මම ඇහුවෙ මචන් මිනිසාගේ ආරම්භය නෙවෙයි. හැමදේකම ආරම්භය ගැන.
ඒකට තවම විද්‍යාත්මක උත්තරයක් නෑ. හැබැයි ඒකෙන් අදහසවෙන්නේ නෑ ඒකට අනාගතේදී උත්තරයක් හොයාගන්න එකක් නෑ කියල.
විද්‍යාවෙන් අපිට තවමත් උත්තර නැති ප්‍රශ්න වලට ආගමෙන් දෙන්නෙ උත්තර නෙවෙයි.
"ආ විද්‍යාඥයන්ට තාමත් මේ විශ්වය ඇතිවුනේ ඇයි කියල කියන්න බෑනෙ පින්වතුනි!
ඒ නිසා විශ්වය ඇතිවුන හැටි දන්නෙ බුදුහාමුදුරුවො විතරයි, බුදුහාමුදුරුවො කියපු දේ හරි" කියල කියන්න බැහැ.
අතීතය අනාගතය ගැන කල්පගානක් පෙනෙන සර්වඥ ඥානයක් තියෙන කෙනෙක් දෙසපු එක තැනකවත් මිනිස්සු හඳට ගියා/යනවා කියල නොකිව්වෙ ඒක නිවනට අදාළ නැති නිසාද නැත්නම් එහෙම අනාගතේ දකින හැකියාවක් නැති නිසාද?
ඒ වගේ දේවල් නිවනට අදාළ නැතෙයි කියනවා නම් නිවනට අදාළ නැති දේවල් කොයිතරම් දෙසල තියෙනවාද?