කොහේ වෑඩ පෙන්නන්ද, අල්ලන් ඉදපු කුඩ්ඩෝත් මාරු
ඇප නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ.
ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස "කුඩු සළිඳු" නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණි.
එහෙත් ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්ය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කළේය.
එම කරුණු සැලකිල්ලට ගෙන "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.
ඈප දුන්න නිව්ස් එක
සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.
එකී ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නිකුත් කර ඇත.
සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත්
අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර ලෙස නියෝග කර තිබේ.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණි.
නීතිඥ ජාලිය සමරසිංහ, ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච්. කේ. කේ. හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.
නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැඳවීමට නියමිතය.
------ Post added on Dec 23, 2024 at 9:05 PM
කුඩු සළිඳු CIDය මගහරියි

කුඩු සළිඳුට ඇප