ඔසී education for mature student

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔසී පනින්නට වෙර දරන සුවහසක් මැචුවර් කරි චිකන් කුකුළන් වෙත පුදමි 😁

    ඔස්ට්‍රේලියාවට එන්න ලේසිම ක්‍රමයක්......

    වයසින් ටිකක් වැඩි එහෙම නැත්නම් පිලිවෙලට මුලික උපාධියක් නැති කෙනෙක්ට ඔස්ට්‍රේලියාවෙ අධ්‍යාපනය සදහා එනවනම් තියන ලේසිම ක්‍රමයක් තමා සංචාරක වීස එකකින් ඇවිත් ස්ථිර පදිංචියක් හදාගන්න පුලුවන් ට්‍රේඩ් කෝර්ස් එකක් නැත්නම් අවුරුදු දෙකක විතර සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාටමාලාවක් මෙහෙ කොලේජ් එකක කරන එක.සල්ලි ටිකක් වැඩිපුර තියන කෙනෙක්නම් අවශ්‍යනම් යුනිවර්සිටි එකකට උනත් යන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතුව.

    ඔස්ට්‍රේලියාව කියන්නෙ කොහොමත් අධ්‍යාපනය ලෝකෙ ලොකුම කර්මාන්තයක් කරගෙන තියෙන රටක් නිසා මේකට කිසිම නීතිමය බාධාවකුත් නැහැ. උදාහරනයක් විදියට අවුරුදු 35 ක රැකියාවක් කරන ලාංකිකයෙක් ඩිප්ලෝමා මට්ටමේ පාටමාලාවකට ස්ටුඩන්ට් වීස එකක් ලංකාවෙන් ඇප්ලයි කරොත් බොහෝවිට ඒක ලැබෙන්න තියන ඉඩ අඩුයි නමුත් ඔස්ට්‍රේලියාව ඇතුලට ඇවිත් ඒ දේම කරනවනම් බොහෝවිට ඒක ලැබෙනව.

    අනිත් ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඉල්ලුවොත් ඇරෙන්න කෝටි ගනන් මුදල් පෙන්වන්න අවශ්‍ය නැති එක. Level 1 මට්ටමේ අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගත්ත ඇඩ්මිශන් එකක් පාවිච්චි කරනවනම් බොහෝවිට මුදල් පෙන්වීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

    මෙතන තියෙන්නෙ ඉතාම සරල අවශ්‍යතා ටිකක්. එක් පුද්ගලයෙක්ට අඩුම තරමේ ඔස්ට්‍රේලියානු ඩොලර්ස් 10000ක වත් බෑන්ක් බැලන්ස් එකක් තියනවනම්, ලංකාවෙ ස්ථාවර ආදායමක් තියනවනම් , සේවා ආයතනයෙන් සති කීපයක නිවාඩු අනුමතකරගන්න පුලුවන්නම් ,ඔස්ට්‍රේලියාවේ ඔයාල ආවම නවාතැන් දෙන්න ,ඔයාලව රට බලන්න එක්කගෙන යන්න පුලුවන් මෙහෙ ස්ථාවර උන යාලුවෙක් ඉන්නවනම් ( උදව් කරන බව ලිඛිතව ගන්න) බොහෝවිට කෙනෙක්ට ෆෙයාර් චාන්ස් එකක් තියනව කන්වර්ට් කල හැකි සංචාරක වීස එකක් ලබාගන්න එහෙම උනොත් කරන්න තියන එකම දේ පී ආර් එකක් හදාගන්න පුලුවන් කියල විශ්වාස තැනකට ගිහින් පාටමාලාවකට ලියාපදිංචි වෙලා රට ඇතුලෙදි ඔයාලගෙ ස්ටුඩන්ට් වීස එක ඇප්ලයි කරන්න. සංචාරක වීසා කල් ඉකුත් වෙනකොට ඔයාලට බ්‍රිජින් වීස එකක් ලැබෙනව ශිශ්‍ය වීසාවක් ලැබෙනකම් රට ඇතුලේ ඉන්න....

