එජාප ආණ්ඩුවක් තව වසර තිහකටවත් එන්නෙ නෑ
තව වසර 30කටවත් එක්සත් ජාතික පක්ෂ රජයක් ලංකාවේ බිහි වන්නේ නැතැයි ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා නාවලපිටියේදී පැවසීය.
මධ්‍යම පළාත් සභා මැතිවරණය සදහා නාවලපිටිය ආසනයෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ ජය පතා පැවති ජනහමුවේදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.
‘2005න් පසු මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිම දවසක නොවුනු පෙරළියක් සිදු වුණා. අද එක්සත් ජාතික පක්ෂ ඇතුළු විපක්ෂය ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග අත්වැල් බැද ගත්තා.ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු 58ක් අද රජයට එකතු වෙලා. තව වසර 30කටවත් එක්සත් ජාතික පක්ෂ රජයක් ලංකාවේ බිහි වන්නේ නෑ
පසුගියදා දයාසිරි ජයසේකර මහතා රජයට පැමිණියා. දැන් බස් එක ෆුල්. නමුත් තවත් එන්න ඉන්නවා. ෆුට්බෝඞ් එකේ වුණත් යන්න එන්න ඉන්නවා.
වසර තිහක් තරුණ ජීවිත නැති කර රට විනාශ කරපු කුරිරු යුද්ධය නිමා කර ගමට මරණ ඒම නතර කරපු එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනපතිතුමයි’
source lankacnews