කතාවක්නම් නම් නෙමේ ඒත් යම් උපදෙසක් බලාපොරොත්තුවෙන් මේක දාන්නෙ. මගෙ යාලුවෙක් වාහනයක් ගත්ත දැනට මාස 4 කලින්. කලින් පාවිච්චි කරපු එකක්. ඕක ගෙනාවත් හරි මිනිහට සෑහෙන ප්‍රශ්න ටිකක් ආව. වාහනෙත් 3 පාරක් වැදිල තිබුන. ලොකුවට නොවුනත් සාමාන්‍යයෙන් පේන ගානට. ඊට අමතරව ගෙදරත් ප්‍රශ්න. ඔය ගැන හොයල බලනනකොට ඔය වාහනෙන් කලින් කෙනෙක් Accsident වෙලා නැතිවෙලා කියල දැනගන්න ලැබිල තියනව. ඕකෙ ඇත්ත නැත්තනම් හරියටම දන්නෙ නෑ. වාහනේ ගත්ත කෙනාගෙ ෆැමිලි එකම දැන් ලංකාවෙත් නෑ. මට දැනගන්න ඕනෙ ඔය වගේ බලපෑමක් වාහනෙකින් වෙන්න පුලුවන්ද කියන එක. ඒක එහෙමනම් ඒකට කරන්න පුලුවන් මොනවගේ දෙයක්ද?

