එන්න කතා කරමු ඔබේ පන්තියේ අන්තිමයා ගැන. ⏳⏳⏳🎖️️🏆️

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    FB_IMG_1733332118312.jpg


    ඉස්කෝලෙ වැට ගහපු
    කණුවලට කර තියපු
    ගේට්ටුව ලඟ මැරුණු
    බලු කුණට වළ කපපු

    වහලෙ උලු කැට හදපු
    කුණු දමන වළ කපපු
    විහාරේ උඩ නැගලා
    කපුටු බෝ පැළ කඩපු

    ජය හඹා යන උන්ට
    පිට්ටනියෙ ඉරි ඇදපු
    පන්තියේ දඟකාර
    දඩබ්බරයා කියපු

    නොවූ කළ ...නුඹ
    නායකයෙක්, දක්ෂයෙක්
    භටයෙක්,නියමුවෙක්
    සාමාජිකයෙක්,ක්‍රීඩකයෙක්

    කෙසේ ලියමිද මෙමා
    ඔය කියන සහතිකේ
    නුඹෙ චරිතෙ කියවන්න
    කිසිවෙකුට බෑ පුතේ

    පන්තියේ කෙලවරේ
    දඩබ්බර කම් කරේ
    හදවතේ නිරතුරේ
    නුඹයි හොල්මන් කරේ

    මූසිලයෝ උඩු මැඳුරේ
    නුඹ වුවද මහ පාරේ
    සෙනෙහසින් අප රැඳුනේ
    උඹෙ හිතේ මගෙ පුතේ

    උපුටාගැනීමකි..
    Source i copied Link



    ඔබේ පන්තියේ සිටි ඒවැනි මිතුරන් වෙනුවෙන් අපි වෙන් කරමු මේ නූල. ආවර්ජනය කරමු ඒ අතීත මතක. අදටත් මතක් උන ගමන් එකපාර නවත්තගන්න බැරුව හිනා යන බහුතරයක් අතීත සොඳුරු සිදුවීම් දාමයන්වල නිර්මාපකයන් ඔවුන්‍ ය.

    ඔබේ පන්තියේ අන්තිමයා අද කොහේද?
    ඔහු/ඇය සාර්ථක(ලෝකයාට අනුව) පුද්ගලයෙක් වී තිබේද? අදටත් ඔහු/ඇය ගැන අමතක නොවෙන සිද්දි මොනවද?


    මගේ පන්තියේ අන්තිමයා ඒ කියන්නේ o/L කාලේ මන් හිටපු පන්තියේ අන්තිමයා විශය කරුනු වලට දුර්වල උනාට ඒ කාලෙම යාන්ත්‍රික වැඩ වලට නියම දක්ශයෙක්. o/L වලින්ම අද්‍යාපනයට සමු දුන්නා.
    අද වෙද්දී සංගීත ක්ශේත්‍රයේ ඉන්නේ. තරමක ප්‍රසිද්ද බෑන්ඩ් එකක හිමි කරුවෙක්. මන් හිතන්නේ ඔහු යටතේ 10 දෙනෙක් වත් වැඩ කරනවා. ඒ පැත්තෙන් ඔහු සාර්තකයි. ආර්තික පැත්තෙනුත් එහෙමයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අන්තිමයා කියලා නං මතක නැහැ


    හැබයි ඉංග්‍රීසි අකුරක් වත් බැරි හෙන මැරයෙක් වගේ ඩයල් එකක් හිටියා.
    පොර ඒ ලෙවෙල් කරෙත් නැහැ. ඉස්කෝලේ ගංජා ගහලා මාට්ටු වෙලා ප්‍රශ්න උනා.

    සාමන්‍ය පෙළ කරනකොටත් ඉස්කෝලෙට අරක්කු ගෙනත් බොනවා.

    පොර හිරේ යයි කියලා හිතුවේ.
    මේ මෑතක බලද්දී මිනිහා සුද්දියෙක් සෙට් කරං ඒකිගේ රටට ගිහින් බැදලා.

    ලංකාවේ හොටෙල් එකකුත් ඇරගෙන ඒ දෙන්නා.
    දැන් හොදට ඉන්නවා.

    තව යාලුවෙක් හිටියා ඒත් ඔය වගේමයි.
    සාමන්‍ය පෙළත් ෆේල්. පොර දැන් බිස්නස් කරන්නේ. සැහෙන මුදලක් හොයනවා.

    හොද ඉගෙන ගත්තු දෙමාපියෝ සහෝදර සහෝදරියෝ ඉන්න පවුලක කෙනෙක් හිටියා. හැමෝම හිතුවේ මිනිහා ඩොකෙක් වෙයි කියලා. දැන් බලද්දී අයිස් ගහන්න පුරුදු වෙලා. නන්නත්තාරයි.

