පාස්පෝට් පෝලිම ඉවරයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara



    jYDQfC9.png
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93

    මාසයක් ඉන්න ඕනේ Date එකක් ගන්න 🤣🤣🤦
    මරු විසදුම් මේවා🥰


    ඒන සෙනග අනුව මාසයක් යනවා. ඒහෙම නොකරන නිසා තමයි හිරවෙලා කැ ගහන්නෙ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The article below is the reality. I have commented on passport issue before. It's not only WW has multiple passports. It's primarily because the bloody job agents hold on the passport. People go for another using bogus documents to apply with another agent. :unsure:
    There is no exodus compared with the number of issued passports.


    ලෝකයේ කිසිදු රටක නැති තරම් පාස්පෝට් ලබාගැනීමට උනන්දුවක් ලංකාවේ ජනයාට තිබෙන බවක් බත්තරමුල්ලේ පාස්පෝට් කාර්‍යාලය අවට තිබෙන පෝලිම් නිරීක්ෂනය කිරීමෙන් පෙනී යයි. මෙම පෝලිම් වලට සාපේක්ෂව වීසා ලබා ගැණීම සඳහා කෙතරම් දිගු පෝලිම් විදේශ තානාපති කාර්‍යාල ඉදිරිපස තිබිය යුතුද? අවම වශයෙන් ඉන්දියානු තානාපති කාර්‍යාලය ඉදිරිපස වත් එවැනි පෝලිමක් දකින්නට නැත. දැනට කාලයකට පෙර අමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරියේ පෙරවරුවේ තරමක පෝලිමක් දකින්නට තිබුනද දැන් එවැන්නක්ද නැත. බොහෝ යුරෝපීය රටවල් සඳහා වීසා ලබා දීමේදී පාස්පෝට් සහ අයදුම් පත්‍ර භාර ගැණීම VFS වැනි පෞද්ගලික ආයතන වලට පවරා තිබුනද එම ආයතන වලද එතරම් පෝලිමක් කොහෙත්ම දකින්නට නැත. එසේ නම් මෙතරම් පිරිසක් පාස්පෝට් ලබා ගැණීම සඳහා දින ගණන් පෝලිම් වල රැඳී සිටින්නේ ඇයිද කියා සොයා බැලීම වටී.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඌ) සහ (එ) වයවස්ථාවන් වල ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහසට, සහ අභිමත ස්ථානයක වාසය කිරීමට; සහ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට ශ්‍රී ලාංකිකයකුට හිමිකම් ඇත්තේය යනුවෙන් සඳහන් වේ. https://www.parliament.lk/files/pdf/constitution-si.pdf ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට පාස්පෝට් එකක් ලබාගැණීමට බාධාවක් නැත.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2022 කාර්‍යසාධන වාර්තාව අනුව 2022 වසරේ සියලු වර්ග වල පාස්පෝට් 911,689 ක් නිකුත් කොට ඇත. 2018 සිට 2022 දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කොට තිබෙන පාස්පෝට් සංඛ්‍යාව 2,678,765 කි (පිටුව 21). ආගමන විගමන දෙපාර්තමේන්තුව 2023 වසරේ පාස්පෝට් 849,829 නිකුත් කොට තිබෙන අතර එය 2022 ට සාපේක්ෂව පාස්පෝට් 61,928 ක හෝ 6.79% ක අඩුවීමකි. සාමාන්‍යයෙන් පාස්පෝට් එකක ආයු කාලය වසර 10 කි. අස්ථාන ගත වීම්, විනාශ වීම් හෝ වෙනත් හේතුවක් නිසා හෝ පාස්පෝට් එක අහිමි වුවද පාස්පෝට් සඳහා මෙතරම් ඉල්ලුමක් ඇතිවීමට හේතු සොයා බැලීම පර්යේෂනයකට ඉතා සුදුසු මාතෘකාවකි. https://www.immigration.gov.lk/content/files/reports/performance_report_2022_english.pdf

