හෙළකුරු එක පටන් ගත්තේ සිංහල Keyboard ඇප් එකක් විදියට තමයි. හැබැයි ඊට පස්සෙ ඒක ටික ටික develop වෙලා මේ වෙනකොට multi-purpose Superapp එකක් විදියට යන්නේ. ඒ නිසා මේ වෙනකොට හෙළකුරු වල business model කීපයක් තියෙනවා.
1. PRO Subscription
හෙළකුරු Basic කියලයි PRO කියලයි දෙකක් තියෙනවා. හැමෝටම free හම්බෙන්නේ Basic එක. අවශ්‍ය අයට මාසෙකට ගානක් ගෙවලා PRO එක activate කරගන්න පුළුවන්. ඒකෙන් user ට හම්බෙනවා PRO Themes, Backup Personal words වගේ අමතර value additions කීපයකුයි, සම්පූර්ණයෙන්ම ad-free experience එකකුයි. හෙළකුරු දැනට
මිලියන 4ක් වගේ Monthly Active Users ලා ඉන්නවා, ඒකෙන් 5% ක් වගේ PRO users ලා හිටියත් එතනින් ලොකු revenue එකක් එනවා මාසෙට 60 ගානේ.
2. Advertising
හෙළකුරු ඇතුළේ තියෙන එසැණ news service එක monetize වෙන්නේ Admob advertising වලින්. සාමාන්‍යයෙන් AdMob වලින් ලංකාවෙ මාකට් එකේ ලොකු වැඩක් කරන්න බැරි උනාට හෙළකුරු එකේ ඉන්න Monthly Active Users ලා ගාන වැඩි නිසා advertising වලිනුත් සැලකිය යුතු revenue එකක් එනවා. දැන් ගොඩක් අය Keyboard එක පාවිච්චි නොකළත් හෙළකුරු දාගෙන ඉන්නවනේ එසැණ news alerts ගන්න, ඒ නිසා එතන ලොකු engagement එකක් තියෙනවා. Engagement වැඩියි කියන්නේ ads දකින්න click වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
3. Commissions
ඊට අමතරව හෙළකුරු එකෙන් දැන් රීලෝඩ් කරන්න, bill payment කරන්න, doctor channelling කරන්නත් services දීලා තියෙනවා. ඒ වගේ payment services දෙනකොට users ලා කරන payment වලින් පොඩි commission එකක් සෙට් වෙනවා. හරියට මිනිස්සු කඩේට ගිහිල්ලා රීලෝඩ් එකක් දාගත්තම කඩේට පොඩි commission එකක් එනවා වගේ. ආයෙත් හෙළකුරු එකේ user base එක වැඩි නිසා, රීලෝඩ්, bill payments වගේ ඒවත් සෑහෙන වෙනවා,
මෙතන තියෙන විදියට දවසට රුපියල් මිලියන දෙකට වැඩයෙන්. එතකොට ඒවයින් බොහොම පොඩි commission එකක් ආවත්, මුළු volume එකෙන් සැලකියයුතු revenue එකක් එනවා.
4. Service fees
හෙළකුරු වලින් අලුතෙන්ම ගෙනාවා chat එකේ සල්ලි යවන්න පුළුවන් feature එකක්, හෙළPay Chat කියලා. කාට හරි bank transfer එකක් කරලා සල්ලි දානවා වෙනුවට, මේකෙන් පුළුවන් chat එකක් දාලා සල්ලි යවන්න. ඒකට ගන්නවා රු.20 ක වගේ service fee එකක් හරියට bank app එකකින් bank transfer කරද්දි රු.30 ක් ගන්නවා වගේ. මේකෙන් රු.20 ම හෙළකුරු එකට එන්නෙ නැහැ, මොකද බැංකුවලට ගෙවන්න වෙනවා ඒ 20න් ලොකු කොටසක්. හැබැයි එතනිනුත් පොඩි margin එකක් revenue එකක් විදියට එනවා. Bill payments කරද්දිත් රු.30 ක වගේ service fee එකක් ගන්නවා, එතනිනුත් ඔක්කොම නැතත් පොඩි margin එකක් එනවා. Userbase එක වැඩි නිසා ඔයවගේ එක transaction එකකින් එන margin එක පොඩි උනත්, volume වැඩි වෙනකොට revenue එක grow වෙනවා.
ඔය business model 4න් තමයි හෙළකුරු revenue generate කරන්නේ.
PayHere ගත්තොත්, ඒකෙ business models දෙකක් තියෙනවා.
1. Monthly Subscriptions
PayHere service plans 3ක් තියෙනවා Lite, Plus, Premium කියලා. ඔය තුනෙන් Lite එකේ නම් monthly fee එකක් නැහැ. හැබැයි Plus & Premium අයගෙන් monthly fee එකක් ගන්නවා, Plus එකට 2990 ක්, Premium එකට 9990 ක් වගේ. ඒ service plan වල features, payment limits එහෙම වෙනස්. ඒ නිසා ඒ ඒ අවශ්‍යතා තියෙන අය Plus & Premium plans වලට යනවා. එතකොට ඒවයෙන් recurring revenue එකක් generate වෙනවා.
2. Commissions
ඊට අමතරව PayHere gateway එකෙන් process කරන හැම payment එකකින්ම processing fee එකක් charge කරනවා. Plus plan එකේ නම් 2.99% ක් වගේ, Premium එකේ නම් 2.69% ක් වගේ. ඔහොම ගන්න ගානෙන් හැබැයි වැඩි කොටසක් යන්නේ PayHere එකට පිටිපස්සෙන් ඉන්න partner banks වලට, මොකද PayHere කියන්නේ bank payment gateways කීපයක් එකට integrate කරලා ඒවා උඩ හදලා තියෙන platform එකක් නිසා. Processing fee එකෙන් හතරෙන් තුනක් වගේම යන්නේ බැංකු වලට, හැබැයි සෑහෙන ලොකු payments ප්‍රමාණයක් process කරනකොට, එතනිනුත් volume based revenue එකක් generate වෙනවා.
ඔය විදියට තමයි හෙළකුරු එකයි PayHere එකයි revenue generate කරන්නේ. මේ වෙනකොට පිට අයට software development services දෙන්නේ නැහැ, කාලයක් දුන්නා product revenue වලින්ම survive වෙන්න බැරිව හිටපු කාලේ. ඒත් දැන් solely product based යන්නේ, ඒ product වල revenue එකෙන් තමයි ලොකු team එකකුත් maintain කරන ගමන්, තව තව අලුත් productsසුත් හදන්නේ.
Software services කම්පනි grow වෙන්නේ හම්බෙන projects වැඩි උනාමනේ, හැබැයි Software product companies grow වෙන්නේ products use කරන user base එක වැඩි උනාම. ඒකයි වෙනස. Innovative වෙන්න පුළුවන්නං, අඩුම ගානේ ලෝකෙට අලුත් නැති උනත්, ලංකාවට අලුත් innovative products හදන්න පුළුවන්නම් සහ ඒවා creative විදියට මාකට් කරන්න පුළුවන්නම්, ඉක්මණට ඒවා මිනිස්සු අතරට යවලා product එකට ලොකු user base එකක් හදාගන්න පුළුවන්.