ආයතනයට සම්බන්ද සියලුම දෙනාට නය වෙනවා
මේ දවස්වල මාලුවෝ වගේ සත්තු පණ පිටින් ඉද්දිම කපනවා, ලුනු මිරිස් සෝස් දානවා, තම්බනවා බදිනවා පුච්චනවා වගේ video share වෙනවා. දගලන සතා කප කපා කනවත් පෙන්නනවා. මේවා දැක්කාම ඔබට මොකද හිතෙන්නේ?
"අනේ පව් ඒ සතා. මුංට හිතක් පපුවක් නැද්ද්? උන්ට නම් හොදක් වෙන්න එපා" මේ වගේ හිතෙනවද?
ඔබට හොදටම විශ්වාසද සසරේ කවදාවත් ඔබ ඒ වගේ සතෙක් වෙලා ඉපදෙන්නේ නෑ, ඔබ ඔය වගේ දුකකට පත් වෙන්නේ නෑ කියලා?
ඔබට හොදටම විශ්වාසද ඔබ කවදාවත් සසරේ ඔය වගේ පණ පිටින් සත්තු කප කප, පුච්චමින් බදිමින් තම්බමින් හෝ අමුවෙන් කන්නේ නෑ කියලා?
මොකක්ද තියෙන සහතිකේ? කොහොමද නොවෙනවා කියන්නේ? අනිවාර්‍යයෙන්ම වෙනවා. එහෙම අවදානමක් තියාගෙන ඔබ කොහොමද ඔහොම කතා කරන්නේ?
ඇයි ඒ මිනිස්සු එහෙම කරන්නේ?
පොඩි පොඩි සත්තුන්ට අපිට වගේ දියුනු ස්නායු පද්ධතියක් නෑ. උන්ට රිදෙන්නේ නෑ කියලා හිතාගෙන කොටසක් එහෙම වැඩ කරනවා.
සත්තු මවලා ඉන්නේ මිනිසාගේ ප්‍රයෝජනයට කියලා හිතාගෙන කොටසක් ඒවා කරනවා.
පව් පින් කියලා දෙයක් නෑ කියලා හිතාගෙන අනෙක් කෙනෙකුගේ වේදනාවක් ගැන කිසිම හැඟීමක් නැතුවත් කොටසක් එහෙම දේවල් කරනවා.
ඒ අයට එහෙම අදහස් ආවේ කොහොමද? එයාලා ඉන්න ඒ සමාජයෙන්. එයාලා ආශ්‍රය කරන අයගෙන්. බුදු දහම කන නොවැටෙන්න අද අපිත් ඉන්නේ ඔතන වෙන්න පුලුවන්. භයානකම දේ තමා, අපි ඊළඟට ඉපදෙන්නේ ඔතන වෙන්න පුලුවන්.
එයාලත් දන්නවා ඒ පණ තියෙන සතෙක් බව. මරන්න හිතනවා. මරන ක්‍රමය සැලසුම් කරනවා. මරණවා. ඒ කියන්නේ කර්ම, කර්ම-ඵල නොදැන මැරුවත් ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණයි. විපාකය ලැබෙනවා. ඒක හරියට මේ වගේ. වස බෝතලයක් තියෙනවා. කෙනෙක් හිතනවා ඒ රසවත් බීමක් කියලා. එයා සතුටෙන් බොනවා. මොනවා හිතාගෙන කොච්චර සතුටෙන් බිව්වත් එයා මැරෙණවා. ඒක වළක්වන්න බෑ.
ඒ වගේ දේවල් සිද්ධ වෙන්න අනෙක් හේතුව තමා එක එක කාලෙට එන trends. අමු මාලු කන එක, පණ පිටින් ඉද්දි කන එක, පණ තියෙද්දිම fresh වට හදලා කන එක මහා ලොකු දෙයක් විදිහට සළකනවා. ඒවාට ලොකු තැනක් දෙනවා. ඒවා කරන අය තමා වැඩ්ඩෝ කියලා ගන්නවා. නිවැරදි දහමක් අහලා නැති කෙනෙක් ඒ වගේ අදහස් තියෙන පුද්ගලයන් ආශ්‍රය කරන කොට ඉබේම ඒ දෘෂ්ඨිම බැහැගන්නවා. එතකොට ඒවායේ වැරැද්දක් පේන්නේ නෑ. මං නම් කවදාවත් එහෙම වෙන්නේ නෑ කිව්වට, දහම් අවබෝධයක් නැත්නම් එවැන්නන් ආශ්‍රයට වැටුනොත් ඔබටත් ඔය ටිකම වෙනවා.
ඒ වගේ දේවල් කරන්න අනෙක් හේතුව තමා රසයට තියෙන ගිජුකම. අපි හිතනවා කෑමේ ආස්වාද තියනවා කියලා. එක එක කෑම ජාති කනවා. දෙයක් කන්න ආසාවෙන් ඉදලා කනකොට මාර රසයි කියලා හැඟෙනවා. දිගටම කන කොට ඒකට තියෙන ආසාව අඩු වෙනවා. එතකොට ඒක කද්දී ආස්වාදයක් එන්නෙත් නෑ. දැන් වෙන දෙයක් ඕනෙ. ඔහොම නොයෙකුත් ජාතිවල ආස්වාද තියෙනවා කියලා හිත හිතා කකා බලනවා. අන්තිමට හිතෙනවා පණ පිටින්ම බැද්දාම ඉව්වාම තමා වඩාම රස කියලා. එහෙම හිතන නිසා එහෙම දැනෙනවා. රසයට තියෙන ගිජුකම නිසා වෙනෙකෙකුට වෙන අවැඩ අසාධාරනේ පේන්නේ නෑ.
අනෙක් වැදගත් දේ තමා ඒ වගේ post එකක් දැක්කාම ඔබට වෙන දේ. ඔබ ඒ සතාට පව් කියනවා. කරන මනුස්සයා එක්ක ගැටෙනවා. සාප කරනවා. අහක ඉන්න ඔබ ඇලිලා ගැටිලා අකුසල් කර ගන්නවා. සාප කරලා සසර ගනුදෙනු හදා ගන්නවා.
අපි කැමති වුනත්, නැති වුනත් ඕකෙ තමා ලෝකය. කෙනෙක් කර්මයක් කරනවා, කෙනෙක් කළ කර්මයක විපාකය ගෙවනවා. කර්ම කර කර, විපාක ගෙව ගෙව නොනැවතී සසරේ යනවා. මේ පැටලිලා ඉන්න පඹගාල තේරුම් නොගත්තොත්, එක එක දෘෂ්ඨි දරාගෙන, ඇත්තටම නැති ආස්වාදයක් හඹාගෙන, මහා දුකක් විඳ විඳ,ඝෝර කටුක සසරේ භයානක ගමනක් යනවා.
ඒ අසාර ගමන නවතන්න කාලයයි මේ.
------ Post added on Sep 18, 2023 at 3:09 AM
ආයතනය අයිති පුද්ගලයන්ට විතරක් නැතුව ආයතනයේ සිටින සියලුම දෙනාට ගෙවන්න වෙන්නේ මොකද ?

------ Post added on Sep 18, 2023 at 3:13 AMHow about PLC?
------ Post added on Sep 18, 2023 at 5:15 AMමාතෘකාව අවුල් සහගතයි, මාළු කාරයාට ණය නෑ
Last edited: