දුන් දේ පමනක් ඉතිරි වේ

Naath

Active member
  • Jul 2, 2023
    81
    162
    33
    පින් දීමේන් තව පින් රස් වෙනවා
    බුද්ධ දර්ශනය විකෘති කරන කාලකන්නි ගෑනි මේ උදේ පාන්දර උබට හෙන ගහපන් දවසම කාලකන්නි වෙයන්. පවුලේ කෙනෙක් ගෙ මරණයක් අහන ලැබේවා.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,852
    11,544
    113
    Colombo
    දස පුණ්‍ය ක්‍රියා වස්තු
    ===================
    1. දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය
    2. සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම
    3. භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම
    4. අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම
    5. වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම
    6.ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම
    7. පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම
    8. ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම
    9. ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම


    රැස්කරන එක එවෙයිනේ ඉතින් ඉතිරි වෙන්නේ.
    🥴
    ------ Post added on Jul 25, 2023 at 6:49 AM


    බුද්ධ දර්ශනය විකෘති කරන කාලකන්නි ගෑනි මේ උදේ පාන්දර උබට හෙන ගහපන් දවසම කාලකන්නි වෙයන්. පවුලේ කෙනෙක් ගෙ මරණයක් අහන ලැබේවා.
    ------ Post added on Jul 25, 2023 at 6:59 AM
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    -> සංග සාමාජිකයා --> දන් දෙන්න --> දානේ සුපිරියට ලැබීම --> සංග සාමාජිකයාට සුපිරියට කන්න ලැබීම --
     
    • Haha
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    රැස්කරන එක එවෙයිනේ ඉතින් ඉතිරි වෙන්නේ.
    🥴

    පින් දෙනව කියන්නෙ, තමන්ගේ පිනක් වෙන කාටවත් දෙන එකක් නෙවේ. තමන් කරන කුස්ල කටයුත්තකට තව කෙනෙක් බලල සතුටු වෙන එක..තමන් කරන්නෙ කුසල කටයුත්තක් නිසා, තමන්ට පින් රැස් වෙනව වගේම, එක බලල සතුටු වෙන කෙනාටත් පින් රැස් වෙනව...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    පින් දෙනව කියන්නෙ, තමන්ගේ පිනක් වෙන කාටවත් දෙන එකක් නෙවේ. තමන් කරන කුස්ල කටයුත්තකට තව කෙනෙක් බලල සතුටු වෙන එක..තමන් කරන්නෙ කුසල කටයුත්තක් නිසා, තමන්ට පින් රැස් වෙනව වගේම, එක බලල සතුටු වෙන කෙනාටත් පින් රැස් වෙනව...
    ඕක හරියට තේරුන් ගන්නෙ නැතුව සමහර අය මීම් එහෙමත් හදල තිබ්බ අයිඩී නම්බර් එකට පින් අනුමෝදන් කරන්න කියල 🤷‍♂️
     
    • Haha
    Reactions: ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    ඕක හරියට තේරුන් ගන්නෙ නැතුව සමහර අය මීම් එහෙමත් හදල තිබ්බ අයිඩී නම්බර් එකට පින් අනුමෝදන් කරන්න කියල 🤷‍♂️
    ඉතින් නම කියල පින් අනුමෝදන් කරන එක ගැන කියනව බණ වල.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,852
    11,544
    113
    Colombo
    6.ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම
    7. පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    ඉතින් නම කියල පින් අනුමෝදන් කරන එක ගැන කියනව බණ වල.
    උබට නම කිව්වම මතක් වෙන කෙනා වෙනයි තව කෙනෙක්ට වෙනයි. එතකොට එහෙම අයිඩී සීන් එකක් ඕනි නෑ වෙන් කරගන්න. ඒක යුනික් උබට සාපේක්ෂව. එතකොට පැටලෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට නමත් එක්ක සම්බන්ධයත් කියනවනෙ.
     
