පිටකොටුවේදී ගණිකාවකට ඇන්දුනු ව්‍යාපාරිකයා අමුතු ‍විදිහට කොල්ලකාලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පිටකොටුව ප්‍රදේශයේදී වීදි ගණිකාවකගේ ඉඟිබිඟියට වසඟ වූ ව්‍යාපාරිකයකු පංචිකාවත්ත ලැගුම්හලකදී පහරකෑමට ලක්ව, සන්තකයේ තිබූ රුපියල් ලක්ෂයකට අධික මුදලක් හා වටිනා ජංගම දුරකතනයක් අහිමි කරගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි මරදාන පොලිසිය කියයි.46 හැවිරිදි ව්‍යාපාරිකයකු කරවල තොග මිලදී ගැනීම සඳහා රෑ බෝවෙත්ම පිටකොටුවට පැමිණියේ කරවල තොග මිලදීගෙන උදේම යළි නුවර බලා යාමේ අරමුණිනි.


    බස් රථයෙන් බැස පදික මාරුව හරහා යාමේදී ඔහුගේ ශරීරයේ ගෑවී නොගෑවී යන තරමට ගමන් කළ කාන්තාවකගෙන් නාස් පුඩු කඩාගෙන යන තරමට සුවඳ විලවුන් ආග්‍රාහණයක් දැනී ඇති අතර, ව්‍යාපාරිකයා එම කාන්තාව දෙස බැලීමත් සමගම, අඩවන් දෑසින් එම කාන්තාව ව්‍යාපාරිකයා දෙස බලා මඳ සිනහවක් පා, මඳක් ඉදිරියට ගොස් නැවතී,

    කිසියම් අයකු පැමිණෙන තෙක් රැඳී සිටින තැනැත්තියක සේ අත රැඳි ඔරලෝසුව දෙස බලමින් සිට ඇතැයි පොලිසිය කියයි.


    සිත් වසඟ කරන සිනහවක් පෑ එම ආගන්තුක කාන්තාව සමග වචනයක් හෝ නොදොඩා යාමට සිත් නොදී ඇති ව්‍යාපාරිකයා යන ගමන මඳකට අමතක කර, තම අත තිබූ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගන්නා මුවාවෙන් එම තරුණිය දෙස බලමින් සිටියදී, ඇය ද වරෙක ඔහු දෙස බලමින්, තවත් වරෙක අත් ඔරලෝසුව දෙස බලමින් කාලය ගත කරන්නට වී ඇති අතර, විනාඩි දහයක් පහළොවක් අතර කාලයක් ගතවෙද්දී කාන්තාවගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබීමත් සමගම ඇය කලබලයෙන් වටපිට බලමින්, ව්‍යාපාරිකයාට නැවතත් සිනහවකින් සංග්‍රහ කරන්නට වී යයි ව්‍යාපාරිකයාගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි


    මඳ වේලාවක් ගත වෙද්දී ව්‍යාපාරිකයා එම කාන්තාව අසලටම ළඟා වී, “කොහෙද නංගි මේ රෑ යන්නේ” යැයි විමසා ඇති අතර, "අනේ අයියේ බලන්නකෝ, අපේ අයියා කරපු දේ මට. ගමේ ඉඳන් කොළඹ එන්න කියලා, දැන් එයාට එන්න විදිහක් නැහැලු, අද නයිට් ඩියුටිලු කියලා මට කෝල් දෙනවා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්න ද කියලා. මට පිස්සු වගේ අයියේ. බයත් හිතෙනවා. මිනිස්සු මුහුණ දිහා බල බලා යනවා." යැයි තරුණිය පවසා ඇත.




    " නංගි, ඔයා කොහෙද නංගි?" යැයි ව්‍යාපාරිකයා විමසා ඇති අතර, “අයියේ මම මාතර. මම කොළඹ එන්නේ අයියා එන්න කිව්වොත් විතරයි. මට මෙහේ එච්චර පුරුදු නෑ අයියේ. අයියා මොකද මෙහෙ ද ජොබ් කරන්නේ." යනුවෙන් තරුණිය ඇසීමත් සමගම, ව්‍යාපාරිකයා ඔහුගේ තොරතුරු නොසඟවා ආගන්තුක කාන්තාවට පවසා තිබූ බව පොලිසිය කියයි.

    “නංගි බය වෙන්න එපා. මටත් ඉන්නවා ඔය වගේ නංගිලා." යනුවෙන් ව්‍යාපාරිකයා පැවැසීමත් සමග, “අනේ අයියේ දැන් තමයි මට හුස්ම ටිකක් වැටෙන්නේ " යනුවෙන් පවසා, කාන්තාව තව තවත් ව්‍යාපාරිකයා අසලට කිට්ටු වන්නට විය.