    ලක්‌ එක කියලා එකකුත් ඇති කියලා හිතෙනවා ඒවා දකිද්දී
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ පන්තියෙ එකා නම් හොඳටම නාස්ති වෙලා හිටියෙ ඒ කාලෙත් වයසට වැඩි එවුන් ආශ්‍රය කරන්න ගිහින්.
    ගෙට් එකකට ගුරුවරු ආපු වෙලෙත් මූ බීලා චොර කරා ගුරුවරු හින්දයි ඌට එහෙම වෙලා තියෙන්නෙ කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    අම්බෝ දුක හිතෙන මාතෘකාවක්. අපේ පන්තියෙ අන්තිමයා එයා තමයි ඉස්කෝලෙ බෙල් එක ගහන්නෙ. පීරියඩ් එකෙන් පීරියඩ් එකට මිස්ලා උගන්නන අතරෙ දුවලා ගිහින් ඉගෙනීමත් පැත්තකට දාලා බෙල් එක ගහනවා. මම දවසක් වාර විභාගෙදි මගේ උත්තර පත්තරේ ලියලා උට දුන්නා බලාගෙන ලියන්න කියලා. මට මතක විදිහට විද්‍යා පේපරේ. මට ඌ බඩ ඉරිඟු පැළයක් ගෙනත් දුන්නා ඉස්කෝලෙට ගෙදර ගිහින් ඉන්දන්න කියලා. ඉන්දලා මම ඒකෙ බඩ ඉරිඟුත් කෑවා. ඌ දැන් කොහේ ඉන්නවද දන්නෑ. අහිංසක කොල්ලෙක්. පට්ට දුකයි මට. :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,423
    166,827
    113
    එකමත් එක රටක
    අන්තිමයෝ ම ද නම් මතක නෑ . මම දන්නා එකෙක් හිටිය . AL කාලේ ඌට combined mths වලට 0යි 3යි වගේ ලකුණු තිබ්බේ .
    ඌ නම් කෙලින්ම උවමනාවක් තිබ්බේ නෑ . ඌ ට නාන්න සල්ලි තිබ්බ . මේ වෙද්දී luxury ලයිෆ් එකක් ගෙවන එකෙක් . මම දැන් නිකමට සර්ච් කරල බැලුව බැදපු කෙල්ලත් ටිකක් social media ඉන්ෆුලුවන්සර් කෙනෙක් වගේ.. යකෝ යූ බටයකුත් තියනව දැනුයි දැක්කේ . . ඌ ත් අමුතුම පැත්තකිනු ත් ඉස්සරහට ගිහින් තියනව එක්තරා සපෝර්ට් එකක් එක්ක . වැඩිය කිව්වොත් දන්න උන් ඉන්න පුලුවන් . කොහොමත් ඌට තියෙන්නේ බිස්නස් .
    තව එකෙක් හිටිය ඌ වැඩ කරේම නෑ . මම මේකේ ඌ ගැන කතාවකුත් කියලා ඇති අපේ සර් ට දීපු පෝරියල් එකක් . ඌ වැඩ කරේ නෑ ඌටත් හොදටම සල්ලි තිබ්බ . ඌ NZ යනවා කියල හිටියේ වැඩ කරන්නේ නැතුව . ඌ ඇත්තටම දැන් NZ . :rofl:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,375
    113
    මැදමහනුවර
    Throughout my school years, I consistently ranked within the last five positions (sometimes the last) after every term test. It has been more than a decade since then. My choice to pursue IT as a career has led me to hold senior positions, just like many of my classmates, regardless of the position attained at class back then.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අම්බෝ දුක හිතෙන මාතෘකාවක්. අපේ පන්තියෙ අන්තිමයා එයා තමයි ඉස්කෝලෙ බෙල් එක ගහන්නෙ. පීරියඩ් එකෙන් පීරියඩ් එකට මිස්ලා උගන්නන අතරෙ දුවලා ගිහින් ඉගෙනීමත් පැත්තකට දාලා බෙල් එක ගහනවා. මම දවසක් වාර විභාගෙදි මගේ උත්තර පත්තරේ ලියලා උට දුන්නා බලාගෙන ලියන්න කියලා. මට මතක විදිහට විද්‍යා පේපරේ. මට ඌ බඩ ඉරිඟු පැළයක් ගෙනත් දුන්නා ඉස්කෝලෙට ගෙදර ගිහින් ඉන්දන්න කියලා. ඉන්දලා මම ඒකෙ බඩ ඉරිඟුත් කෑවා. ඌ දැන් කොහේ ඉන්නවද දන්නෑ. අහිංසක කොල්ලෙක්. පට්ට දුකයි මට. :(
    හිත හොඳ කොල්ලෙක් වගේ. හොයලා බලපන් බන්
     
    • Love
    Reactions: Candid-B

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Game O/l අන්තිමයා මතක භා අන්තිම වගේ dial samanayen hoda jiwitha Gatha karanwaa bandala lamai ekka piliwelak wela.


    A/l wala nam mama thamayi anthinayage kalain hitiye. Anith wun okkoma wage piliwelak wela okkotama wage හොදම තැන් වල
     
    • Like
    Reactions: windows_ubuntu