මම දාපු පින්තුරෙට යටින් තියන වාක්‍ය කියෙව්වනම් උඹට ඕක අහන්න ඕන වෙන්නෙ නෑ..
බුදුහාමුදුරුවො යමාමහ පෙළහර පෑවේ මානයෙන් උදම් වෙලා එතුමගේ ධර්මය අහන්න ආවෙ නැති ශාක්‍ය වංශික රජ පෙළපතට අයිති මිනිස්සුන්ව ධර්මයට යොමු කරවන්නයි..
තව අවස්ථාවක් තියනව..
අංගුලිමාල මිනිස්සු දහස් ගානක් මරල ඇඟිලි 999ක් එකතු කරගෙන තමන්ගෙ අම්මව මරන්න යන අවස්ථාවෙ බුදුහාමුදුරුවො දකිනව අන්ගුලිමාලට මේ ආත්මෙදිම රහත් වෙන්න පින තියෙනව කියල..
ඒ වෙලාවෙ තමයි බුදුහාමුදුරුවො සෘද්ධියෙන් පෙළහර පාන්නෙ අංගුලිමාල කොච්චර හයියෙන් දිව්වත් එකතැන ඉන්න බුදුහාමුදුරුවන්ව අල්ලන්න බැරිවෙන්න..
ඒ අවස්ථාවල පෙළහර පාල හිත් පැහැදුවේ නැත්තන් ඒ මිනිස්සු අදටත් සංසාරෙ දුක් විදිනව
ඉතින් බුදු කෙනෙක් මොකද්ද එහෙම දෙයක් කරාම බලාපොරොත්තු වෙන්නේ ?? බුදු කෙනෙක් ඇයි තව කෙනෙක් ගේ මානයක් ගැන කරදර වෙන්නේ. ?
ඕක නිකන් මැජික් පෙන්නලා බය කරන , විශ්වාසය ඇති කරනවා වගේ වැඩක් නේ.
අර සායි බබා කටෙන් එක එක දේවල් ගන්න එක දිහා මිනිස්සු බලන් ඉදලත් ඇති කරගන්නේ ඒ වගේ දෙයක් ද ??
මම කියන්නේ අච්චර දහමක් තියෙද්දී, මිනිස්සුන්ට අමුතුවෙන් මැජික් පෙන්නන්න ඕන නෑ අවදානය ගන්න වත් , මානය අයින් කරන්න වත්.... තැනක තියනව බුදුන් දැක්කත් මිනිස්සුන්ගේ හිත පහදෙන්ව කියල . එහෙම තියෙද්දී , ධර්මය තියෙද්දී අමුතුවෙන් මැජික් පෙන්නන ඕන නෑ .
දැන් හිතාගන්න බැරි විජ්ජාවක් කවුරු හරි පෙන්නල උබට අලුත් ආගමක් දේශනා කරොත් උබ ට ඒ ආගම ගැන විශ්වාසයක් ඇති වෙන්ව වගේ දෙයක් ද ඕක ?