ජොබ් කරන්න පුලුවන්. ඒත් එක තැනක ඉන්න අමාරුයි. එපා වෙනවා. මම කම්පැනි හයකට විතර මාරු වෙලා ඇති. ගොඩක්ම ඔය ප්‍රශ්නෙ එන්නේ තමන් ආස නැති පාත් එකක වැඩ කරන්න උනාම. ලංකාව වගේ රටක හරි අමාරුයි තමන් ආස path එකකින් ගොඩ යන්න. Social skill අඩු උනාම අනිත් අය එක්ක connection අඩු උනාම එපා වෙනවා.සමහර අය හිතන්නේ ලොකු කම කියලා.ඒත් ගොඩක් ආස තනියම ඉන්න. ඒ නිසා අනිත් අය එක්ක engage වෙනවා අඩුයි. ඔෆිස් ජොබ් වගේ එක තැන ජොබ් කරන්න එපා වෙනවා. වැඩක් කරන්න හිතෙන්නේ නෑ. අනිත් අය හිතන්නේ කම්මැලි කම කියලා. දුවලා පැනලා එක තැන ඉන්න ඕනෙ නැති ජොබ් එකක් වගේ හොදයි. කවුරු හරි ගයිඩ් කරන්න ඕනෙ. තමන්ගේ තත්ත්වය තේරුම් ගන්න පුලුවන් girlfriend කෙනෙක් හරි wife කෙනෙක් හරි ඉන්නවා නම් so lucky. ගොඩක් අය හිතන්නේ මානසික ලෙඩක් කියලා ඒත් ගොඩාක් genetic disorder පැත්තට නැඹුරුයි. අපෙ අම්මටත් මට තියෙන සමහර රෝග ලක්ෂණ තියෙනවා.