    • Like
    Reactions: rawatenna nam epa

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,852
    11,544
    113
    Colombo
    ඉතින් නම කියල පින් අනුමෝදන් කරන එක ගැන කියනව බණ වල.
    මිය පරලොව ගිය ඥාතීන්ට අපි කොහොමද පින් දෙන්නෙ ? මේ සඳහා තමයි ධර්ම දේශනාවක් නැතිනම් දානයක්, කිසියම් පූජාවක් අවසානයේදී අපි කියන්නේ ''අපේ නමින් මිය පරලොව ගිය ඥාතීන් කොහේ හෝ සිටී නම් පින් අරගන්න පුළුවන් තැනක සිටීනම් මේ පින් ගනිත්වා ! පරලොව ආත්මය සුඛිත මුදිත වේවා !''කියලා .

    මෙලෙස පින් දෙනවිට මෛත්‍රී සහගත හිතකින් එලෙස කිව යුතුයි.

    ඇතැමුන්ට මේක ගැටලුවක්. අපි මෙහෙම පින් දුන්න සැණින් මිය ගිය ඥාතීන්ට පින් ගන්න පුළුවන්ද ?

    දවසක් ජානුස්සෝනි කියන බමුණටත් ඔබට වගේම මේ ගැටලුව පැන නැගුණා. බමුණා දවසක් බුදු රජාණන් වහන්සේ මුණ ගැසී මෙහෙම ඇසුවා.

    " බුදු රජාණන් වහන්ස, අපි ලබා දෙන මේ පින් මිය ගිය අයට ලැබෙනවාද ? "

    " ජානුස්සෝනි, සුදුසු තැන දී ලැබෙනවා. නුසුදුසු තැන දී ලැබෙන්නේ නැහැ. "

    මෙය බමුණාට එකවරම අවබෝධ වුණේ නැහැ. එබැවින් මට විස්තර ඇතිව කියා දෙන්න යැයි බුදුරජාණන් වහන්සේගෙන් බමුණා ඉල්ලීමක් කළා.

    " සමහර අය මිය පරලොව ගොස් මරණින් මතුව නිරයේ උපදින්න පුළුවන්. සමහරු දන් දෙනවා. පින් කටයුතු කරනවා. එහෙත් සෝතාපන්න පලයට පත් වන තෙක්ම මරණමංචකයේදී අකුසල කර්මයක් බලවත් වී අපායට වැටෙන්න පුළුවන්. ඔබ කළ කුසල් මැඬපවත්වාගෙන අකුසල් මතු වුවහොත් නිරයේ උපදිනවා. එවන් ඥාතීන්ට අපි මෙහේ දන් දුන්නාට, පින්කම් කළාට පලක් නැහැ. ඒ පින් ඔවුනට ගන්න බැහැ.

    තව කෙනෙක් මිය පරලොව ගොස් අකුසලයක් බලවත් වී තිරිසන් අපායේ උපදිනවා විය හැකියි. ඒ මිය ගිය තැනැත්තාගේ ඥාතීන් "අනේ අපේ ඥාතියා මිය ගොස් දැන් දවස් හතයි. තුන් මාසයයි. අවුරුද්දයි." කිය කියා පින්කම් කරනවා. එහෙත් එයාට පින ලබා ගන්න පුළුවන් කමක් නැහැ. තිරිසන් ලෝකය අභාව්‍ය තැනක්. පින් පල දෙන්නේ නැහැ.

    මරණ මංචකයේදී පිනක් මතුවුවහොත් මනුෂ්‍ය ලෝකයේ උපත ලැබීමට හැකියි. ඒ කෙනා මියදෙන මොහොතේම කුසලයක් බලවත් වී මවු කුසක පිළිසිඳ ගන්නට හැකි වේවි. මවු කුසේ දසමසක් ගෙවුණ තැන උපත ලබයි. ඒ ලැබූ දිවියේ දරුවකු ලෙසින් දුව පැන ඇවිද සතුටින් කාලය ගෙවනවා විය හැකියි. මේ අතර පෙර ආත්මයේ ඥාතීන් " අනේ අපේ තාත්තා මිය ගිහින් දැන් අවුරුද්දයි." කියමින් දාන මාන පින් කටයුතු සිදු කරනවා. හාමුදුරුවන්ට දන් බෙදන මොහොතේ අර දරුවාගේ පිඟානට කෑම පහළ වීමක් හෝ පිරිකර පූජා කරන වෙලාවේ අර දරුවාට ඇඳුම් ලැබීමක් හෝ වන්නේත් නැහැ. මනුෂ්‍ය ලෝකයේ ඉපදුණත් කෙනෙක් ලබා දෙන පින ඒ මොහොතේ ලබා ගන්නට පුළුවන් කමක් නැහැ.

