නිවන් සුව ලැබේවා!
හැම එකාටම අම්මා නැතිවෙන දවසක් එනවා...

මළගෙදර ආව අය ආපහු හැරිලා යද්දී ..
ආපු නෑදෑයො
ජීවිතේ ඔහොම තමයි කියලා යද්දි..
මළ ගෙදර ගහපු හඩ් ගලෝපුවාම..
කාත් කවුරැවත් නැතුව උඹ තනි වෙද්දි

බැලු බැලු අත අම්මවම මැවිලා පෙනෙද්දි..
වෙනදා වගෙ බත් එක බෙදලා "කාපන් පුතේ"
කියන්න එයා ලග නැති වෙද්දි ..
අම්මගෙ රස, බත් එකේ නැති වෙද්දි..
හිතේ හැමදේම කියන්න කෙනෙක් නැතිවෙද්දි..
මම කරන්න ඕනි මොනාද කියලා කියන්න කෙනෙක් නැතිවෙද්දි..
දැනෙයි උබට,..!
එයා කරපු ආදරේ..
උබව පරිස්සම් කරපු තරම..
උබ වෙනුවෙන් විදපු දුක..
කොටින්ම කිව්වොත් ජීවිතේ
ඉතුරැ ටික.
අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක්වෙද්දි.......

පුංචි කාලෙ වගෙ ආයෙත්
දුවගෙන යන්න හිතෙයි
අම්මව හොයාගෙන....
ඒත් අම්මගෙ තුරැලට නෙවෙයි,
සොහොනට.
දන්නවද,අම්මව පොළව යට වළ දාලා ඇවිත් සුපුරැදු ජීවිතය ගෙවන්න වෙනවා අපි හැමෝටම දවසක
එදාට පසුතැවිලි නොවී..
ඉන්නකම්
සලකපං,ගරැකරපං,බලාගනිං,
ඒ උඹට කවදාවත් අඩුවක් නැතුව ආදරෙ කරපු එකම ආදරවන්තියයි.
අම්මා..

❤✍නිපු