සමහර දේවල් තියෙනවා, අපි දන්නවා ඒක කලොත් නැත්නම් ඒක වෙන්න දුන්නොත් මොකද වෙන්නෙ කියලා දන්න. ඒ වුනත් අපි ඒකට වෙන්න ඉඩ දෙනවා. සමහර වෙලාවට බිරිඳ කියන දේවල් අහන සැමියා ඒ කියන දේ කලාම වෙන්නෙ මොකක්ද කියලා දැන දැනත් තියෙන ආදරේට ඒ දේවල් කරනවා. සමහර වෙලාවට සැමියා කියන දේ අහන බිරිඳ ඒ කියන දේ කලාම වෙන්නෙ මොකක්ද කියලා දැන දැනත් තියෙන ආදරේට ඒ දේවල් කරනවා. කරලා වැරදුනාම දැන් ඉතින් මොනව කරන්නද කියලා පාඩුව ඉවස ගන්නවා. හැබැයි මේ දේවල් මෙහෙම වෙන්නෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. දෙයියන්ටත් මෙහෙම වෙනවා.
දෙවියන්ගේ දෙවියා වුන ශිව දෙවියන්ටත් මෙහෙම වැඩක් වෙලා තියෙනවා. ඒ කතාව මෙහෙමයි.
විෂ්ණු දෙවියන්ට නාරද මුණිවරයා දවසක් කියනවා විෂ්ණු දෙවියො ආදිශේෂ නාගයාගේ දරණයට වෙලා ඔහේ බලන් ඉන්නවා මිසක් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන දෙයක් කරන්නෙ නැහැ. ඒ නිසා අනිත් මිනිස්සු වෙනුවෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන්න කියලා. මේක ඇහුවට පස්සෙ විෂ්ණු දෙවියන්ට හිතෙනවා ඒක හරි මමත් මොකක් හරි ප්‍රයොජනවන් දෙයක් කරන්න ඕනා කියලා. විෂ්ණු දෙවියො කල්පනා කරනවා භාවනා කරන්න. දැන් දෙවියන්ට ඕන වෙනවා ඒකට ගැලපෙන තැනක්. තැනක් හොයද්දි විෂ්ණු දෙවියො දකිනවා හිමාලයෙ එක්තරා ස්ථානයක තියෙන ලස්සන පුංචි ගෙයක්. මේ තැනට කියන්නෙ බද්රිනාත් කියලා. බද්රිනාත්වල තමයි ශිව සහ පාර්වතී ජීවත් වෙන්නෙ. විෂ්ණු දෙවියො මේ ගේ ලඟට ඇවිත් හොයලා බලද්දි දැන ගන්නවා මේක ශිව ඉන්න ගෙදර කියලා. ඒ නිසා ගෙට ඇතුලු වෙන්න විෂ්ණු හිතන්නෙ නැහැ.
ඔය අතරෙ ශිව සහ පාර්වතී ඇවිදින්න ගිහිල්ලා ගෙදර එනවා. ඒ එද්දි මේ දෙන්න දකිනවා ගෙදර දොර ඉස්සරහ පුංචි බබෙක් ඉන්නවා. බබාව දැක්ක ගමන් පාර්වතීට මාතෘ ප්‍රේමය හට ගන්නවා. ඇය ගිහිල්ලා දරුවාව වඩා ගන්න හදද්දී ශිව ඇයව වලක්වනවා. ශිව කියනවා කවුරුවත් ආපු ලකුණක් වත් පේන්න නැහැ, ඔහොම අපේ ගේ දොර ලඟම තනියම දරුවෙක් ඉන්න විදියක් නැහැ, මොකක් හරි අවුලක් තියෙනවා ඒ නිසා දරුවා වඩා ගන්න එපා කියලා. මේවා ගණන් ගන්නැති පාර්වතී දරුවා වඩා ගෙන ගෙට අරන් යනවා. ඉතින් දරුවාව ගෙයින් තියපු පාර්වතී ශිව එක්ක ඇඟපත හෝදගන්න ආපහු එළියට යනවා.
ඇඟපත හෝදලා ආපහු එන ශිව සහ පාර්වතී දකින්නෙ ගෙදර දොර වහලා ඇතුලෙන් යතුරු දාලා තියෙන හැටි. පාර්වතී අහනවා කව්ද දොර වැහුවෙ කියලා. ඉතින් ශිව උත්තර දෙනවා මන් කිව්වනෙ ඒ ළමයව වඩා ගන්න එපා කියලා, දැන් ඒ ළමයා තමයි දොර වහලා තියෙන්නෙ කියලා. ඒ සැරේ පාර්වතී අහනවා දැන් මොකද අපි කරන්නෙ කියලා.
මේ වෙලාවෙදි ශිව දෙවියන්ට විකල්ප දෙකක් තියෙනවා. එක තමයි තමුන්ගේ තෙවැනි ඇසින් ගේ ඇතුලු දේවල් විනාශ කරලා දාන එක. අනික තමයි වෙන තැනක් හොයා ගන්න එක. ඉතින් ශිව දෙවියො කියනවා ඒ ඔයාගේ ආදරණීය දරුවා නිසා මට අල්ලන්න බැහැ, අපි වෙන කොහෙට හරි යමු කියලා. අනේ ඉතින් ශිවයි පාර්වතීයි ගේ අත්හැරලා තමුන්ට ඉන්න වෙන තැනක් හොයා ගෙන යනවා. මෙහෙම ගිහිල්ලා තමයි මේ දෙන්නා කේදර්නාත්වල නවතින්නේ.
ඉතින් මේ කතාවෙ හැටියට ශිව නොදන්නවා නෙමෙයි දොර ඉස්සරහ උන්න දරුවා වඩා ගැනීමේ ප්‍රතිඵලය. ඒත් තමුන්ගේ බිරිඳගෙ කතාවට විරුද්ධ නොවෙන ගතිය නිසා අන්තිමේ දි ඉන්න ගේත් නැති වෙනවා. ඒකයි මන් කිව්වෙ සමහර සැමියො බිරින්දෑවරුන් තමුන්ගේ කලත්‍රයා හේතුවෙන් නරක ප්‍රතිඵල ලැබෙන බව දැන දැනත් සමහර දේවල්වලට වෙන්න ඉඩ අරිනවා කියලා. සැමියා බිරිඳ විතරක් නෙමෙයි, අනික් සබඳතා වලදිත් මේ වගේ වෙනවා. වැඩේ කියන්නේ මේ වගේ වුනාම වැරැද්දුව කෙනා දොස් කියන්නෙ අනිත් කෙනාට වීම. ඒත් ඉතින් මොනවා කරන්නද දෙයියන්ටත් එහෙම නම් සාමාන්‍ය මිනිස්සුන්ට කවර කතා ද.