ammata seeni wadi wela

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තෙබු කොළ මැල්ලුම

    කරවිල තරමක් තිත්ත රසයක් ඇති එළවළුවක් වන කරවිල ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කරගත හැකිය. කරවිලවල අඩංගු සමහර සංයෝග මගින් රුධිරයේ පවතින වැඩි සීනි ප්‍රමාණය සෛලවලට අවශෝෂණය වීම සිදුවේ. කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය, කරවිල පානය ලෙස කරවිල ඔබට ආහාරයට ගත හැකිය. දියවැඩියාව තියෙනවා නම් කරවිල යම් ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
    අලිගැටපේරවල ඇති ඒක සංතෘප්ත මේදය මගින් අපේ ආහාර දිරවීමේ වේගය අඩුකරමින් ආහාරවේලකින් පසුව අපේ රුධිරයේ ඇති සීනි මට්ටම එකපාරටම වැඩිවීම පාලනය කරයි. අලිගැටපේර තුළ අඩංගු හිතකර මේද මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩිවේ. අලිගැටපේර මගින් රුධිරයේ අධික සීනි ප්‍රමාණය අඩු වේ. මෙම හේතුන් නිසාවෙන් අලිගැටපේර දියවැඩියාවට ඉතා හොද ආහාරයක් ලෙස හැඳින්විය හැක.

    බාර්ලි - සුදු හාල් වෙනුවට බාර්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති සීනි 70කින් අඩු කරගත හැකි බව වෛද්‍යවරුන් පවසනවා. අනෙක් ආහාර මෙන් බාර්ලි ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටම එකපාරට ඉහළ නොනගින අතර, බාර්ලි මගින් රුධිර සීනි මට්ටම පාලනයක තබාගන්නවා. කැඳ විදියට වුණත් බාර්ලි ආහාරයට ගන්නට ඔබට පුළුවනි.

    බෝංචි - දියවැඩියා රෝගීන් සඳහා හඳුන්වාදෙන සුපිරි ආහාරයක් ලෙස බෝංචි හැඳින්විය හැකිය. දියවැඩියාව පාලනයට බෝංචිවලට ඉහළ හැකියාවක් ඇති බව වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා. බෝංචි සතුව අඩු ග්ලයිසමික් අගයක් පැවතීම හා ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ හා තන්තුවලින් බහුලවීම නිසා බෝංචිවලට දියවැඩියාව අඩු කරන්නට මෙතරම් හැකියාවක් ලැබී තියෙනවා.

    ගෝවා - මල්ගෝවා යනු දියවැඩියාව අඩු කරන රසවත් එළවළුවකි. ගෝවාමල්වල ප්‍රතිඔක්සිකාරක, ප්‍රෝටීන්, විටමින් සී, පොටෑසියම් හා ෆොලේට් යන ඒවා ඉතා හොඳින් අන්තර්ගතයි. ප්‍රෝටීන් බහුල වන ගෝවාමල් දියවැඩියාවට ඉතා හොඳ ආහාරයකි.
    කැරට්වල සීනි අඩංගු වන්නේ බොහොම අඩු ප්‍රමාණයකි. කැරට්වල බහුලව ඇති බීටා කැරොටින් මගින් දියවැඩියාව පාලනය කරන අතර රැධිරයේ සීනි මට්ටම අඩු කරන්නට ද උදව් වෙනවා.
    කුකුළු මස් - ඔබ බලනවා ඇති දියවැඩියාවට කුකුළු මස් හොඳ වෙන්නේ කෙසේද කියලා. දියවැඩියාවට කාබෝහයිඩ්‍රේට් වෙනුවට ප්‍රෝටීන් ආහාරයට ගත යුතු වන අතර කුකුළු මස්වල ප්‍රෝටීන් යහමින් අඩංගු වීම නිසා දියවැඩියාවට හොඳයි. එහෙත් කුකුළු මස් හරි හැටි අනුභව කළ යුතුයි. කුකුළාගේ පපුව ප්‍රදේශයේ මස්වල මේදය අඩුවන අතර හමේ මේදය වැඩිය. එම නිසා හම ඉවත් කර වැඩියෙන් පපුව ප්‍රදේශය ආහාරයට සුදුසුයි.

    බිත්තර යනු අඩු ග්ලයිසමික් අගයක් ඇති ප්‍රෝටීන් බහුල ආහාරයකි. බිත්තර ආහාරයෙන් පසුව වැඩි වේලා යනකම් බඩගිනි සෑදෙන්නේ නැහැ. දියවැඩියා රෝගීන්ට රෝග පාලනය සඳහා හොඳම ආහාරයක් ලෙස වෛද්‍යවරුන් බිත්තර හඳුන්වනවා.
    මේදමය මාළු - මෙය දියවැඩියා රෝගයට ඉතාම හොඳ ආහාරයක් ලෙස හඳුන්වනවා. මේදමය මාළු අනුභවයෙන් හෘද රෝග 40කින් අඩුකරගත හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා. සැමන්, සාඩින්, මැකරල්, හුරුල්ලො වගේ මාළු මෙම මේදමය මාළු ගණයට අයත් වෙනවා.

    ඇට හා බීජ වර්ග - ආමන්ඩ්, වෝල් නට්ස්, කජු, රටකජු යන ඇට වර්ගයන්හි ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒවා දියවැඩියාවට ගුණදායක වෙනවා.
    ඕට්මීල්ස් - දියවැඩියා රෝගීන්ට මෙය ගුණදායක ආහාරයකි.

    ඔලිව් තෙල් - හිතකර මේදය ඇති හෙයින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින් දියවැඩියාව අඩු කරන්නට ඔලිව් තෙල් උදව් වෙනවා.
    ධාන්‍යමය පාන් - සුදු පාන් මගින් අපගේ සීනි මට්ටම තරමක් වැඩි කරන අතර ධාන්‍යමය පාන් මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින්, රුධිර සීනි මට්ටම පාලනය කරන්නට උදව් වෙනවා.
    බතල - ඔබට දියවැඩියාව තියෙනවා නම් අල වෙනුවට බතල ආහාරයට ගැනීම සුදුසුයි. දියවැඩියාවට හොඳ ආහාරයක් ලෙස බතල හැඳින්විය හැකිය.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Monahari exercises tikak karawapanachan. Wayasai nan gedara athule hari awidinna kyanna puluean taram kama control karana gaman.
     

    nidarsha91

    Well-known member
  • ඉක්මනට ඉඟුරු කෑල්ලක් තලල දීපන් කන්න. අම්මට ගැස්ට්‍රික් පේන්ස් තියෙනව නම් ඒකට ලෑස්ති වෙලා හිටපන් මොකද ඉඟුරු සැර හින්ද. හැබැයි ඉන්සියුලුන් එකට වඩා මට නම් ශුවර්ම අඩු කරන විසඳුම ඉඟුරු තමයි. හැබැයි අම්ම ලඟ හිටපන්. මොකද එක්කෝ හයිපො යන්න පුළුවන්. නැත්තන් ගෑස් වැඩි වෙන්න පුළුවන්. දැන්ම කරන්නෙ නැත්තන් උදේට කරපන්. එතකොට ඇහේම තියාගෙන බලාගන්න පුලුවන් නෙහ් සුවපත් වේවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තෙබු කොළ වලත් හරි එක හොයල කාහන් මචන්