චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලංකාවට එන් නෑ කියල සීන් එකක් නෑ බං. අපේ උන් සීනි කිලෝ එකක්වත් නැත්තන් කන්නෙ නෑ. මං චොකලට් වගයක් ගෙනත් තිත්ත ඒව ගෙනාව කියල මැරෙන්න හැදුව
    ඔය සීන් එක මටත් වෙලා තියනවා ..අපේ උන් මාර විදියට සීනි රස හොයනවා..ඔය යුරෝපේ එහෙම දොඩම් යුශ එකක් බිව්වොත් ඒක ඒ වෙලාවේ මිරිකලා ගන්නේ..සාමාන්‍යයෙන් තිත්ත රසක් තියෙන්නේ..අපිට පුරුදු හෙනම පැනිරසට බීලනේ..චොකලට් එහෙමත් සමහර තිත්ත චොකලට් තියනවා..ඒවා එහේ ජනප්‍රියයි..අපේ උන් හිතන්නේ චොකලට් කිව්වම පැණිරස වෙන්නම ඕනි කියලනේ..

    Europe, america එහෙම choco ගොඩක් quality, කොටින්ම කියනවා නම් russia වලත් chocolate මීට වඩා quality. අපි chocolate, biscuit කියලා කන්නේ ලැතර බං..
    ☹️
    පව් මචන් ලංකාවෙ මිනිස්සු. කිසිදේක ආතල් එක නොදැන මැරිල යනව.
    ඕකට පව් කියන්නත් බෑ බන්..මාත් ඕක කල්පනා කරා..මිනිස්සුන්ගෙම වැරැද්ද තියෙන්නේ බන්..රටේ බහුතරය අඩුම ඉන්ටර්නෙට් එකෙන්වත් ලෝකේ අනික් රටවල විදිය කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද එහේ දේශපාලකයෝ කොහොමද මුකුත් බලන්නේ නෑ..ලෝකේ ගැන මෙලෝ දෙයක් ඉගෙන ගන්නේ නැතුව ඔහේ ගිහින් කොහෙහරි ඉන්න තක්කඩියෙකුට චන්දේ දෙනවා ලැට් පෝච්චියටයි ටකරමටයි රස්සාවටයි..ඊට පස්සේ රටකට වත් පැනගන්න නෑනේ කියලා හූල්ලනවා..
    ------ Post added on Sep 19, 2022 at 3:57 PM

    සිරා කතාව. ඩුබායි වල ගොඩාක් ඔය Toblerone එහෙම එන්නේ Turkey වල ඉදන් මන් දන්න විදියට. මොකද මෙහේ ඔරිජිනල් Swiss ඒවා ගනන්....
    එහෙමද මචන්..මාත් ඩුබායි මෝල් එකෙන් චොකලට් ගත්තා..ඒත් අර තරම් කොලිටි නෑ තමයි...
    ------ Post added on Sep 19, 2022 at 3:58 PM
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    චොක්ලට් විතරක් නෙමෙයි...සෙල්ලම් බඩුවක් උනත් යුරොප් කොලිටි වෙනස්..ස්ටැන්ඩර්ඩ් එකක් තියනව ce මේ වගේ ලෝගෝ එකක්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේක මම ලගදි අත්දැකපු සිද්දියක්..කවුරුත් කියල තියනවා දැකලනම් නෑ කොහෙවත් මේ ගැන කලින්.මේ කියන්න හදන්නේ අපේ රටේ හදන චොකලට් ගැනනම් නෙමෙයි.මෙහේ හදන චොකලට් ගැන අපි කතා නොකර ඉමු..මොකද ඒවා සීනි කලවම් කරලා කෙමිකල් ගහලා හදන ඒවා බව කවුරුත් දන්නවනේ...

    මම සංචාරක ආයතනයක වැඩ කරන්නේ..නිතර ඔය ලන්කාව වටේ තියන රටවලට යන්න සෙට් වෙනවා..මම ඩුබායි වලින්..සින්ගප්පූරුවෙන්..තායිලන්තයෙන් නිතරම ගියාම ඔය ටොබ්ලරොන් ..මාර්ස්.අනම් මනම් චොකලට් අරන් එනවා..ඔයාලත් ඔය රටවල් වල ඉන්නවනම් අරන් කාලා ඇති නැත්තම් ඔය රටවල ඉන්න අය ගෙනත් දීලා ඔය ටොබ්ලරොන් .මාර්ස් වගේ චොකලට් ඕනිතරම් කාලා ඇති...

