේ පාවිච්චි කරන්න ඕනෙ...

    Ld සීරීස් එක, td සීරීස් එක එහෙම එන්ජින් හොඳයි....
    වැනට්, ලාගෝ, කැරවන් වගේ වාහන වල ආපු එන්ජින් ඒව...
     
    • Like
    • Love
    Reactions: NRTG and YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම පාවිච්චි කරල නෑ. හැබැයි මාත් ගන්න හිටපු නිසා ඔය ගැන හොයල තියෙනව....

    ඕකෙ කතන්දරේ කියන්නෙ,
    1995ට පස්සෙ ආපු fx2 කියන මොඩ්ල් එක තමයි හොඳ මට්ටමක තියෙන්නෙ. ඊට කලින් ආපු ඒවයෙ ඔය කියන හීට් ප්‍රශ්න, පුලිං පවර් මදි ප්‍රශ්න එහෙම ඇවිත් තියෙනව...

    ඕකෙ ඩීසල් මොඩ්ල් වලට එන්නෙ cd20 එන්ජිම.
    ඒකෙනුත් fx 2 එකට එන්නෙ cd20et කියන අප්ග්‍රේඩඩ් ටර්බෝ එන්ජිමක්. ඒක නිසා උඩ කියපු ප්‍රශ්න ඕකට අදාල වෙන්නෙ නෑ කියල තමයි මමනං අහල තියෙන්නෙ....
    ඊට අමතරව fx 2 එකට පවර් ඔප්ශන් වලට අමතරව ඩුවල් ac, කොයිල් ස්ප්‍රිං, ඔටෝ ඩෝ වගේ ඔප්ශන් ගොඩක් එනව....
    ඒනිසා සෙරීන වලින් මාකට්ම මොඩ්ල් එක ඕක......

    ඉතිං අපේ අයියල කරන්නෙ, vx වගේ මොඩ්ල් එකකට fx එකේ නිවු ෆේස් එකයි, පස්සෙ දොරයි තියල විකුණනව....
    හැබැයි ටර්බෝ එන්ජිම ඇතුලු අනෙක් ඔප්ශන් වලින් ඔර්ජිනල් fx2 එක හොයාගන්න පුලුවන්....

    Cd20 එන්ජිමේ තව අවුලක් තියෙනව..., ඕකෙ එන්ජිම අනික් වාහන වලට සාපේක්ශව ඉක්මනට ගෙවෙන්න බලනව...
    ඒ වගේම හීට් කරල ගෑස්කට් ගියොත් al හෙඩ් එක ඇද ගහන්න බලනව ඊට පස්සෙ ඕක ෆේස් කරල ගොඩදාන එකත් කරන්න අමාරුයි...... දන්න විදිහට ඒ අවුලනං cd20et2 එන්ජිමටත් අදාලයි...
    පට්ට
     
    • Love
    Reactions: PHBhagya