උඩරට බස්

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම දැකලා තියන දෙයක් තමයි ගොඩක් නුවර, මාතලේ, ගම්පොල, බදුල්ල පැත්තේ ටාටා බස් සෑහෙන්න තියනවා. විකුණන්න තියන ඇඩ් එකක් බැලුවත් ටාටා බස් එකක් නම් ඒ පැත්තේ. මේකට විශේෂ හේතුවක් තියනවද? ලේලන්ඩ් බස් වලට වඩා ටාටා බස් ගන්නෙ ඒ පැතිවලට ඒ බස් ගැලපෙන හේතුවක් තියනවද?
    ඉස්සර ටාටා බස් කඳු වල යන්න හොදයි ලේයිලන්ඩ් වලට වඩා. මීට අවුරුදු 10 අට වගේ පෙර ලංකා අශෝක් ලේයිලන්ඩ් බස් වල ඩබල් ක්ලච් තිබ්බේ. ඒ නිසා ගියර් දාන එකත් කරදරයි. කඳුකරයේ ලේයිලන්ඩ් බස් ධාවනය කරද්දී හරි හැටි ගියර් වැටෙන්නේ නැතුව බස් එක පාලනය කරගන්න බැරුව පහලට පෙරලිලා අනතුරු එහෙමත් සිදු උනා. ඒ කාලෙත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තමයි ග්‍රාමීය ප්‍රදේශ වල වැඩියෙන් පොදු ප්‍රවාහනය සිදුකරේ. ඉතින් ලංගමය සිරිතක් විදියට උඩරට ග්‍රාමීය ප්‍රදේශ වලට ටාටා බස්, ලටෙක් බස්, කහකුරුල්ලා යොදා ගත්තා. ඒ ඩිපෝ එකේම තියෙන ලංකා අශෝක් ලේයිලන්ඩ්, ඩිමෝ බස් තැනිතලා ධාවනයට ගත්තා. කොහොම උනත් ටාටා බස් කඳු වල අදිනවා උනාට ඒවායේ බ්රේක් අහන්නේ නැති ගැටළුවක් තිබ්බා. ලේයිලන්ඩ් වල නං බ්රේක් හොදටම හොදයි. දැනටත් කතාවටත් කියන්නේ බ්රේක් හොදටම තියෙන වාහනය ලේයිලන්ඩ් බස් එක කියලනේ.

    දැන් නං ලේයිලන්ඩ් බස් වල සින්ක්‍රෝමැක්ස් ගියර් බොක්ස්, ටර්බෝ ඉන්ටකුලර් ඩීසල් එන්ජිම, වයිකින් හෝ රූබි බොඩිය සහිතව එන්නේ. ඒ නිසා කලින් ගැටළු නැහැ. ඒ හින්ද උඩරට සීත කඳුකරයේ ටාටා, ලංකා අශෝක් ලේයිලන්ඩ් බස් සමෝසමේ සේවයේ නිරත වෙනවා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,625
    3,498
    113
    පරන ආපු ලේලන්ඩ් වල තිබ්බේ ටයිමින් ගියර්. ක්ලච් එක දෙපාරක් පාගන්න ඕනි 2nd ගියර් එකේ අදිනවා හොරයි