අපේ නංගි ඔය කාලකන්නියව බැඳලා දැන් අවුරුදු 7ක් විතර. බැදපු දවසේ ඉදං ප්‍රශ්න විතරයි. මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ. අපි මොනව කරත් නංගිට ඌවම ඕනෙ. නැත්නං මැරෙන්ඩ හදනව. හොඳ මිනිහෙක් නං අපිට අත ඇරලා දාල නිකං ඉන්ඩ තිබුන. ඒ කාලකන්නියට හරියට කේන්ති යනව එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ බං. ඌට නඩු දෙකක් තියෙනව ඒ මදිවට අහක හිටපු අපේ නංගිටත් නඩුවක් පැටෙව්ව. ඌට ඕනේ යන වලකට අපේ නංගිවත් ඇදගෙන වැටෙන්ඩ. ඌට දැන් රස්සාවත් නැ. මට බය කවද හරි නංගිගෙ රස්සාවත් විනාස කරගයි කියල. පන්සල්, කෝවිල් පල්ලි වල වැද වැටෙන එක උඹලට මෝඩ වැඩක් වගෙ පෙනුනට අන්ත අසරණ වෙලා උන්නු අපිට ඒක ලොකු සහනයක්. ඇත්තටම අපි ලොකු කරුමයක් කරල ඇති. මටත් හරියට වැඩක් පලක් කර ගන්ඩ බැ, නංගිත් රස්සාවක් කරාට ඔලුව හොදටම කචල් බං. අර කාලකන්නියත් මානසික ලෙඩෙක්. ඒ අතින් බලද්දී නංගිට ළමයි නැති එක ලොකු දෙයක්. හයක් හතරක් නොදන්න කිරි සප්පයෙක් මේ නරකාදියට ඇදල දාන්ඩ පුලුවන්ද. උඹලට මේවා කියල වැඩකුත් නැ. ඒත් මේවා මම කාට කියල කියන්ඩද?