    2022 වසරේ පාස්පෝට් 911,689 නිකුත් කළ ද, ලංකාවෙන් රැකියා සඳහා පිටත් වී ඇත්තේ 311,000 කි. https://www.ft.lk/front-page/Over-200-000-Lankans-have-left-for-foreign-jobs-so-far-in-2023/44-752580#:~:text=The year 2022 marked a,amidst the ongoing economic crisis. එමෙන්ම, 2023 වසරේ රැකියා සඳහා විදේශ ගත වී ඇත්තේ 230,000 ක පිරිසකි. මීට අමතරව උසස් අධ්‍යාපනය සඳහා වසරකට 10,000-12,000 අතර පිරිසක් ලංකාවෙන් පිටවේ. ආගමන විගමන පාලක වරයා ප්‍රකාශ කරන අන්දමට 2023 වසරේ නිකුත් කළ පාස්පෝට් ප්‍රමානයෙන් රටින් බැහැර වීමට භාවිතා කොට ඇත්තේ 23% ක් වැනි ඉතා අඩු ප්‍රමාණයකි. ඉතිරි පාස්පෝට් 77% ක්ම භාවිතා කොට නැත. https://www.dailymirror.lk/breaking...-2023-only-230-000-people-migrated/108-289667

    කරුණු මෙසේ වුවද, මේ දිනවල විශාල පිරිසක් පාස්පෝට් ලබාගැණීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන කාර්‍යාලය වෙත පැමිණෙන හේතුව විමසීම වැදගත් ය. මෙවැනි තත්වයක් 2022 වසරේද දකින්නට තිබුණි. එකල පැවති ආර්ථික අර්බුදය එයට හේතු වූ බව අපි දනිමු. එහෙත් දැන් තත්ත්වය තරමක් වෙනස් වී ඇත. මෙසේ සෙනග එකතු වීමේ අසාමාන්‍ය තත්වයක්ද පේන්නට ඇත. එම පෝලිම් වල සිටින පිරිස් සහ එක්තරා මාධ්‍යකට ඔවුන් දක්වන අදහස් සූක්ෂමව විශ්ලේෂණය කිරීමේදී යම් සංවිධානාත්මක බවක් පේන්නට ඇත. එමනිසා මේ ගැන විමසා බැලීම වටී.

    කෙසේ වෙතත්, පසුගිය රජය විසින් නිසි කලට පාස්පෝට් මුද්‍රනය සඳහා ඇනවුම් භාර නොදීමත් මෙම තදබදය ඇතිවීමට හේතුව විය. නව රජයේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා ප්‍රකාශ කළ අන්දමට ඔක්තෝබර 23 වන දින වන විට පාස්පෝට් 50,000 ක් පමන ලැබී ඇත. තවත් පාස්පෝට් 100,000 ක් නොවැම්බර් මාසයේ ලැබීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සමග මෙම තදබදය යම් මට්ටමකට අඩු වනු ඇත. https://www.ft.lk/business/Sri-Lanka-tackles-passport-shortage-with-50-000-new-arrivals/34-768298

    මෙම අර්බුදය විසඳීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කිසියම් ඔන්ලයින් ක්‍රමවේදයක් මේ සතියේ හඳුන්වා දෙන බව මාධ්‍යයේ ප්‍රකාශ විය. මීට පෙරද එවැනි ක්‍රමවේදයක් පැවතුණි. පළමුව, එය අසාර්ථක වීමට හේතු සොයා බැලුවේද යන්න පැහැදිලි නැත. ප්‍රශ්නය නම් විශාල පිරිසක් පාස්පෝට් ලබාගැණීම සඳහා කොළඹට පැමිණීම අඩු කිරීමට නිසි ක්‍රම වේදයක් නොතිබීමය.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විටත් ක්‍රියාත්මක ප්‍රාදේශීය කාර්‍යාල 4 ක් පවතී. මහනුවර, කුරුණෑගල, මාතර සහ වවුනියාව යන ප්‍රදේශ වල මේම කාර්‍යාල පිහිටුවා ඇත. අදාල පළාත් වලින් පාස්පෝට් ඉල්ලුම් කරන පිරිස් පහසුවෙන්ම එම කාර්‍යාල වලට යොමු කොට, ප්‍රධාන කාර්‍යාලයේ ඇති වන තදබදය අවම කිරීමට පියවර ගත හැක. එම කාර්‍යාලවල කිසියම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරැදි කිරීමට කටයුතු කොට පාස්පෝට් ලබා ගැනීමට කොළඹට ඇදී එන ජනයා අඩු කර ගත හැක.