    මේකෙ තියන ප්‍රධානම අවාසිය විසිට් වීස එක ස්ටුඩන්ට් වීස එකකට කන්වර්ට් කරනකම් රස්සාවක් කරන්න බෑ. ඒ නිසා මෙහෙ උදව් කරන්න පුලුවන් යාලුවෙක් නැත්නම් මාස කීපයක් ජීවත්වෙන්න අතේ සල්ලි තියෙන්නම ඕනෙ.අනිත් කාරනාව ඉහත සුදුසුකම් ඔක්කොම තිබිලත් ඔයාලට 8503 කන්ඩිශන් එකත් එක්ක එහෙම නැත්නම් No furthur Stay condition එකත් එක්ක වීසා එකක් හම්බවෙන්න පුලුවන්. එහෙම උනොත් ඉතින් ඇවිත් ආපහු යන්න වෙනව. නමුත් තමන්ගෙම සල්ලි පෙන්නනවනම් එහෙම වෙන්නෙ ඉතාම කලාතුරකින්......

    අනිත් දේ තමා සංචාරක වීසා එක නොලැබෙන්න පුලුවන්. එහෙම වුනොත් ඉතින් වෙන ඔප්ශන් එකක් බලන්න ඕනෙ....

    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට ශිශ්‍ය වීසාවකින් එන්න අපහසුයි කියල හිතෙන ,මිලියන ගානක් සල්ලි පෙන්නන්න මුදලුත් නැති , ලංකාවෙ ස්ථාවර ආදායමක් තියන කෙනෙක්ට මේක හොද සහ ඉක්මන් ඔප්ශන් එකක් වෙන්න පුලුවන්...

    මේ දේට ඇත්තටම ඒජන්ට් කෙනෙක් අවශ්‍යම නෑ. විසිට් වීසා ( subclass 600) ගැන Australian Immigration සයිට් එකෙන් සියලු විතර දැනගන්න පුලුවන්.

    පලි : ඒජන්ට් කෙනෙක් ඕනෙමනම් අපිට කරන්නත් පුලුවන් .නමුත් අපි තෝරගන්නෙ වීස එකක් ලැබෙන්න වැඩි ඉඩක් තියනව කියල අපි හිතන අය විතරයි...

    පපලි : මේ ක්‍රමය ඇත්තටම ගැලපෙන්නෙ අධ්‍යාපනය සදහා එන්න බැරි මැදි වයස් වල අයට. ජීවිතේ අලුතෙන් පටන් ගන්න පොඩි ලමයින්ට මේක කරන්න අවශ්‍ය නැහැ.කොහෙ හරි පිලිවෙලට ඉගෙනගෙන රැකියාවක් කරල සංක්‍රමණය වෙන එක හෝ පශ්වාත් උපාධියකට එන්න බලන එක තමා හොදම දේ. ...
    -උපුටා ගැනීමකි-😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    ඔස්ට්‍රේලියාවෙ අධ්‍යාපනය සදහා එනවනම් තියන ලේසිම ක්‍රමයක් තමා සංචාරක වීස එකකින් ඇවිත් ස්ථිර පදිංචියක් හදාගන්න පුලුවන් ට්‍රේඩ් කෝර්ස් එකක් නැත්නම් අවුරුදු දෙකක විතර සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාටමාලාවක් මෙහෙ කොලේජ් එකක කරන එක.

    අන්න ඒක කරන හැටිත් උපුටා ගත්ත එකාගෙන් අහල කියහන්කො.
    මොකද අපි දන්න සංචාරක වීස එකෙන් නං ඕව කරන්න බෑ. උපරිම මාස 3 තමයි study පුලුවන්.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    NO further stay condition eka wadinne natte harima kalaturakin ban

    අන්න ඒක කරන හැටිත් උපුටා ගත්ත එකාගෙන් අහල කියහන්කො.
    මොකද අපි දන්න සංචාරක වීස එකෙන් නං ඕව කරන්න බෑ. උපරිම මාස 3 තමයි study පුලුවන්.
    මුන් මේ කියන්නේ ඈවිල්ලා කෝස් එකක් සෙට් කරන් ස්ටුඩන්ට් වීසා දාන්න කියලා. ඒකට ඉතින් එක no further stay නොවෑදී තියෙන්න ඕනේ.. රනිලා එක පුටුවෙන් ජනාධිපති වුනා වගේ සීන් එකක් තමා ඉතින්.. ලේසි නෑ.
    ------ Post added on Apr 23, 2023 at 1:02 PM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    NO further stay condition eka wadinne natte harima kalaturakin ban

    ඔය තරුණ අයට නං ඕක නැතුව කීයටවත් දෙන එකක් නෑ.
    මගේ නැන්දම්ම ආව එයාට no further stay condition එක වැදුනෙ නෑ.

