අද මට පොඩි කතාවක් මතක් උනා . ඉස්සර මම 6 වසරෙ ගියපු ඉංග්රීසි පන්තියක සර් කිව්ව දෙයක් . පොර කිව්වෙ පොරගෙ යාලුවෙක් ඉන්නවා ඉංජිනේරුවෙක්. මිනිහා වැඩ කරන තැන අයිතිකාරයා දවසක් මීටින්ග් එකකදි ඉංග්රීසි වචනයක් කියලා . මට දැන් ඒ වචනෙ මතක් නෑ . හරියට අපි පේව්මන්ට් එකට පේමන්ට් එක කියන්නෙ අන්න ඒ වගේ දෙයක් . එපාර සැර්ගෙ යාලුවයි අනෙක් අයයි මූණට මූණ බලාගෙන . ඊට පස්සෙ අරුන් හොයලා බලද්දි අයිතිකාරයා ගමකින් ආපූ ඕලෙවල් ෆේල් මිනිහෙක්ලු .
ඕක තමයි කතාව . සර් ඕකෙන් අදහස් කරේ වචන ශබ්ධ කිරීම ගැන වෙන්න ඕනේ . හැබැයි මේ වගේ දේවල් වලින් මම හිතන්නෙ අපේ ඔලුවට දානවා මුදලාලි කොච්චර රැකියා දුන්නත් පොරට ඉංග්රීසි බැරි නම් ඕලෙවල් ෆේල් නම් වැඩක් නෑ . ඉංජිනේරුවා තමයි උසස් කියලා .