    මීට අමතරව, දෙපාර්තමේන්තුව තදබදය පාලනය කිරීමේ (Congestion Control) මෘධුකාංඟයක් හඳුන්වා දී හෝ මොබයිල් ඇප් (Mobile App) එකක් ඔස්සේ දිනයක් සහ වෙලාවක් වෙන්කර ගැණීමට පහසුකම් සැපැයිය යුතු අතර ඒ සඳහා ගාස්තුවක් අයකිරීමද වැදගත් ය. උදාහරණයක් හැටියට, එක් කාර්‍යාලයක කිසියම් දිනයක උදේ 9.00 සිට දහවල් 2.00 දක්වා අයදුම්කරුවන් 500 ක් සඳහා අවස්ථාව දෙන්නේ නම්, පැයකට 100 කට අවස්ථාව දිය හැක. අයදුම්කරු වෙන්කර ගත් දිනයේ අදාල වේලාවට නොපැමිණිය හොත්, ඔහුගේ අවස්ථාව සහ ගෙවන ලද ගාස්තුව අහිමි වන අතර නැවත නියමිත ගාස්තුව ගෙවා නව දිනයක් හා වෙලාවක් වෙන්කර ගත යුතුය. අමතරව , අදාල කාර්‍යාලයේ දිනට නියමිත කෝටාව අවසන් වූ විට මෘදුකාංගය මගින් එදිනට ඇබෑර්තු තිබෙන වෙනත් කාර්‍යාලයකට අයදුම්කරු යොමු කළ හැකිය. හෝ ඇබෑර්තු තිබෙන වෙනත් දින පෙන්විය හැකිය. වීසා කාර්‍යාල (VFS) අනුගමනය කරන්නේත් මේ හා සමාන ක්‍රමවේදයකි. මේ හරහා ඇති වන තදබදය පාලනය කර ගත හැකි වන අතර නිලධාරීන්ට වන ආතතිය අවම කර ගත හැක.

    බොහෝ පිරිස් මුදල් ගෙවා පෝලීම් වල සිට පාස්පෝට් ලබාගත්තද, රටින් බැහර වන ප්‍රමාණය සලකා බැලිමේදී 70% කට වැඩි පිරිසක් රටින් බැහැර වන්නේ නැත. ඔවුන් පාස්පෝට් ලබාගන්නේ නිශ්චිත බලාපොරොත්තුවක් රහිතව බව පැහැදිලිය. හඳුන්වා දෙන මෘධුකාංගයේම තමන් විදේශගත වන්නේ කුමක් සඳහාද යන්න සටහන් කරන ක්‍රමවේදයක් හඳුන්වා දිය හැක.

    උදාහරණයක් හැටියට කිසියම් කටයුත්තක් හෝ ඥාතියකු බැලීම සඳහා තමන්ට ලැබී ඇති ආරාධනයක්, රැකියාවක් පිරිනමා ඇති බවට නිල ලිපියක සහතික කළ පිටපතක්, අධ්‍යාපන ආයතනයකින් පාඨමාලවක් සඳහා තෝරාගත් බවට ලිපියක්, සෞඛ්‍ය ප්‍රතිකාරයක් සඳහා විදේශ ගත වන්නේ නම් වෛද්‍යවරයකුගේ ලිපියක් හෝ වෙනත් පිළිගත හැකි කඩදාසියක් ස්කෑන් කොට හෝ ඡායාරූපයක් ලෙස අප්ලෝඩ් කිරීම අනිවාර්‍ය කළ හැක. ඒ හරහා පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රමවේදය විධිමත් කරනවාට අමතරව, කිසියම් පාලනයක් ඇති කර ගැණීමටද පිළිවන. මේ හරහා අල්ලස, දූෂනය අවම කිරීම වගේම ඇඳුරුම්කම හෝ හිතවත්කම් මත අවිධිමත් ලෙස පාස්පෝට් නිකුත් කිරීම පාලනය කළ හැකිය. ඉතා කෙටි කලක් තුල පෝලිම අවසන් කිරීමටද පිළිවන. මේ සම්බන්ධව වගකිව යුතු පිරිස් දැනුවත් කිරීමට මේ වන විටත් කටයුතු කොට ඇති බවද කිව යුතුය

    -ශාන්ත ජයරත්න​

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ඒන සෙනග අනුව මාසයක් යනවා. ඒහෙම නොකරන නිසා තමයි හිරවෙලා කැ ගහන්නෙ..
    අනුරගේ පුනරුද යුගය එපා කියලා මේ බයි වේසිගේ පුතාලා රට දාලා යනවා නේ මට නම් අප්පිරියයි බං🤮
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    People go for another using bogus documents to apply with another agent. :unsure:
    There is no exodus compared with the number of issued passports.
    That is illegal, right?
    How people get another passport if the records are already in the system?