ගලක්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    සරුංගල් කාලේ නිසා ගලකට ගියා සරුංගලයක් අරින්න. ඉතින් එතැන ගැන පොඩි සටහනක් දාන්න ආවා...........................

    ගලේ නම - හෑතුරාගල (ගමේ අය එහෙම තමා කියන්නේ )

    තිබෙන ස්ථානය -මම ගියේ වරකාපොලට ගිහින් නියදුරුපොලින් . තව ගනේගමිනුත් එන්න පුළුවන්. තව පැත්තක් කිවුවා මට හරියට මතක නෑ ඒ පැත්ත ගැන :( (මට හරිම ලොකේෂන් එකක් දෙන්න බෑ. හේතුව ඒ ගලට එන්න පාරවල් ගොඩක් තියෙනවා.)

    කතාව - මම උදේ 9 ට විතර ගෙදරින් ගියේ. යද්දී 10 විතර විතර උනා. පෝය දවසක් නිසා පාරේ වාහන ගොඩක් අඩුයි. හැබැයි හැම තැනම පොලිසිය හිටියා :baffled::baffled:
    ( එදා මන් ඉගෙන ගත්ත දෙයක් තමා නිවාඩු දවසට පාරේ පොලිසිය වැඩි කියන එක )

    එහෙට යද්දී යාලුවෝ ටික දඩ සයිස් මොනරෙක් හදලා තිබ්බා. ( බර 6kg විතර. උස අඩි 8 ක් විතර )


    ඔහොම ගිහින් උදේට තේකක් බිලා. බත් චුට්ටක් එහෙම කාලා 1 කට විතර නගින්න පටන් ගත්තා

    මේක තමා ගියපු පාර. අපි ගිය පාර රබර් වත්තක් හරහා තිබුනේ. වැස්ස නිසා කුඩ්ල්ලෝ හිටියා :baffled::baffled:
    https://ibb.co/1JLTtpg

    එදා දවසම වැස්සේ නෑ ඒක නිසා ගල ලිස්සුවේ නෑ....:D:D:D


    කොහොමින් කොහොම හරි උඩට ආව.

    මාර ලස්සන විව් එකක් තියෙන්නේ එතන.
    https://ibb.co/sw3Sjrx
    https://ibb.co/s3sCqJZ
    https://ibb.co/nD3bg3X
    https://ibb.co/RP0PtfV
    https://ibb.co/w4sHMsY
    https://ibb.co/QNFTR8B
    https://ibb.co/yh2MMf1

    කොහොමත් ඒ ගල කිලෝමිටරෙකට විතර කිට්ටුව තියෙනවා කියලා තමා කියන්නේ.

    අනික ඉස්සර උඩ පන්සලක් තිබ්බලු වගේ කතත් කියනවා. ( ගල් ගුහාවකුත් තිබ්බා. ඒක ලගටවත් යන්න වවුල් ගදයි :( )

    මොනවා උනත් අපි ගියපු දවසේ හුලන් තිබ්බේ නෑ, ගිහින් පොඩි ආතල් එකක් දාලා ආවා.

    රෑ 7 විතර උනා අපි බහිද්දී

    පොඩියට ගිනි ගොඩකුත් ගහන් කට්ටිය වට වෙලා බොරුවකුත් කියන් හිටියා. ( ගියපු වෙලේ ඉඩනුත් බොරුම තමා කිවුවේ :D:D)


    රෑට හීනියට නෙලුම් කුලුනත් පේනවා.:D:D

    මෙතනින් ගමන අවහවරයි.

    -ගල ආශ්‍රිත වෙනත් කතා-

    මේක ඉස්සර උන කියන කතාවක්.
    ඔය ගමට පිට ගමකින් මනුස්සයෙක් ආවලු. ඒ මනුස්සයා හොල්මන් ගැන විශ්වාස කාලේ නෑ. ඊට පස්සේ ගමේ අයට චැලේන්ජ් ඒකට මන් ගිහින් රෑවෙලා ගල උඩින් මල් පොකුරක් තියලා එනවා ඊට පස්සෙවත් තොපි තේරුම් හොල්මන් නෑ කියලා කතා කියලා තිබිලා. එක දවසක් රෑ මේ මිනිහා ගියාලු ගමේ අයත් හුලුඅතු පත්තු කරන් රබර් වත්ත පටන් ගන්න තැන හිටියලු ටිකකින් හූ ගානවා ඇහිලා. ගිහින බලද්දී අර මිනිහා වැටිලා ඉදලා. එදා ඉදලා කියනව තනියම රැට කවුරුත් යන්නේ කියලා.


    ප.ලි. - මන් දැනට ගියපු තැන වලින් පිරිසිදුම තැනක්. මන් හිතන විදිහට හේතුව තාම මිනිස්සුන්ගෙන් බේරිලා තියෙන එක. එක පොලිති එකක්වත් බිම තිබ්බේ නෑ. මාරම පිරිසිදුයි


    place to upload pictures
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මරු නූල...

    නිවාඩු දවසට පොලීසියෙන් වැඩියි තමයි...
    මම එළිබහින්නෙ අවුරුදු දවසට සාමාන්‍යයෙන්... හම්මට සිරි.. පාරවල් වල ඉරි මදි පොලීසියට ඉන්න...

    තව එකක්...,
    මොන මඟුලක්ද මනුස්සයො මේ ෆොටෝ දාල තියෙන විදිහ... එපා වෙනව බලන්න ගියාම...
    https://imgbb.com/
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    තව එකක්...,
    මොන මඟුලක්ද මනුස්සයො මේ ෆොටෝ දාල තියෙන විදිහ... එපා වෙනව බලන්න ගියාම...
    https://imgbb.com/
    වෙන විදිහක් තියෙනවද දාන්න
    තියෙඅවනවම් කියන්න මන් ඒ විදිහට දාන්නම්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    වෙන විදිහක් තියෙනවද දාන්න
    තියෙඅවනවම් කියන්න මන් ඒ විදිහට දාන්නම්
    ඔය මම දාල තියෙන ලින්ක් එකෙන් දෙන එක ලේසියි...
    ඕකට එක පාර ෆොටෝ කීපයක් උනත් අප්ලෝඩ් කරල, ලින්ක් එක දාන්න තියෙන්නෙ...

    ලින්ක් එක කොපි කරන්න කලින්,
    "Embed codes" කියන එක සිලෙක්ට් කරල,
    "bbcode full linked" කියන එක තෝරල ඉන්න...
    එතකොට ලින්ක් වලට යන්නෙ නැතුව කෙලින්ම ෆොටෝ එක බලන්න පුලුවන්...



    cuting emojis