පොඩි කතාවක් මතක් උනා කලුවනේ
ගිය මාසේ යාපනේ ට්‍රිප් එකක් ගිහින් Army එකෙන් කරන cottage එකකට යන්න සෙට් උනා රෑ 8 විතර. හිටපු යාලුවා කෑම්ප් එකෙන් බැහැල අපිට යන්න කිව්වා. හැබැයි හා කිව්වට මොකද පුදුම බයක් ආව නොදන්න පලාතක් නිසා. කෝම හරි පොඩ් දෙන්නයි වයිෆ් එක්ක මැප් එක දාගෙන ගියේ. ප්‍රදාන පාරෙන් බොරලු පාරක දැම්ම විතරයි යකෝ කට්ට කලුයි හෙඩ් ලයිට් එක ඉවර වෙනකම් ඈතට පේනවා. වලවල් ගොඩ තල් ගස් ගෙවල් නෑ හිතපන්කෝ. 5-10 ස්පීඩ් එකට ගියේ යන්න බෑ යට වදිනවා ඒ මදිවට වැලි වාහනේ පැත්තට යනවා. ඔහොම පැයක් විතර ගියාම පාර තව අවුල් උනා පටු උනා වැල්ල වැඩී ගෙයක් තියා වාහනයක් නෑ. කාර් එක වලකින් හිමින් දාන්න ගිහින් වල මැද්දෙන් එරුනා වැලිවල, ගෑනීට දාඩියා දාලා මමත් හොදටම බය උනා තනියම තල්ලු කරගන්න බැරි නිසා. දෙයියෝ සිහි කරන් රිවස් එකට දැම්මා අම්මෝ ආව උඩට. එතනින් පස්සෙ පට්ටම හිමින් ගියා තව පැයක් විතර. ඔහොම යද්දි තමයි ඉක උනේ. 4 ජී නැතිව ගියා නෝ කවරෙජ්. දුන්න ඩෙසිටිනෙසන් එක නම් එහෙම්මම පෙන්නුවා පිනකට. තව ටිකක් යද්දි 2 ජී සිග්නලුත් නැතිවා ගියා පුදුම බයක් දැනුනා ඒ වෙලාවේ මොක්ද වාහනේ හරවන්න බැහැ යෑම එපාවෙලා තිබ්බත්. ඔහොම යද්දි ආර්ම් එකේ ලොරියක් හම්බ උනා උන් මීටර් 100 විතර රිවරස් කරන් ගිහින් මට යන්න දුන්නා. ඔක කියද්දි මට මතක් උනේ මේ සීන් එක. පොට් එකට ගියාම මුහුද අයිනේ එකම තැනකට තමයි ෆෝන් සිග්නල් අහූ උනේ. කෙලින්ම ඔෆ් ග්‍රිඩ්. උබලගෙත් ආර්ම් එකේ දන්න කෙන්ක් ඉන්නවනම් මෙතන සෙට් කරන් පලයල්ලා. කොච්චර දුර ගියත් මුහුද ගැබුරු නෑ. කොටෙජ් එක ෆැමිලි එකකට නම් ටිකක් අවුල්. කොල්ලෝ සෙට් එකකට පට්ට ෆන් එකක් ගන්න පුලුවන්. මේ කතාව කිව්ව නිසාම ලොකේසන් එකත් දාන්නම්
https://maps.app.goo.gl/YknwjJEGwnsyC4u59?g_st=ic