    මම මේ ලගදි..ජීවිතේ පලවෙනි වතාවට ස්විට්සර්ලන්තයට ගියා..ගිහින් එහෙදි ඔය ටොබ්ලරොන් සහ මාර්ස් චොකලට් අරන් ආවා..ඒවා මේ ආසියානු රටවල් වල විකුණන ඒවට වඩා මාරම රහයි..ටොබ්ලරොන් උනත් අර කලු පැකට් එකේ තියන මාර්ස් චොකලට් එක පැක් එක එකමයි හැබැයි ඇතුලේ තියන චොකලට් එක නියම ස්විස් එකනම් අතට අරන් ටික වෙලාවකින් දියවෙනවා රස්නේ දවසක් නම් ..අම්මෝ ඒකේ තියන රස..සීනි පැනිරසක් නෙමෙයි ඒවගේ එන්නේ..නිකම් කිරිත් එක්ක මික්ස් වෙච්ච අමුතුම රහක්..ඔය ස්විට්සර්ලන්තෙන්ම අපි කෙලින්ම ගන්න චොකලට් වල පැහැදිලිවම පේන රස වෙනසක් තියනවා..අපි ඩුබායි සින්ගා අනම් මනම් රටවලින් ගත්තත් ඒ කොලිටිය නම් මම හිතන්නේ හම්බවෙන්නේ නෑ..මොකද මේක මට මීටර් උනේ මම හැම රටකින්ම චොකලට් කාපු එකෙක් හින්දා..පොඩිකාලේ ඉදන්ම ජීවිතේටම චොකලට් කියන්නේ මොනවද කියලා මම දැනගත්තේ ඒ ස්විට්සර්ලන්තේ චොකලට් කාපු දවසේ.මට නවත්ත ගන්න බැරුව මාර විදියට ඇබ්බැහි වෙලා වගේ චොකලට් කෑවා සතියක් විතර.මම ඉස්සර හිතන් හිටියේ අපි ඩුබායි වලින් එහෙම ගත්තත් අපිට ඒ ස්විස් කොලිටි එකේ එකම හම්බෙනව කියලා..නමුත් කෙලින්ම ස්විට්සර්ලන්තේ චොකලට් කෑවට පස්සේ තේරුනා කිසි රටකින් ඒකම නම් ගන්න බැරි බව..

    මට ඔය එංගලන්තය ඇමරිකාව වගේ රටවල ඉන්න යාලුවොත් කිව්වා ඔය ඒශියන් රටවලට හදන චොකලට් වෙනස් කියලා..මම මේ කියන කතාව ගැන අදහසක් කියන්න මේ කිරියෙත් ඉන්නවනේ ඔය රටවල ඉන්න අය..ඔයාලට එහෙම දැනිලා තියනවද..අනික මම ලන්කාවේ ඉන්න චොකලට් කන්න ආස අයට කියන්නේ යන එන අය කෙලින්ම ස්විට්සර්ලන්තෙන් චොකලට් ගන්න..යන්න බැරි අය ඔය ස්විට්සර්ලන්තේ ඉන්න යාලුවෙකුට කියන්න ඒ රටින්ම අරන් චොකලට් ටිකක් එවන්න කියලා..ඔය ප්‍රංශය ජර්මනිය වගේ රටවල නම් කොහොමද දන්නේ නෑ චොකලට් වල රස..ස්විස් එකමද දන්නේ නෑ තියෙන්නේ.සමහරවිට යුරෝපය ඇතුලේ ඔක්කොම එකම කොලිටි වෙන්න ඇති.කොහොමහරි ස්විස් ඉන්න එකෙකුට කියලා ගෙන්නගෙන හරි කාලා බලන්න..චොකලට් කියන්නේ මොනවද කියලා තේරෙයි..

    අනික් කාරණය ලන්කාවේ තියන චොකලට් බිස්කට් වගේ එකක් මම එහෙන් ගෙනාවා..ඒකේ මැද තියන ක්‍රීම් එක අතේ ටික වෙලාවක් තියාගෙන හිටියොත් අතේ රස්නෙට ඇලෙන්න ගන්නවා....මෙහේ ඒවගේ කොහොමද ..බදාම දාලා ගල් දෙකක් එකට ඇලෙව්වා වගේනේ.. ඉතින් රටින් රටට මේවගේ කෑම වෙනස්..නියම බිස්කට් එකක්..චොකලට් එකක් ලන්කාවේ අපිට කීය දීලවත් කන්න නැති එක ගැන ගොඩක් දුකයි..

