අනේ මන්දා බං
මමත් තනියම ඉන්නේ.ඒත් ඒක මට දැනෙන්නේ නෑනේ බං
මාර අවුලක් බං ඒක.
ඒක නොදැනෙන්න මොකක් හරි හේතුවක් ඇති. සමහරවිට යාලුවො පවුලෙ අය නිසා ඒ අඩුව නොදැනී යනව ඇති. අනේ මන්දා හිතාගන්න බෑ
ඕවා ඔහොම තමයි බං!
තනිකඩ එවුන්ට දුක හිතෙනවා කපල් දැක්කහම!
කපල් වෙලා ඉන්න එවුන්ට ඉරිසියා හිතෙනවා තනිකඩ එවුන්ව දැක්කහම!
තමන්ට නැති දේටනේ හැම එකාම ආසා කරන්නේ!
කිව්වත් වගේ එහා ඉවුරෙ තණකොල වගේ තමා. හැබයි අවශ්‍යතාවක් දැනෙන දෙයක් ලබාගන්න උත්සාහ කරන එක වරදක් නෑ. ඉස්සර වගේ හිත එහා මෙහා පනින්නෙ නෑ දැන්. හරි තැනකට හරි දේකට සෙට්ල් උනොත් වෙනස් වෙන්නෙ නෑ ලේසියට
Such is life ban. උබ හිතනවද උබට කෙල්ලෙක් හිටියා කියලා ඔය තනිකම යයි කියලා. තාවකාලිකව උබ සතුටෙන් ඉදියි. ඊට පස්සේ උබට හිතෙන්න ගන්නවා අනේ මට මේක තිබ්බා නම් සතුටින් ඉන්න තිබ්බා කියලා ඕක never-ending circle එකක් බන්. සසර කියන්නේ එහෙම තමා. මේ වෙලාවේ උබ ලග තියෙන දේවල් වලින් සතුටු වෙන්න බලපන්. මේ මොහොතේ ජීවත් වෙයන්.
උඹ කියන කතාව හරි. ඒත් එහෙම සෑහීමකට පත් නොවෙන ගුණය නිසා නේද මිනිස් සිත මේ තරම් දුර ගිහීන් තියෙන්නේ? අස්සයා ගොනා පිටේ යන කාලෙ මිනිස්සු වාහන මොකටද වාහන හැදුවට පස්සෙ උඩිනුත් යන්න ඕන වෙයි කියල හිතුවනම් අද ලෝකෙ ප්‍රවාහනය කොයි වගේ තැනක තියෙයිද? මහණ වෙන්නෙ නැත්නම් දිවිනහගන්නෙ නැත්නම් මිනිහෙක්ට තියෙන්න ඕන ඒ සෑහීමකට පත් නොවෙන ගතිය. මන්දා මගේ අදහස නම් ඒකයි මචං.
Ganunge mole hoda na. Mama kamathi dan inna tiktok kali wage gon fashion kellinta newe. Hoda professional hoda business minded kellek nm ok
ඔව්. 2000න් පස්සෙ උන් නෙමෙයි අපේ වයස් වල උනුත් ඔහොම ෆැන්ටසි වල ඉන්නේ. එලියෙන් හොඳට හිටියට ඇතුලෙන් ට්‍රැක පැනපු පිස්සු මගුල්. ජීවිතේ දිහා සීරියස්ලි බලන කෙල්ලෙක් නොවෙයිනම් වැඩක් නෑ.
ane dn game gahanna mood ekak na bn. mokada manda ekata thibba interest eka adui.
------
Post added on Jun 21, 2023 at 2:01 AM
උබට 27 දිම ඔහොම ෆීලීන්ග්ස් එනවා නම් අනිවාර්යයෙන් ම බැදපන්.
නැත්තම් උබට 35 වගේ වෙද්දි සමහරවිට ඊට කලින්ම ස්ට්‍රෙස් වැඩි වෙන්න ගනී.
ඩිප්‍රේශන් එන තරමට.
ලොකේ ගැන හෝ කිසිම කෙයා එකක් නැතුව ෆුල්ම ආතල් එකෙ ඉන්න එකෙක්ට නම් සමහරවිට අවුල්ක් වෙන්න්‍ර් නැති වෙඉ.
ඒත් වය්ස ටික ටික යනකොට තමා ඔලුවට එක එක විකාර එන්නෙ.
අවුරුදු 40ක් 50ක් එහා ජිවීතේ ගැන කල්පනා කරපන්.
ඔව් බං. තව අවුරුදු 50ක් නම් අපි ඉන්න එකක් නෑ. හැබැයි නාකි වෙද්දි නිසි කලට කල යුතු දේවල් නොකරගෙන පසුතැවෙන්න අවශ්ය නෑනේ. දැනටම මට මිස් උන චාන්ස් ගැන පසුතැවෙනව මම. කෙල්ලො ගැන විතරක් නෙමෙයි ජීවිතේ ගැනම. කාලෙ යනවා විදුලි වේගෙන්. වයස යනවා සට සට ගාල. 30 35 40 වෙන්නෙත් මෙහෙමම නොදැනී තමයි. ඒ වෙද්දි පසුතැවෙන්න දේවල් කර නොගන්න මේ කාලෙදි හොඳම තීරණ ගන්න ඕන කියලා හිතනවා.
------
Post added on Jun 21, 2023 at 2:14 AM