සිය පුත්‍රයා ජනපති අපේක්ෂකයා වී ගමට එනතුරු මග බලා සිටි අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මව පිළිබඳ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් ලියා තිබූ කෙටි කවිය
තඹුත්තේගම
දුක කියන්නත්
අකුරු බැරි අම්මේ
පුතුට කොහොමද
රටේ දුක
තේරුම කියා දුන්නේ..
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
( උපුටා ගැනීම අවසන් )
තමන්ගේ පුතා මන්ත්‍රී , ඇමති උනාට පස්සේ....විපක්ෂයේ ප්‍රධාන සංවිධායක උනාට පස්සේ ....රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයා උනාට පස්සේ.....
ඉන්න ගේ විශාල නොවුණු , ගේ වටේ උස තාප්ප ඉදි නොකරපු , අදින සාරියේ ඩිසයින් වැඩි නොවුණු , ගමේ මිනිස්සුන්ට උඩින් නොහිටපු , අතට පයට දැසි දස්සන් නොලැබුණු , විසි හතර පැයේ ආරක්ෂාවට බොඩි ගාඩ්ලා නොලැඹුනු
තමුන්ගේ පරම්පරාවේ නමින් පදනම් , සමරු ඵලක ඉදි නොවුනු ......
එදා ඉදන් තමන් ගත කරන සරල ගැමි ජීවිතයම වෙනසකින් තොරව පවත්වාගෙන යමින් තමන්ගේ පුතා කරන අරගලය දෙස අපේක්ෂා සහගතව බලාන හිටපු මේ වගේ අම්මලා තවත් මේ රටේ සිටී නම්....
අපි ඒ සෑම මවකගේම පුත්‍රයන්ට අපේ ආචාරය පුද කල යුතුය

