මම දන්න විදිහට පොල් ආනයනය කරන්න යන්නේ industries වලට තමයි... කර්නල් එක විතරයි ගේන්න යන්නේ කෙලින්ම ෆැක්ටරි එකට ගෙනැල්ලා ප්‍රොසෙස් කරලා export කරයි... ඒත් සාමාන්‍යයෙන් අපේ පොල් වල fat ලෙවෙල් වැඩියි... ගේන්න යනා ඒව කොහොම වෙයිද දන්නේ නෑ... එහෙම ගෙනැල්ලා කලේ නැත්නම් export කරන උන් ටික වැටෙනවා දැන් තියන තත්වේ අනුව...
පොඩ්ඩක් කියන්න හදන එක තේරුම් ගනින්... අපි පොල් ගෙඩියක් ගෙදර ගෙනැල්ලා බිඳලා පොල් වතුර ටික වෙනම බේරලා කට්ට වෙනම එකතු කරලා අපිට ඕන කිරි හරි DC හරි ගන්න එක ප්‍රායෝගික නෑ තමයි... ඒක තමයි කියන්නේ විකල්ප වලට යන්න කියලා...
විකල්පේ තමයි පොල් ෆැක්ටරි එකක ප්‍රොසෙස් කරන එක... එතකොට ලෙල්ලෙන් වෙනම ගන්නවා අර ග්‍රීන් හවුස් වල ග්‍රොවින් මීඩිය හදන්න... කට්ට ගන්නවා චාකොල් වලට, activated කාබන් හදන්නේ එකෙන්... වටේ තියන කුරුට්ට ගන්නවා වෙනම තෙල් හදන්න... මදේ හිල් කරලා වතුර අරන් බෝතල් කරනවා... ඊට පස්සේ මදෙන් prodauct ගොඩක් හදනවා... පොල් කිරි, පොල් ක්‍රීම්, පොල් ගපු ඒව (DC)...
මිනිස්සූ පුරුදු උනානම් හරි එහෙම ෆැක්ටරි වලින් එක ප්‍රොඩක්ට් ගන්න... පොල් සම්බල හදන්න DC ගන්නවා, හොදි හදන්න ක්‍රීම් ඒක හරි කිරි හරි ගන්නවා...
මොකද ෆැක්ටරි ඒකෙදි පොල් මාදේ උනත් 100% ගන්නවා... කුඩු විදිහටවත් විසි කරන දෙයක් නෑ...
අපි ගෙදරදී කරන විදිහට භාවිතා වෙන්නේ මදේ 40% විතර කියලා තමයි කියන්නේ... අපතේ යන 60% industry එකට දැම්මත් production 2 ගුණ වෙනවා...
ජෝක් එකට නෙවෙයි කියන්නේ...
මේක රනිල් කරන්න හිටපු project එකක්... මුන් හරි ඒක කරනවා නම් කකුලෙන් අදින්න හොඳ නෑ...
https://www.adaderana.lk/news.php?nid=92406
මේ රමේෂ් පතිරණ ඕක ගැන තිබ්බා ප්‍රෙස් එක... මේකේ වීඩියෝ ඒක හොයා ගන්න පුළුවන් නම් ඔය චතුරංග කියන එක රමේෂ් ඒ විදිහටම කිව්ව එකේ...