හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    pohottu ballige puthala election weda patan aran

    හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.



    නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

    රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.

    මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

    ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන හෙට (25) දින ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.



    මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පැවරී ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    පිනට දෙන එක නතර වෙන් නෑනේ.
    වෙන රටවල මාසිකව මුදලක් ගන්නවා කෑමට

    oka election eka ena nisamai denne kiyala nodanna kenek naha.

    nikan hari election eka nethnam owa naha
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    oka election eka ena nisamai denne kiyala nodanna kenek naha.

    nikan hari election eka nethnam owa naha
    ඒත් කන්න දෙන්න ඕනේ නෑනේ . රුපියල් 20වත් ගන්න ඕනේ පවුලකින් මාසෙකට . එකෙන් යන වියදමවත් පාලනය වෙනවා

    England free

    මේ ඉංග්‍රිසියෙන් කියන ඒවා තේරෙන් නෑනේ
    ------ Post added on Mar 24, 2024 at 2:56 PM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හොද වැඩක්

    ජන්දෙ ටාගට් කරල කරන එකක්‌ නොවුන නං
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ලමයට කන්න දෙන්න බැරි දෙමව්පියෝ මොකටද බන්? මේ පාන්ඩුවොන්ට ගෙවන්නෙත් අපේ සල්ලි නේ? ඒකෙන් පඩි වැඩි කරල හොද ගුරුවරු ටිකක් ගනිල්ලකෝ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    මේක හොඳ වැඩක්. පිටරට එහෙමත් පොඩි මුදලක් අය කරගෙන මේම කරනවා. මගේ නෑදා අක්කා කෙනෙක් උගන්නන්නේ දුෂ්කර පාසලක. ඒ ළමයි ගොඩක් වෙලාවට කන්නේ එක වේලක්ලු. බාගෙට බාගයක් ළමයි ඉස්කෝලෙකට කෑම ගේන්නේ නෑ කිව්වා. ඒ නිසා අඩු ගානේ 1-5 වසර වෙනකන් වත් මෙහෙම කරන එක හොඳ දෙයක්.
     
    • Like
    Reactions: Chamithacc

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    apee tax salli walin yako deene pinata nemei
    එකනේ උබ නිකං ගෙවන්නේ ඇයි ? කන උන්ගෙ අම්මල අප්පල ගෙවන්න එපැයි එකයි කියන්නේ මෙතන . වෙන රටවල මාසෙට යම් ගානක් ගන්නවා දෙමව්පියන්ගෙන් අහාර සදහා.

    අනික ඔය දිය හොද්දක් එක්ක කෑම එකක් දෙයි මාස කිපෙකින් කෑම විසවෙලා ලමයි 100 වගේ ඉස්කෝලෙක ඉස්පිරිතාලෙ යයි පස්සේ ඕක නවතිනවා .

    පිනට දෙන එක නතර කරන්න ඕනේ ඒම ඉස්කෝලත් වහලා දාල ඒ ලමයින්ට දෑතේ වැඩක් පුරුදු කරන්න ඕනේ. ඉස්සරට ගහකට යවාගන්න කුලි වැඩක් කරගන්නවත් එකෙක් නෑ මේම පිනට උගන්නලා තව කන්නත් දුන්නම යසයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    වේලක සල්ලි ඉතුරු නිසා දැන් ඉතින් අනාථයො වැඩි වැඩියෙන් හුකල දරුවො හදාවි
     
    • Haha
    Reactions: SLK_sri

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ලමයට කන්න දෙන්න බැරි දෙමව්පියෝ මොකටද බන්? මේ පාන්ඩුවොන්ට ගෙවන්නෙත් අපේ සල්ලි නේ? ඒකෙන් පඩි වැඩි කරල හොද ගුරුවරු ටිකක් ගනිල්ලකෝ.
    ලංකාවෙ ලමයි හදන්නේ trend එකටනේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කව්ද කොහෙද ඕව හදන්නේ ?
    කව්ද නියාමනය කරන්නේ ?













     

    Sen-lu

    Well-known member
  • මාස කීපයයි ඕක ඉවරයි. ඔය දියබත් කාපු උන්ට වැඩකුත් නෑ බදුගෙවපු අපිට වැඩකුත් නෑ.

    ඕකෙන් ඡන්ද ටිකක් ගන්න දේසපාලුවොන්ටයි ප්‍රොජෙක්ට එක කරපු උන්ටයි නම් වැඩක් තියෙයි.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේක හොඳ වැඩක්. පිටරට එහෙමත් පොඩි මුදලක් අය කරගෙන මේම කරනවා. මගේ නෑදා අක්කා කෙනෙක් උගන්නන්නේ දුෂ්කර පාසලක. ඒ ළමයි ගොඩක් වෙලාවට කන්නේ එක වේලක්ලු. බාගෙට බාගයක් ළමයි ඉස්කෝලෙකට කෑම ගේන්නේ නෑ කිව්වා. ඒ නිසා අඩු ගානේ 1-5 වසර වෙනකන් වත් මෙහෙම කරන එක හොඳ දෙයක්.
    දැනටමත් සමහර ඉස්කෝල වල මේක වෙනවා.

    වංචාවක් නැතුව හරියට කරනවා නම් ලොකුන්දේයක්