    “ නංගි මේ රෑ ජාමේ ඔයා කොහේවත් යන්න එපා.


    මමත් අද රෑට හෝටලයක නැවතිලා ඉඳලා තමයි හෙට පාන්දරම බඩු අරගෙන නුවර යන්නේ. කැමැති නම් විතරක් එන්න. හෙට උදේම ගමේ යන්න පුළුවන්. මම පිටකොටුවටම ඇරලවන්නම්. මොකද ඔයා කියන්නේ?" යයි ව්‍යාපාරිකයා පැවැසීමත් සමගම, “කමක් නෑ අයියේ, මගේ වාසනාවකට තමයි ඔයාව හම්බ වුණේ අයියේ. කොහෙද අයියේ යන්නේ." යැයි ඇය ඇසීමත් සමගම, ඒ ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථ රියැදුරකු “ආ නෝනා මහත්තයා, මීටර් ටැක්සි, මීටර් ටැක්සි " කියමින් ඔහු අසලම රථය නැවතීමත් සමග 'අපි එහෙනම් මේකේ නගිමු” යයි ව්‍යාපාරිකයා යෝජනා කර ඇති අතර, කාන්තාව ද ඊට එකඟ වී ත්‍රිරෝද රථයට ගොඩ වී ඇතැයි පොලිසිය කියයි.




    මඳ වේලාවකදී ඔවුන් දෙදෙනාම පංචිකාවත්ත ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ ඇති අතර, කාමරයක් වෙන් කරවාගෙන සුළු මොහොතක් ගත වෙද්දී, එම කාමරය වෙත කඩාවැදී ඇති ත්‍රිරෝද රථ රියැදුරු කාන්තාව හා එක්ව ව්‍යාපාරිකයාට පහරදී, ඔහු සතුව තිබූ රුපියල් එක්ලක්ෂ තුන්දහසක මුදලක් සේම ජංගම දුරකතනය ද කොල්ලකා, එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.


    කරවල තොග මිලදී ගැනීමට පැමිණ අහම්බෙන් හමු වූ ආගන්තුක කාන්තාවට උදව් උපකාර කිරීමට ගිය ව්‍යාපාරිකයා පහර කෑමට ලක්ව, සේසතම අහිමි කරගෙන, පා ගමනින්ම මරදාන පොලිසිය වෙත පැමිණ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත කුමාර ඇපලකොටුව මහතා හමු වී අදාළ පැමිණිල්ල කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    gon badu gahana kiriye ponnayanta
     

    AnuradhaRa

    Well-known member
  • 😂😂😂😂. පව් නේද බං ඌ
    ok-legal.gif
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මේනම් වැල කතා ලියන එකෙක් ලියපු ආටිකල් එකක්ද කොහෙද. කොතනද යකෝ පිටකොටුවේ ලස්සන කෑලී ඉන්නේ? :lol: :lol: :lol: :lol:
    ow dakkath appririya ewa ne inne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    gon badu gahana kiriye ponnayanta

    ආ මේ ඉන්දර් පොන්නයා ගැනනෙ කියන්නෙ.
    ඌ තමා මහ පොළෙන්(ඒ කිව්වෙ පිටකොටුවෙ මැනිං මාර්කට් හරිය) බඩු අරන් ගහනවා කිව්වෙ 🙈
     
    • Haha
    Reactions: gamerlk and SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බස් රථයෙන් බැස පදික මාරුව හරහා යාමේදී ඔහුගේ ශරීරයේ ගෑවී නොගෑවී යන තරමට ගමන් කළ කාන්තාවකගෙන් නාස් පුඩු කඩාගෙන යන තරමට සුවඳ විලවුන් ආග්‍රාහණයක් දැනී ඇති අතර, ව්‍යාපාරිකයා එම කාන්තාව දෙස බැලීමත් සමගම, අඩවන් දෑසින් එම කාන්තාව ව්‍යාපාරිකයා දෙස බලා මඳ සිනහවක් පා, මඳක් ඉදිරියට ගොස් නැවතී,
    කිසියම් අයකු පැමිණෙන තෙක් රැඳී සිටින තැනැත්තියක සේ අත රැඳි ඔරලෝසුව දෙස බලමින් සිට ඇතැයි පොලිසිය කියයි
    What Is It Reaction GIF by Nebraska Humane Society