    NO further stay condition eka wadinne natte harima kalaturakin ban

    මුන් මේ කියන්නේ ඈවිල්ලා කෝස් එකක් සෙට් කරන් ස්ටුඩන්ට් වීසා දාන්න කියලා. ඒකට ඉතින් එක no further stay නොවෑදී තියෙන්න ඕනේ.. රනිලා එක පුටුවෙන් ජනාධිපති වුනා වගේ සීන් එකක් තමා ඉතින්.. ලේසි නෑ.
    ------ Post added on Apr 23, 2023 at 1:02 PM

    ow lottery adenawa wage ewa karanna kiyanne.
    ------ Post added on Apr 23, 2023 at 1:03 PM
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔය තරුණ අයට නං ඕක නැතුව කීයටවත් දෙන එකක් නෑ.
    මගේ නැන්දම්ම ආව එයාට no further stay condition එක වැදුනෙ නෑ.

    ow lottery adenawa wage ewa karanna kiyanne.
    ------ Post added on Apr 23, 2023 at 1:03 PM
    owu. mageth cousin kekenk ge ammata set wuna. wayasa 80 i. eya ekka apu 45-50 ewunta condition eka dala tibba
     
    • Like
    Reactions: shenat

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,351
    1
    50,917
    113
    ප*යාගල
    sorry.com
    මෙතන තියෙන්නෙ ඉතාම සරල අවශ්‍යතා ටිකක්. එක් පුද්ගලයෙක්ට අඩුම තරමේ ඔස්ට්‍රේලියානු ඩොලර්ස් 10000ක වත් බෑන්ක් බැලන්ස්
    21 LAKS = ඉතාමත් සරල මුදලක්
    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට ශිශ්‍ය වීසාවකින් එන්න අපහසුයි කියල හිතෙන ,මිලියන ගානක් සල්ලි පෙන්නන්න මුදලුත් නැති , ලංකාවෙ ස්ථාවර ආදායමක් තියන කෙනෙක්ට මේක හොද සහ ඉක්මන් ඔප්ශන් එකක් වෙන්න පුලුවන්...
    21 LAKS = 2 Million
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    වයස අසූවක් උන මගේ ලොකු අම්මාටයි මහප්පටයි ත් 8503 එක්ක තමයි ලැබුනේ. ලංකාවෙන් (ලංකාවෙන් විතරක් නොවෙයි, තුන්වෙනි ලෝකේ රටවල් හැම එකකින්ම) visit visa ඉල්ලන වයස අඩු අයට එක්කෝ විසා දෙන්නේ නැහැ. දුන්නත් දෙන්නේ no further stay එක්කයි. මේ තියෙන්නේ ඒ විසා එකේ conditions ටික.

    visa.png
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    වයස අසූවක් උන මගේ ලොකු අම්මාටයි මහප්පටයි ත් 8503 එක්ක තමයි ලැබුනේ. ලංකාවෙන් (ලංකාවෙන් විතරක් නොවෙයි, තුන්වෙනි ලෝකේ රටවල් හැම එකකින්ම) visit visa ඉල්ලන වයස අඩු අයට එක්කෝ විසා දෙන්නේ නැහැ. දුන්නත් දෙන්නේ no further stay එක්කයි. මේ තියෙන්නේ ඒ විසා එකේ conditions ටික.

    View attachment 203299
    මගේ කසින්ගේ අම්මාගේ ඒ කන්ඩිශන් එක නෑ. හෑබෑයි එයත් එක්කම ආපු අයියයි අක්කයිට නම් 8503 වෑදිලා කිව්වා
     
    • Like
    Reactions: 1sam