කවදාවත් එහෙම සෙල්ෆි ගහලා නෑ ගහන්නෙත් නෑ ගහලා හැම තැන ම දදා යන උන් පේන්නත් බෑ.
සෙලිබ්රිටියො එක්ක සෙල්ෆි ගහලා මොකක් බලාපොරොත්තු වෙනවද කියලා හිතාගන්න අමාරුයි. නිතර ඇසුරු කරන කෙනෙක් නම් කමක් නෑ. in my pov කල්පෙකට සැරයක් දකින එකෙක් එක්ක බොහොම අමාරුවෙන් සෙල්ෆියක් ගහල වෝල් වල දාගෙන ඉන්න එක, dp එකට දාන එක ගොන් ආතල් එකක්.
මේ ත්රෙඩ්ඩ් එක දැක්ක ම මතක් වුනෙ.
මම ගිය අවුරුද්දක යාලුවෙක් එක්ක BMICH book exhibition එකට ගියා. fb එකේ හෑලි දාන පොත් ලියන පොරක් ටිකක් දේශපාලනයටත් ලැදි එකෙක්, දැකලා මගේ යාලුවා ආ මම ඔයාව fb එකේ ෆලෝ කරනවා කියලා දත් සෙට් එක ම එලියෙ දාන් හිනා වේගෙන බොහොම සන්තෝසෙන් කිව්වා. අරූ ආ එහෙනම් සෙල්ෆියක් ගමු කියලා ඌම සෙල්ෆිය ගහලා දුන්නා.මම පොතකින් ඔලුව වහගෙන මාරු උනා. මම බය උනේ එතන වටේ ම උන් එක එක writers ලා එක්ක ගහන සෙල්ෆි වලට හරි මාවත් වදී කියලා.
මගේ යාලුවගෙත් වැඩේ සතියකට සැරයක් එක එක නාට්ටිකාරයො එක්ක සෙල්ෆි ගහ ගහ එවන එකයි status දාන එකයි. ඌව මතක උනා මේක දැකලා.ඒ කල්ලා ඌ මගෙන් අහනවා මෙයාව දන්නව ද කියලා. මම නලු නිලියො දන්නෙ නෑ ගොඩක් ම ප්රසිද්ද එකෙක් ඇරෙන්න. ඉතින් පොර මට කින්ඩිය දානව අපෝ මූව දන්නෙ නැත්නම් වැඩක් නෑ කියලා


මේක දැකලා මට ඌව මයි මතක් උනේ