    ඔය අඩියක් දිග ටොබ්ලරොන් බාර් එක මම ස්විට්සර්ලන්තේ ගත්තේ ලන්කාවේ සල්ලි වලින් රුපියල් 3600 ක් වගේ...මේ අලුත් ඩොලර් රේට් එකට..(370) ගානේ..මෙහේ ඕක තිබ්බත් ඊට වඩා ගනන් මම හිතන්නේ..View attachment 184598
    සමාජවාදී එවුන් ධනවාදී චොකලට් කන අරැමෙ
     
    • Like
    Reactions: NRTG

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    ඔය ඒ රටෙ කාමර උෂ්නත්වයෙදි අතේ තියන් ඉද්දි දියවෙන කෑමක් මෙ රටේ රස්නෙත් එක්ක කඩේක විකුණන එක ප්‍රයෝගිකද?
     
    • Like
    Reactions: eksudda

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    උපාලි විජයවර්ධනගේ සමාගම්වල පැණිරස කෑම අද ලංකාවේ නිෂ්පාදන වලට වඩා ගොඩක් හොඳයි. මට නම් කන්න ලැබිලා නෑ. ඒ කාලයේ ඒවා විකුණලා තියන ගුණත්‍වයේ හැටියට සහ නිදර්ශනවල හැටියට හිතාගන්න පුළුවන්. ඒ පුද්ගලයාව මැරුවනේ. :confused2:
    දැනට ඉතිරිවෙලා තියන සමාගමෙන් හදන චොකලට්වල රස හැමෝම දන්නවනේ.
     
    Last edited:

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,384
    1,984
    113
    y2wtko1d5klu3k9kw.jpeg

    ලංකාවේ අපිට චොකලට් පාටට තියෙන, එකම වින්දනේ..
    ස්විස් චොකලට් පරාදයි මේකේ තියෙන පැණි රසට, දිය වෙන ගානට, නියම චොකලට් පාටට..
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ලංකාවේ අපිට චොකලට් පාටට තියෙන, එකම වින්දනේ..
    ස්විස් චොකලට් පරාදයි මේකේ තියෙන පැණි රසට, දිය වෙන ගානට, නියම චොකලට් පාටට..
    ඔය චොකලට් එකට හූල්ලන්න ඕන නැහැ. කිතුල් හකුරු කෑල්ලක් කාපං. ඔය හැමදේකටම වඩා හොඳයි. කිතුල් හකුරු එක වර්ගයක් කාමර උෂ්ණත්‍වයට දියවෙනවා. තවම ඔය කර්මාන්තය ඇනෙන තරමට කෙළවිලා නෑ. තව ලංකාවේ සරලව හදන පැණිරස කෑම ගොඩක් තියනවා. හොඳ රහට හදන තැන්වලින් හොයාගෙන කන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට පව් කියන්නත් බෑ බන්..මාත් ඕක කල්පනා කරා..මිනිස්සුන්ගෙම වැරැද්ද තියෙන්නේ බන්..රටේ බහුතරය අඩුම ඉන්ටර්නෙට් එකෙන්වත් ලෝකේ අනික් රටවල විදිය කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද එහේ දේශපාලකයෝ කොහොමද මුකුත් බලන්නේ නෑ..ලෝකේ ගැන මෙලෝ දෙයක් ඉගෙන ගන්නේ නැතුව ඔහේ ගිහින් කොහෙහරි ඉන්න තක්කඩියෙකුට චන්දේ දෙනවා ලැට් පෝච්චියටයි ටකරමටයි රස්සාවටයි..ඊට පස්සේ රටකට වත් පැනගන්න නෑනේ කියලා හූල්ලනවා..

    හරියටම හරි. 😍
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,452
    113
    We don't eat chocolate usually... but The chocolates from Switzerland (eg Teuscher), Belgium, France, US are among the top with several other European manufacturers. (Merci, though sounds French is actually German)

    For me the best was the Peruvian chocolates - specially the Dark varieties.... They are the World's largest Cacao producers and makes very good chocolates too.
    eg Cacaosuyo. The four-time winner in the International Chocolate Awards.
    There's a chocolate museum in Cusco town and also you can visit some of the chocolate factories in the Cacao growing areas.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    Matanan okotama wada ritzbury choclate fingers walata asai.:P
    රිට්ස්බරි වෙනම ලෙවල් එකක්. ලංකාවේ චොක්ලට් වලින් ටිකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකක්