ඉස්සර ලංගම විතරක් තියන කාලේ, උඩරට ඩිපෝ වලට තිබුනේ Mercedes Benz. 352 සහ 1113 වගේ මොඩල් තිබුනේ. ඊට කරුණු කිහිපයක් හේතු වුනා. බෙන්ස් වාහන කඳු අදින්න හොඳ වීමත්, පොඩි turning circle එකක් තිබීමත්, Exhaust brake තිබීමත් තමයි මූලිකම කරුණු. ඒවායේ කොලිටි එක ගැන එහෙම කියන්න උවමනා නැහැනේ.
ඉන්පසුව රට "දියුණු" වෙලා, බෙන්ස් වලට වියදම් කරන්න බැරි වෙනකොට, ඉන්දියාවෙන් ටාටා බෙන්ස් ගෙනාවා. මට මතක ඇති කාලෙත් ටාටා තිබුනේ බෙන්ස් ලෝගෝ එක සහිතවයි. සද්දෙයි දුමයි විතරක් උනත්, ටාටා එකත් benz සමාගමේ under licence එකක් නිසා ඉහත කියූ ගුණාංග යම් තරමකට තිබුනා. විශේෂයෙන් ලේලන්ඩ් වලට සාපේක්ෂව පොඩි turning circle එකක් තිබීම, Exhaust brake තිබීම කඳු රටට වාසිදායක උනා.
මේ හේතු නිසා තමයි උඩරට ටාටා ජනප්‍රිය උනේ. දැන් නම් ඉතිං හැම ජාතියක්ම හැම තැනම තියනවානේ.