Thread එකකදී, එක්කෙනෙක් පව් පින් ගැන මගේ සිද්ධියක් සම්බන්ධයෙන් කතා කරපු නිසා මේක ලියන්න හිතුණා.
මම උපතින් බෞද්ධ. බුද්ධාගමේ සමහර තැන් වලට මම කැමති, hospital එකක් ඇරුනහම මම වැඩියෙන්ම ගිහින් ඉන්න කැමති තැන පන්සල. නිදාගද්දී පිරිත් දානවා. Wife යද්දී පන්සල් යනවා, මතක තියෙන ගාථා සූත්‍ර කියනවා.
හැබැයි, 2011 දී වගේ මම මේ ඔක්කොම ගැන හිතුවා. ආගම, ජාතිය, මමත්වය ඕවා. මම දැන් Agnostic.
හැබැයි මම God සම්බන්ධයෙන් නෙවෙයි හැම ආගමක් සම්බන්ධයෙන් ම Agnostic බොහෝ දුරට. ඉස්ලාම් ආගම නම් මම ප්‍රතික්ෂේප කරනවා දන්න ආගම් වලින්. හැබැයි මට වැඩියෙන්ම ඉන්නේ මුස්ලිම් යාළුවෝ. උන් ආගම අදහන එක මට ප්‍රශ්නයක් නෙවේ.
කොහොම හරි, මට ආගම් ගැන හිතන්න , තේරුම් ගන්න කියවන්න වෙලාවක් නැහැ. අනික ඕවා තේරුම් ගන්න තරම් මට brain capacity එකකුත් නෑ. කොටින්ම Darwin ගේ Theory of Evolution මට මැජික් එකක් වගේ.
බොක්කෙන් ම කිව්වොත් ඉස්ලාම් ඇරෙන්න මම දන්න ආගම් වලින් මොකක් හරිද මොකක් ඇත්තද කියන්න මම දාන්නේ නෑ. සමහර විට ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. එකක් ඇත්ත වෙන්නත් පුළුවන්. හෘදසාක්ෂිය ට අනුව ඕක තමයි මගේ තත්ත්වය.
මැරුණට පස්සෙ මම හිතන්නේ නින්ද ගියා වගේ දෙයක් වෙයි. එක්කෝ අපායකට, නිරයකට යයි එක්කෝ ආයේ ඉපදෙයි. මම දන්නේ නෑ. එන දේකට මූණ දෙනවා.
(ආගම ඇරෙන්න, ජාතිය, රට කියන සංකල්ප වලත් මම නැහැ. ජාතිය මනුස්ස ජාතිය. පවුලේ අයට පස්සෙ මම ආදරේ මහ පොළොවට, නැතුව කට්ට්ය සීමා මායිම් ලකුණු කරලා බෙදාගත්ත කෑලි වලට නෙවේ)