උඩරට බස්

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    මම දැකලා තියන දෙයක් තමයි ගොඩක් නුවර, මාතලේ, ගම්පොල, බදුල්ල පැත්තේ ටාටා බස් සෑහෙන්න තියනවා. විකුණන්න තියන ඇඩ් එකක් බැලුවත් ටාටා බස් එකක් නම් ඒ පැත්තේ. මේකට විශේෂ හේතුවක් තියනවද? ලේලන්ඩ් බස් වලට වඩා ටාටා බස් ගන්නෙ ඒ පැතිවලට ඒ බස් ගැලපෙන හේතුවක් තියනවද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    ලේලන්ඩ් වල කදු වල ගියර් වැටෙන්නෙ නෑ වෙලාවකට ඩ්‍රයිවර් බස් එක නතර කරල 1 ඉදන් පටන් ගන්නව යන ගමන් ගියර් අඩු කරන්න අමාරුයි. දැන් නම් අලුත් එවගෙ අවුලක් නැතුව ඇති. මම අවුරුදු 15කට විතර කලින් ඔවගෙ ගියා ඉස්කොලෙ කාලෙ. පස්සෙ ආව ලේලන්ඩ් නම් හොදයි මම හිතන්නෙ එවගෙ සද්දෙත් අඩුයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලුණු වතුර හින්දා නුවර,මාතලේ පැත්තේ වගේ ඒවා ඉක්මනින් මලකඩ කනවා. ගාල්ල,මාතර,කොලබ වගේ පැති වල ඒවා වගේ නෙවේ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඉස්සර ලංගම විතරක් තියන කාලේ, උඩරට ඩිපෝ වලට තිබුනේ Mercedes Benz. 352 සහ 1113 වගේ මොඩල් තිබුනේ. ඊට කරුණු කිහිපයක් හේතු වුනා. බෙන්ස් වාහන කඳු අදින්න හොඳ වීමත්, පොඩි turning circle එකක් තිබීමත්, Exhaust brake තිබීමත් තමයි මූලිකම කරුණු. ඒවායේ කොලිටි එක ගැන එහෙම කියන්න උවමනා නැහැනේ.

    ඉන්පසුව රට "දියුණු" වෙලා, බෙන්ස් වලට වියදම් කරන්න බැරි වෙනකොට, ඉන්දියාවෙන් ටාටා බෙන්ස් ගෙනාවා. මට මතක ඇති කාලෙත් ටාටා තිබුනේ බෙන්ස් ලෝගෝ එක සහිතවයි. සද්දෙයි දුමයි විතරක් උනත්, ටාටා එකත් benz සමාගමේ under licence එකක් නිසා ඉහත කියූ ගුණාංග යම් තරමකට තිබුනා. විශේෂයෙන් ලේලන්ඩ් වලට සාපේක්ෂව පොඩි turning circle එකක් තිබීම, Exhaust brake තිබීම කඳු රටට වාසිදායක උනා.

    මේ හේතු නිසා තමයි උඩරට ටාටා ජනප්‍රිය උනේ. දැන් නම් ඉතිං හැම ජාතියක්ම හැම තැනම තියනවානේ.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    කතාවක් තියෙනවා Layland කඳු හොරා කියලා. කඳු වලට TATA හොඳයි තැන්නට Layland හොඳයි.
    කඳු වලට TATA හොඳ උනාට තැන්නට සෙට් නෑ. තැන්නට Layland ඉතින් යකා වගේ තමයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හැබැයි 2015 න් පස්සේ වගේ ඒ trend එක නැති උනා. Tata, eicher Bus නම් කඩුගන්නාව කන්ද එහෙම හොඳට අඳිනවා වගේ.
    ඒ අලුත ආපු ලේලන්ඩ් වල ටර්බෝ charger එක අව. කඩුගන්නාව එහෙම අදිනවා සුපිරියට