    තව කෙනෙක් මරණින් මතු දිව්‍ය ලෝකය උපත ලැබිය හැකියි. අපි දෙවිවරුන්ට පින් දෙන අවස්ථා තියෙනවා.

    බොහෝ දෙනෙක් කියනවා " අපි දෙන පින් වලින් තමයි ඔය දෙවියොත් ඉන්නෙ " කියලා. ඒක වැරැදි අදහසක්.

    මරණ මංචකයේදී තමන් කරන ලද ලොකු පිනක් බලවත් වීමෙනුයි පිනේ විපාකයක් ලෙසටයි දෙව්ලොව උපතක් ලැබිය හැකි වන්නේ.

    මුගලන් මහරහතන් වහන්සේ සෘදිමතුන් අතර අගතැන්පත් රහතුන් වහන්සේ නමක්. උන්වහන්සේ දෙව්ලොව වැඩමවා වරෙක දෙවියකුගෙන් මෙලෙස අහනවා.

    " පින්වත් දෙවිය, ඔබ බොහෝ සැප සම්පත් විඳීන කෙනෙක්. ඔබ ඕෂධී තාරකාව වගේ බැබළෙනවා.මේ තරම් සැප සම්පත් දිව්‍ය විමාන ලබන්නෙ ඔබ කොයි වගේ පිනක්ද සිදු කළේ...? යැයි අසනවා එවිට ඒ කිසිම දෙවියකු

    ''මම මනුෂ්‍ය ලෝකෙ හිටියෙ. මනුෂ්‍ය ලෝකයෙ මගෙ ඥාතීන් මට පින් දෙනවා. එතකොටයි මට මේ දිව්‍ය සැප පහළවෙන්නේ.'' යැයි කියන්නේ නැහැ. කොහොමත් එහෙම සඳහන් වන්නේ නැහැ.

    " ස්වාමීනී මා මනුෂ්‍ය ලෝකයේ ඉන්න කාලේ මේ මේ වගේ පින් කළා. පිපාසෙන් හිටපු කෙනකුට පැන් දුන්නා. ඒ පින හැමවෙලාවෙම සිහිපත් කළා. මා මියදෙන මොහොතේත් ඒ පින මෙනෙහි කළා." ඒ දෙවිවරු කියන්නේ එහෙමයි.

    චුති සිතට තමන් කළ කුසලයක් මියයන මොහොතේ ආසන්න කර්මයක් ලෙස බලවත් වී සුගතියක උත්පත්තියක් ලැබීම සිදු වෙනවා. කොහොමත් දෙවියන් කියන්නේ පින්වලට කැමැති කොට්ඨාසයක්. අපි යමක් කර පින් අනුමෝදන් කළ විට එයින් දෙවියෝ සතුටු වේ. අපි පින් දෙන කොට අපිටත් පින් රැස්වෙනවා. එක පහනකින් පහන් සිය දහස් ගාණක් පත්තු කළත් පළමු පහනේ ආලෝකය අඩු නොවන්නා සේ පින් දෙන තරමට පින් වැඩි වේ.

    තව කෙනකුට පින් අනුමෝදන් කරන්නට මෛත්‍රී සිතක් තිබිය යුතුයි. මෛත්‍රිය පින අතර අග්‍රතම පිනයි.

