පත්තරේ විස්තරේ📰

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා විවිධ චැනල්වල පත්තර කියවන එක ගැන.

    රූපවාහිනී හා යූටියුබ් චැනල් වල මිනිස්සු මෙහෙම තරඟෙට පත්තර කියවන්න ගත්තම කවුද ඔය පත්තර සල්ලි දීල ගන්නේ? මේ වෙනකොට කොහොමත් අඩුවෙන් පත්තර ගන්න එකේ, පත්තර මිලදී ගන්න මිනිස්සුත් ටීවී එකෙන් පත්තරේ අහලා නිකන් ඉන්නවනේ.
    කිසිම පත්තරයකින් ඕකට විරුද්ධව කතාකරනවා ඇහුනේ නෑ. හැබැයි චැනල් නං හම්බුකරගන්නවා අනුන්ගේ අදහස් කියවලා.

    උඹලගේ අදහස මොකක්ද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,860
    48,633
    113
    දැන් කොහොමත් ඒ කාලේ වගේ පත්තර විකිනෙන්නේ නැහැ..ඒකනේ ලගදි මිහිර පත්තරෙත් ප්‍රින්ට් කරන එක නතර කරේ..ඉස්සරහට අනිත් පත්තරත් ePaper විදිහට එයි...
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පත්තරේට මාකටිං පාරක් හම්බෙන්නෙ
    පත්තරවල සිරස්තලයි සාරාංශයයි විතරයි ඕකෙ කියන්නෙ. ඒක ඇහුනම ඕපදූපෙ ඉතිරිටික දැනගන්න පත්තරේ ගන්න ඕන.

    මේ ලගදි ලංකාදීපෙ නිවුස් එකක් පෙන්නුවා Tv එකේ UK කම්පැනියක වැඩකරන ලංකාවෙ එකෙක් ඩක්ට් එක අස්සෙ හැංගිලා මැනේජර් ගෑනි නාන දිහා බලලා මාට්ටු වෙලා කියලා.
    ඒ සතියෙ වැඩිපුරම විකිනුනේ ලංකාදීම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    රටේ තෝටේ විස්තර දැනගන්න පත්තර බලපු කාලේ ටීවී ආපුකාලේම නැති උනා. පරණ මිනිස්සු තාමත් ගන්නවා තමයි ඒත් ගොඩක් දෙනා දැන් දැන් පත්තර ගන්නෙ ඉඩම් වාහන මන්ගල යෝජනා වගේ දේවල් බලාගන්න. ඉන්ටනෙට් යූස් කරන අයත් ඔන්ලයින් ඇඩ් දාලා පත්තරෙත් තාමත් දානවා.
     
    • Like
    Reactions: War Fighter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පත්තරේට මාකටිං පාරක් හම්බෙන්නෙ
    පත්තරවල සිරස්තලයි සාරාංශයයි විතරයි ඕකෙ කියන්නෙ. ඒක ඇහුනම ඕපදූපෙ ඉතිරිටික දැනගන්න පත්තරේ ගන්න ඕන.
    :yes: