බොහෝ පිරිසක් කතා බහ කරන ථේරවාදයේ දැක්වෙන වටිනා ධර්ම කරුණක් මැනවින් විග්‍රහ කරදෙන කෙටි දේශනාව
අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ විසින් කරනා අර්ථවත් පැහැදිලි කිරිමකි.
“පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.
(අනමතග්ග සංයුක්ත)
යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක.
.
.