    "අපේ ඥාතියා උපත ලැබූ ආත්මය සුවපත් වෙත්වා." මේ සිතුවිල්ල මෛත්‍රී සහගතයි. එයත් ඔබට පින් ලැබෙන ක්‍රමයක්. කෙනකු පින් දහම් කර දෙවියන්ට පින් පමුණුවන්නේ යම්සේද දෙවියෝ සතුටු වෙති. එවන් විටදී දෙවියෝ ආශිර්වාද කරති.

    " හොඳට හිටියොත් - දෙවියොත් නමට වඳී " කියන්නෙ සත්‍යයක්.

    එක දරුවකු සිටින මවක් එම දරුවා තම දිවි දෙවැනි කොට රකින්නේ යම් සේද සිල්වත්ව ජීවත් වන, ධර්මිෂ්ඨ අය දෙවියන් ආරක්ෂා කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

    ඔබ පිනට කැමැති කෙනෙක් විය හැකියි. ඔබේ මිතුරකු රුවන්වැලි මාහා සෑ රදුන් වෙනුවෙන් යම් පූජාවක් කළා යැයි සිතන්න. එහි ජායාරූප ඔබට පෙන්වයි. ඔයාටත් ඒ පින් අනුමෝදන් වෙනවා යැයි ඔහු කියන අවස්ථාවේදී " අනේ සාදු සාදු " යැයි ඔබ හදවතින් ආශිර්වාද කරයි නම් සැබැවින්ම ඒ පින ඔබට රැස් වේ.

    එසේම යමෙක් මියැදුණ පමණින් සුජීවත්ව සිටින අයට මියැදුණු සෑම කෙනෙක් වෙනුවෙන්ම පින් අනුමෝදන් කරන්නට බැහැ. ප්‍රේත ආත්ම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් එක් ප්‍රේත කොට්ඨාශයකට පමණයි අපට පින් පැමිණිය හැකි වන්නේ.

    " ඉධම්මේ ඥාතීන්...." යැයි කියන්නේ අපේ ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන සුවපත් වෙත්වා.

    කර්මානු රූපීව මිය ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන සුවපත් වෙත්වා. කර්මානුරූපීව මිය ගිය ඥාතියාට එම පින කෙටි කලකට ප්‍රමාණවත් වේ. අන්න ඒ නිසයි.

    මියගිය අය වෙනුවෙන් නිතර නිතර පින් කරන්න යැයි කියන්නේ. ඒ අය පින් ගන්න පුළුවන් තැනක සිටී නම් පින ගත හැකියි. පින් ගන්න නොහැකි තැනක සිටී නම් ඔබේ නමින් සසරේ මියැදුණ පෙර මව, පියා, සොහොයුරා, බිරියට, සැමියා, දරුවාට ඒ පින රැස් වේ. සසරේ අපේ ඥාතියකු නොවුණ කෙනකු නැතැයි බුදුරදුන් දේශනා කර තිබේ.

    සංසාරේ කෙතරම් දුක් සහගතද ඔබට වැටහෙනවා නේද ? මියගිය පසුව ජීවත්ව සිටින අයගෙන් පින් ගැනීම හිතන තරම් ලෙහෙසි දෙයක් නොවෙයි.

    එබැවින් හැකි සෑම විටම ඔබ ඔබ වෙනුවෙන් පින් රැස් කර ගන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,064
    113
    Mother Earth
    බුද්ධ දර්ශනය විකෘති කරන කාලකන්නි ගෑනි මේ උදේ පාන්දර උබට හෙන ගහපන් දවසම කාලකන්නි වෙයන්. පවුලේ කෙනෙක් ගෙ මරණයක් අහන ලැබේවා.
    එපා බන් එහෙම කියන්න. ගොඩක් වැරදියි කියපු දේ. මේ වගේ මෝඩ දේවල් දාද්දි තරහ යනවා තමයි. ඒත් උබේ temper එක නැති කර ගන්න එපා.
     
