ඒක නෙවෙයි මගේ ගැටළුව ඔයා අභා ගෙඩි දෙකක් අතරෙන් A ට වෙනම බලයක් යෝදන්නයි B ට වෙනම බලයක් යොදන්නයි මුල් උනේ මොකද්ද කියන එක.
අබ දෙකෙන් එකකට වෙනස් බලයක් දාන්නේ ඒ අබ ගෙඩි දෙකේ පෙර කර්මය නෙවෙයි නේ.
ඒකට බලපාන වෙන හේතුවක් තියෙන්නේ. ඒක තොර ගන්න එකාට සම්බන්දයි..
ඌ තමයි අහබු ලෙස තෝරාගන්නේ. එකයි අහබු ලෙස තේරෙන අබ ගෙඩියක් වතුරට වැටෙන්නේ.
ඔය තේරීම ගැනයි මම කතා කලේ.
ඒ වගේ තමයි එකෙක් පොහොසත් පවුලක උපදින එකයි , තව එකෙක් දුප්පත් පවුලක ඉපදෙන එකයි කියන දේත්.. ඒව අහබු සිදුවීම්..
හැබැයි ඔය ඉපදීම් දෙක සසදල ඒකට ඒ තේරීමට පත් වෙච්ච කෙනාගේ හේතුවක් හොයන්න ගියාම තමයි කර්මය / වාසනාව ඔතනට එන්නේ..
තේරීමට පත් වෙච්ච අබයට අපි ඕක හොයන්නේ නෑ .
මේක ඔයාගෙ පැහැදිලි කිරීම එහෙම වෙන්නේ ඇයි කියන එකට. එකට ඔයා හදාගෙන තියෙන කතාව තමා සිද්ධි කිසිම සම්බන්ධයක් නෑ ඒවා අහඹු සිදුවීම් කියන ඒක.
එකෙක් දුප්පත් වෙලා ඉපදිලා තව එකෙක් පොහොසත් වෙලා උපදින එක අතර මොකද්ද තියන සම්බන්දය ?
උබ මොන පදනමින් ද ඕක ට හේතුව කර්මය කියන්නේ ? තනිකර ආගමේ කියන නිසා.
ආගම අයින් කරපු ගමන් ඕක random සිදුවීමක්.
එක තැනකට වැටෙන අබය තිබ්බ තැන ගලක් තිබිල , අනික් අබය තිබ්බ තැන මඩ වලක් තිබ්බ එක කියන දෙක අතර සම්බන්දය මොකද්ද අබය ඇසුරෙන් ??? පුලුවන් නම් උත්තරයක් දීපං..
ඒ වගේ තමයි එක තැනක උපදින එකෙකුයි, තව තැනක උපදින එකෙකුයි අතර උපදින එකාට අදාලව සම්බන්දයක් , හේතුවක් හදන්න නොයන තාක් ඕක අබ කතාව වගේම අහබු දේවල්.
අබ වටෙන ප්රදේශයේ වැඩි පුර තියෙන්නේ ගල් නම් , මඩ වලවල් පොඩ්ඩයි නම් , අබය වැටෙන තැන ගලක් තියෙන්න වැඩි සම්බාවිතාවක් තියනව..
ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩක් දුප්පත් නම්, පොහොසත් අය ගොඩක් අඩුයි නම් , ඉපදෙන එකා දුප්පත් පවුලක ඉපදෙන සම්බාවිතාව වැඩියි.
ඔය උඩ දෙකේදී ගලකට වැටෙන්න අබය පැත්තෙන් කර්මය / වාසනාව කතා නොකර සම්බාවිතව, අහබු සිද්දි පැත්තෙන් හිතල,
ඉපදෙන කතාවේදී දුප්පත් පවුලක ඉපදෙන එකාට ඒක උනේ උගේ කර්මය / වාසනාව කියලා ලේබල් එක වදිනවා..
එකකට එකක් අදාල නෑ කියලා තීරණය කරේ කොහොමද?
එක අබයක් වැටෙන තැන ගලක් තිබිල අනිත් අබය වැටෙන තැන මඩ වලක් තියෙන එකට හේතුව අබ දෙක ඇසුරෙන් පැහැදිලි කරපං. අබ වල මොන හේතුව නිසාද වැටෙන තැන ගලක් / මඩ වලක් තිබ්බේ ? ඔය දෙක මාරු වෙලා නොතිබ්බේ ?
ඔන්න ඔය වගේ එකට සම්බන්ද කරන්න බැරි අදාළ නැති හේතු හොයන්න ගියාම අමුණන දේවල තමයි ඔය කර්ම / වාසනාව.
අදාළ නෑ කියලා වෙන් කරගත්තේ කොහොමද? එක එහෙම ඇති කියල හිතා ගත්ත දෙයක්ද නැත්තං මොකක් හරි ලොජීක් එකක් හරි scientific reason එක පිටිපස්සේ තියෙනවද?
අදාලයි නම් අබ වැටෙන තැන් වල මඩ ද ගල් ද තියෙන්නේ කියන සිද්දි දෙක ට වැටෙන අබ පැත්තෙන් සම්බන්දයක් හදන්න.
------
Post added on Apr 13, 2024 at 8:18 AM