කලින් ත්රෙඩ් එකේ මම කිව්වෙ පඩි හම්බුනේ නෑ කියලා. ඒ ත්රෙඩ් එක දාලා පැයකින් විතර පඩිවැටිලා තිබුනා. මේ කතාව ඒගැන නෙවෙයි. පහුගිය ටිකේම මම ගෙදර ඉඳන් වැඩ කරේ උදේ PM අක්කිට මේල් දදා. ඒ හැම මේල් එකක්ම HR ඇතුළු management එකේ හැමෝටම cc කරා. මේල් දැම්මේ ඒ දවසෙ work from home කරන්න ඉල්ලලා. මට මේල් වලට රිප්ලයි ආවත් නැතත් මම ඒ දවස්වල ගෙදර ඉඳන් වැඩ කරා. උදාහරණයක් විදිහට ජනවාරි 15 මම ගෙදර ඉඳන් වැඩ කරනවනම් මම කරන්නෙ එදා උදේ හරි කලින් දවසෙ රෑ හරි මේල් එකක් දාන එක. මොකක් හරි හේතුවක් කියලා (අද අසනීපයි, වැඩවැඩි දවසක් හින්දා ඔපිස් එකට ට්රැවල් කරන්න බෑ etc) දාලා ඉතිං ඒකට රිප්ලයි ආවත් නාවත් ගෙදර ඉඳන් වැඩ කරනවා. PM අක්කි ඕක දැක්කම ඉතින් acceptance reply එකක් දානවා.
හැබැයි දැන් ප්රශ්නයක් ඇවිත් තියනවා. ගිය අඟහරුවාදා ඉඳන් pm අක්කිට මැනේජ්මන්ට් එකෙන් කියලා එහෙම WFH දෙන්න එපා කියලා. මන් ජම්බෝලපිටිය කම්පනිය ගැන කියලා තියනවනෙ උඹලට. අඬු ඇදවෙච්ච 4G රවුටරේ, ලැප්ටොප් නොදෙන එක, තව අප්සෙට් වොෂ්රූම්, තේකක්වත් හදාගන්න තැනක් නැති එක etc. ඉතින් කොහොමහරි ඔය කතාව කියනකොට මන් එදා දවසෙ WFH කරන්න තීරණය කරලා ඉවරයි.
මන් එදා මේල් එක දැම්මට PM අක්කි ඒක දැකලා නෑ. එදා උදේ දහයට විතර මගෙන් අහනවා එන්නැද්ද කියලා. මන්කිව්වම නෑ කියලා මට කියනවා මන් එයාට inform කරේ නෑලු. එතකොට මන් කිව්වා උදේ මන් දාපු මේල් එක බලන්න කියලා. එතකොට එයා කියනවා අර උඩ මම කියලා තියන WFH දෙන්නැති කතාව. ඊට පස්සේ මම ඔපිස්එකේ ප්රශ්නසේරම එයාට කිව්වා. එතකොට එයා කියනවා හෙට (ඒ කියන්නෙ බදාදා) උදේ මැනේජ්මන්ට් එක මගෙත් එක්ක මීටීන් එකක් දාලාලු.
තව එයා කියලා තිබුනා ඒ මීටින් එකේදි ටිකක් පරිස්සමට කතාකරන්න කියලා. ඇත්තටම මට එහෙම මීටීන් එකකටවත් ඔපිස් යන්න හිතදුන්නෙ නෑ තියන ප්රශ්නත් එක්ක.
ඉතින් මන් පහුවෙනිදා උදේ (ඒ කියන්නෙ බදාදා) කරේ නිවාඩු ගන්න ට්රයි කරපු එක. ඒ විතරක් නෙවෙයි මම මගේ resignation එකත් කලින් දවසෙ රෑ හදාගෙන තිබුනෙ. බදාදා උදේ මන් PM අක්කිට මැසේජ් එකක් දැම්මා වට්ස්ඇප් එකේ, මන් ඉන්න සිටුවේෂන් එකත් එක්ක මැනේජ්මන්ට් එකත් එක්ක මීටීන් එකේදි මොනවා කියවෙයිද දන්නෙ නෑ ඒ හින්දා එක්කො මම නිවාඩු දානවා කියලා.