    • Love
    Reactions: Naath

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    උබට නම කිව්වම මතක් වෙන කෙනා වෙනයි තව කෙනෙක්ට වෙනයි. එතකොට එහෙම අයිඩී සීන් එකක් ඕනි නෑ වෙන් කරගන්න. ඒක යුනික් උබට සාපේක්ෂව. එතකොට පැටලෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට නමත් එක්ක සම්බන්ධයත් කියනවනෙ.
    මට මතක් වෙන කෙනාට මම කරපු ක්‍රියාවල ප්‍රතිපල / කුසල් transfer වෙන විදිය මොකද්ද ?

    නම කියන කට්ටියට මුලින්ම පින් යොමුවෙනවා කියලා තියනව මම දැකල තියනව.

    මිය පරලොව ගිය ඥාතීන්ට අපි කොහොමද පින් දෙන්නෙ ? මේ සඳහා තමයි ධර්ම දේශනාවක් නැතිනම් දානයක්, කිසියම් පූජාවක් අවසානයේදී අපි කියන්නේ ''අපේ නමින් මිය පරලොව ගිය ඥාතීන් කොහේ හෝ සිටී නම් පින් අරගන්න පුළුවන් තැනක සිටීනම් මේ පින් ගනිත්වා ! පරලොව ආත්මය සුඛිත මුදිත වේවා !''කියලා .
    මිය පරලොවගිය ඥාතින්ට පින් දෙන්න බෑ .
    මිය ගිය ගමන් තව තැනක උපදිනවා කියලා තියනව නේ. අතරමැද පින් ගන්න එකෙක් ඉතුරු වෙලා නෑ .
    ------ Post added on Jul 25, 2023 at 8:28 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    මට මතක් වෙන කෙනාට මම කරපු ක්‍රියාවල ප්‍රතිපල / කුසල් transfer වෙන විදිය මොකද්ද ?

    නම කියන කට්ටියට මුලින්ම පින් යොමුවෙනවා කියලා තියනව මම දැකල තියනව.
    එහෙම ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නෑ උඩින් රොශ් දාපු මැසේජ් එක බලන්න. ඒක තමා විදිය කොහොම උනත් ඕක හැම මියගිය කෙනාටම වැඩ කරන්නෙත් නෑ අස්ලියගෙ රිප්ලයි එකත් බලන්න. ඕක පින් කරන අයගෙ හිත හදාගන්න කරන වැඩක් මම මේ වෙනුවෙන් තමා මේක කරේ කියල. කෙනෙක් මැරුනම ලග ලගම දානවලට ලොකු වෙහෙසක් ගත්තට කාලයක් යනකොට ඕක අඩු වෙනවනෙ. හැමෝටම කෝ එක කියල දුන්නට තේරෙන්නෙ නැති නිසා ඒ ඒ කට්ටියට ඒ විදියට තමා තේරුන් කරල දෙනව ඇත්තෙ හාමුදුරුවනුත්. පස්සෙ ඒව සොලිඩ් වෙලා ඇති කෝ වැලියු එක මිසින් වෙලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    පින් දෙනව කියන්නෙ, තමන්ගේ පිනක් වෙන කාටවත් දෙන එකක් නෙවේ. තමන් කරන කුස්ල කටයුත්තකට තව කෙනෙක් බලල සතුටු වෙන එක..තමන් කරන්නෙ කුසල කටයුත්තක් නිසා, තමන්ට පින් රැස් වෙනව වගේම, එක බලල සතුටු වෙන කෙනාටත් පින් රැස් වෙනව...
    එහෙම ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නෑ උඩින් රොශ් දාපු මැසේජ් එක බලන්න.
    ඔය කියන්නේ "පත්තානුමෝදනා" ගැන..
    මේ ත්‍රෙඩ් එකේ කියන්නේ "පත්තිදාන" ගැන.

    වෙන කෙනෙක්ගේ පින්කම් දැකල තව කෙනෙක් සතුටු වෙන එක නෙවෙයි .
    අපි පින් කරල වෙන කෙනෙක්ට ඒ පින් යොමු කිරීමක් / පින් දීමක් ගැන කියනේ.
    එහෙම transfer කරන්න පුලුවන් කියලා කියනව බුද්ධාගමේ.