1947 ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට මහත්මා ගාන්ධි සමඟ ඉංග්‍රීසින්ට විරුද්ධව උරෙනුර සටන් කල මොහොමඩ් අලි ජින්නා අවසානයේ නිදහස ලබා ගත්තෙ මුස්ලිම් ජනතාව සඳහා පකිස්ථානය ලෙස වෙනම රටක් බිහිකර ගනිමිනි.
නූතන පකිස්ථානය බටහිර පකිස්ථානය ලෙසත් නූතන බංග්ලාදේශය නැගෙනහිර පකිස්ථානය ලෙසත් පැවති අතර බටහිර පකිස්ථානයේ සිට රට මෙහෙයවූ පාලකයින්ගේ අඩු සැලකිලි නිසා 1971 මාර්තු 26 නැගෙනහිර පකිස්ථානයේ මැතිවරණයෙන් ජයගත් ශෙඉක් මුජිබර් රහුමාන් එය බංග්ලාදේශය ලෙස ස්වාධීන රාජ්‍යක් වශයෙන් ප්‍රකාශ කරන ලදි.
ඒත සමඟ පකිස්ථානයෙන් දියත්වූ operation searchlight (නැවත නැගෙනහිර පකිස්ථානය ස්තාපිත කිරීමේ මෙහෙයුම) නිසා මිලියන 1.5කට ජීවිත අහිමි වූ අතර මිලියන 5ට අධික ජනතාවක් සරණාගතයින් විය.
මාස 09ක් නිදහස වෙනුවෙන් සටන් කල මිනිසුන්ගේ ලේ මතින් පකිස්ථානය පරදා බන්ගලාදේශය බිහිවිය..
අද බංග්ලාදේශයේ ගැටුම් වලට ප්‍රධානම හේතුව බංග්ලාදේශයේ රාජ්‍ය සේවය සඳහා 30%ක් එදා නිදහස් සටනින් රට වෙනුවෙන් දිවි පිදූ පවුල් වලට ලබා දීමයි..
එම 30% කෝටාව 1971 සිට 2018 දක්වා ලබා දුන් අතර ශිශ්‍ය සංගම් විසින් ගොනුකල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කටයුත්තක් නිසා එය 2018 දී අත්හිටවූවත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ වසරේ එම 30% කෝටව නැවත ලබා දීමට නියෝග කර ඇත.
අද මේ ශිශ්‍යයින් පාරට බැස ඇත්තෙ එදා බංග්ලාදේශය බිහිකිරීමට ජීවිත දන් දුන් නිදහස් සටනේ සිටිය අයගේ පවුල් වලට රැකියා ලබා දීමට එරෙහිවයි..
2009 ඊලාම් යුද්දට ජීවිත දුන් රණවිරුවන් සඳහා මෙසේ කෝටාවක් දුන්නානම් මේ රටේ වමේ ගුණමකුවන් ඇරෙන්න කිසිම පුද්ගලයෙක් විරුද්ධ වන්නේ නැත.
බංගලාදේශයේත් තත්වය එයමයි.
වාමාංශික ව්‍යාපාර යනු නැගී එන රටකට පිලිකාවකි..
දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටක් වූ බංගලාදේශය බිමට ඇද දැමීමට අද මේ වාමාංශික පිලිකාවට හැකි වී තිබේ..
ප්‍රශ්නය එසේ තිබියදී හසීනා දුන් උත්තර සාදාරණද නැත..
හසීනාට රනිල් වික්‍රමසිංහ අනුගමනය කල යුතුව තිබිනි..
බංග්ලාදේශයේනම් සිසුන් පමණි..
නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කිසිඳු රබර් උණ්ඩයක්වත් භාවිතා නොකර ගුරුවරු දරුවන්ට සලකන වේවැල් කීපයක් පමණක් භාවිතා කරමින් මේ රටේ 2/3 ක ජනවරමකින් බලයට පත්වූ ජනාධිපතිවරයෙක් රටෙන් එලවූ හාමතේ, ප්‍රශ්න පිට ප්‍රශ්න මැද ජීවත් වූ බහුතර ජනතාවක් විසින් දියත් කල මහා අරගලයක් මැඩපවත්වා අද සාර්තකව අවුරුදු 2ක් රට කරමින් ඇත.
රනිල් වික්‍රමසිංහ යනු විශ්මිත ලෙස ආර්ථිකය මෙහෙයවමින් බංකොලොත් වූ රටක් නැවත යතා තත්වයට කෙටිම කලකින් ලඟාකරවූ නායකයා ලෙස ලෝකයම පිළිගන්නා අතර
ඉදිරියේදී අවිහින්සාවාදීව දැවැන්ත අරගලයක් පාලනය කල මෑත කාලයේ බිහිවූ එකම නායකයා ලෙසද ඉතිහාසගත වනු ඇත..
මේ ශෙයික් හසීනා රනිල්ගෙන් උපදෙස් පැතිය යුතු අවස්තාවයි..
Ruwin Fernando