එතකොට PM අක්කි කියනවා casual leave නම් කලින් දවසෙ ඉල්ලන්න ඕනි නිසා sick leave එකක් දාමු කියලා. ඒත් එයා කිව්වා එහෙම කරත් ඒගොල්ලො විස්වාස කරයිද දන්නෑ කියලා. මොකද කරන්නෙ ඇහුවම මම කිව්වා wfh නම් හොඳයි බැරිනම් sick leave කියමු WFH පුලුවන්නම් මීටින් එක online තියන්න කියන්න ඒවගේම මැනේජ්මන්ට් එකේ කට්ටියට ඔපිස් වයිෆයි එකෙන්ම ජොයින් වෙන්න කියන්න එතකොට එයාලට ප්රශ්නෙ ටිකක්හරි තේරෙයිනෙ කියලා.
එහෙම කිව්වත් මගෙ ඔළුව විකාරවෙලා තිබුනු නිසා මන් HR එකේ කෙනෙක්ට මැසේජ් කරා ෆ්රී වෙලාවක මට කෝල් එකක් ගන්න කියලා. ටිකකින් කෝල් එකක් ගත්තා. ගත්තම මම විස්තරේ කිව්වා. කිව්වම මට කියනවා "ඔයා කියන දේවල් හරි" ලු "හැබැයි WFH දෙනවනම් හැමෝටම දෙන්න ඕනෙ" ලු. ඊට පස්සේ එයා මට කිව්වා PM අක්කිගෙ මැනේජර් ඒ කියන්නෙ CTOට මැසේජ් එකක් දාන්න (මේල් බලන්න පරක්කු වෙන නිසා) දාලා විස්තරේ කියන්න කියලා. මන් ඉතින් එහෙම කරා.
CTO මට කෝල් එකක් අරන් මගෙ කම්ප්ලේන් එක අහුවා. මගේ ඉල්ලීම වුනේ ඔපිස් වයිෆයි හරියනකම් ගෙදර ඉඳන් වැඩකරන්න දෙන්න කියලා. එතකොට කිව්වා ප්රශ්නෙ මීට ඉස්සෙල්ලා කෙලින්ම කිව්වනම් (උදේ එක එක හේතු කියකිය මේල් නොදා) temporary solution එකට කලින්ම එන්න තිබ්බා කියලා. එහෙම කරන්න ගියානම් අනිවා දිගටම ඔපිස් එන්න වෙනවා මන් දන්නවා.
අන්තිමට ඉතින් මගේ අයිතිය මම දිනාගත්තා ඒ කියන්නෙ ඔෆිස් එකේ basic facilities (at least WiFi) දෙනකම් මම වැඩකරන්නේ ගෙදර ඉඳන් කියපු එකට මැනේජ්මන්ට් එක කැමතිවුනා. ඒ කතාව එතනින් ඉවරයි. මගේ workload එක සම්බන්ධ කතාව මේකයි (ටිකක් techy නිසා හැමෝටම තේරෙයිද දන්නෑ),
PM අක්කි මට දැනට task තුනක් දීලා තියනවා කරන්න. පොඩි issues තුනක්. ඒ තුනෙන් දෙකක්ම මට local environment එකේ replicate කරගන්න බැරිවුණ. හැබැයි මම ඒ branches වලට ගිහිල්ලා clean & rebuild කරාම අර issues නිකම්ම හරි ගිහිල්ලා. Backend එකේ ප්රශ්නයක් වෙන්න බෑ මොකද pm අක්කිගෙ pc එකේ ඒ issues එනවනෙ. මට ඕනි හෙට daily standup එකේදි කොහොමහරි මේක මමම විසඳුවා කියලා කියන්න. තවත් සරල විදිහට කිව්වොත් ප්රශ්නෙ auto resolve වෙලා මගේ එකේ විතරක්. ඉතින් මට ඕනි ඒක මන් කරපු දෙයක් නිසා වුනා කියන්න.
මට තියන ප්රශ්න දෙක තමයි,
- මම issues විසඳුවා කිව්වම code changes මොනාද කියලා අහනවනෙ එතකොට මොකද කරන්නේ? මොනාද පෙන්නන්නේ?
- උඩ මම underline කරලා තියන ඒවා හොඳට බලන්න. ඇයි PM අක්කි ඔපිස් එකේ ප්රශ්න වලදි මේ විදිහට මට උදව්කරන්නෙ මැනේජ්මන්ට් එක පැත්ත නොගෙන?
ප්රශ්න දෙකටම නැතත් කමක් නෑ. උඹලගෙන් උපදෙස් තමයි ඕනි. මේවගේ සිටුවේෂන් එකකදි උඹලා මොනවා කරයිද?