‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුරයි..- වාර්තාව අධිකරණයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.

    එලෙස ලබාදී ඇති පාට කරන ලද “වතුර” වල බැක්ටීරියා වර්ග ද ආශාධනය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය ප්‍රමිතියෙන් තොර එම ප්‍රතිදේහ එන්නත් ලබාදුන් රෝගීන් තිදෙනෙකුගේ ජීවිත මාරාන්තික තත්ත්වයට පත්වී ඇතැයි ද දැනුම් දුන්නාය.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් ඒ බව දැනුම් දී ඇත.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් හදිසි මිලදී ගැනීම් වශයෙන් මෙම ඖෂධ මිලදී ගෙන ඇති බවත් එලෙස මිලදී ගත් ඖෂධ බොහෝ ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බව මේ වන විටත් හෙළිවී ඇති අතර ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් පරීක්ෂා කිරීමට තරම්වත් සුදුසු තත්ත්වයක නොමැති බවලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව කරන ලද විමර්ශනයකදී හෙළි වූ බවද අධිකරණයට වාර්තා කර තිබිණි.


    රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශන වලදී මේ තත්ත්වය හෙළි වී ඇත.


    සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විටත් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට ඇති බාල ඖෂධ සැපයුම්කරු මෙන්ම සෞඛ්‍ය ලොක්කෝ බොහෝ දෙනෙක් අධිකරණයට පවසා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හා කැබිනට් මණ්ඩලයේ නියෝග අනුව තමුන් කටයුතු කළා මිස මෙම අපරාධයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

    – ADA
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     

    Sen-lu

    Well-known member
  • බැංකුකඩනව, බෝම්බගහල බලය ගන්නව, බෙහෙත් කියල ජරාව දෙනව. ඒ හොරකම් වල පාඩු බදු ගහල මිනිස්සුන්ගෙන්ම ගන්නව මේවගේ උං ඉන්න පාණ්ඩු තමා බලයෙ තියාගෙන ඉන්න ඕන. මොනා උනත් ප්‍රස්තාර කෙලින් කරානෙ නැත්ද @monson
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Keheliye next election ekenuth dinanawa..
    kanna, beth ganna salli nathath Kandy anathayo private wasi balan uta chande denawa..
    Meka nam eththa, Nuwara innawa thawama RADALA paka oluwe thiyagaththa ewun tikak. un parana UNP karayo, Keheliya, ponilata set una gaman, unge chanda tika muta wetenawa.
     
    • Like
    Reactions: shenat and SLK_sri

    Sen-lu

    Well-known member
  • Meka nam eththa, Nuwara innawa thawama RADALA paka oluwe thiyagaththa ewun tikak. un parana UNP karayo, Keheliya, ponilata set una gaman, unge chanda tika muta wetenawa.
    නුවර අඩුකුලේ උං තමා ඕකට දමූට SBට මහින්දානන්දට ඡන්ද දෙන්නෙ.

    හොඳ උන් දෙන්නෙ ගුපියොන්ට. උනුත් ඉතින් equally bad තමා. හොඳ පොලිටික්කො නෑ නුවර.
     
    • Like
    Reactions: Hankook

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නුවර අඩුකුලේ උං තමා ඕකට දමූට SBට මහින්දානන්දට ඡන්ද දෙන්නෙ.

    හොඳ උන් දෙන්නෙ ගුපියොන්ට. උනුත් ඉතින් equally bad තමා. හොඳ පොලිටික්කො නෑ නුවර.
    eeka thama, muu Ponilage UNP ekata penna gaman, oya radala ewun tika muta denawa. Oya wagema thamay ara Dilum Amunugamaya and rathwatte.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    @emoji diaries මේක සෙලයින් බෝතලේට සෙට් කරනවා වගේ කරන එකක්ද? ඇගට එහෙම වතුර ඉන්ජෙක්ට් කරන්න පුළුන්ද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    බැංකුකඩනව, බෝම්බගහල බලය ගන්නව, බෙහෙත් කියල ජරාව දෙනව. ඒ හොරකම් වල පාඩු බදු ගහල මිනිස්සුන්ගෙන්ම ගන්නව මේවගේ උං ඉන්න පාණ්ඩු තමා බලයෙ තියාගෙන ඉන්න ඕන. මොනා උනත් ප්‍රස්තාර කෙලින් කරානෙ නැත්ද @monson

    කොවින් ටෙස්ට් කරනවා, කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කවනවා

    ++ @2osama , @erozan, @nicjosh83, @elajani, @ESL, @weer 11 , @EVC
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    බෙහෙත් වල කොලිටිය හොඳයි කියපු උන් මීක් නෑ දැන් 🤣
     
    • Haha
    Reactions: Sen-lu