උඹ ඔය වාහන මාකට් එක ගොඩක් පටු විදියට බලන්නෙ. ඔහොම වාහන වල ගාන හදන්නෙ කොහොමද බං?
වාහනයක් මෙහේට එද්දි ටැක්ස් හැදෙන්නෙ CIF(Cost, Insurance & Freight) value එක මත
එතකොට වාහනයක වටිනාකම බලන්නෙ ලෝක වෙලඳපොලේ ඒක ඩොලර් වලින් කීයක්ද කියන එකමත. උඹ ඔය කියන Honda Vezel E:HEV Play 2025 කියන වාහනය ඩොලර් 20,000කට ආසන්න වාහනයක් සහ BYD Atto 3 Extended කියන්නෙ ඩොලර් 30,000කට ආසන්න වාහනයක්. ඒක තමයි කම්පැනි එකෙන් ඒකට නියම කරල තියෙන මිල. එයිට අඩුවට Retail customer කෙනෙක්ට ඒක ගන්න බෑ. එතකොට මේකට Freight + Insurance වැදුනම එන ගානට තමයි ටැක්ස් වෙන්නෙ. EV වාහන වල සාමාන්‍යයෙන් Freight එක හොඳටම වැඩියි. ඒවත් එක්ක අර වාහනේ Duty වැඩි වෙනව. ඒ කොහොම උනත් ලෝක වෙළඳපොලේ ICE vehicle & EV වල කොස්ට් එකේ ලොකු වෙනසක් තියෙනව, කොහොමත් EV ගණං වැඩියි.
මට මෙතැන හිතාගන්න බැරි John Keells එකෙන් මේ වැඩේ කොහොම කරන්න හදනවද කියල, මොනවමහරි උං රෝලක් ගහනව, ඒක මොන විදියකට වෙනවද කියන එක තේරුමක් නෑ. හැබැයි මේ වාහනේ අපි පර්සනලි ඉම්පෝට් කරන්න ගියොත් 2 පනිනව කියල තමයි මට කිව්වෙ.
මේ ටික විස්තර කරල කිව්වෙ නොදන්න දෙයක් තියෙනව නම් දැනගන්න