den lankawe, 3 denek Inna pavulakata maasekata yana wiyadama kohomada??
120,000 Rupees eththda ? kanna bonna, bill tika gewanna
ubalage wiyadama kohomada?
Living standard එක අනුව තමයි නේ. මිනිහායි, විශේෂයෙන්ම ගෑනියි හිතන පතන විදිහ, ළමයා හදා ගන්න විදිහ අනුව මේක සෑහෙන්න තීරණය වෙනවා.
වැඩි හරියක් ගෙදරම උයලා සාමාන්‍ය ගාණට කනවා නම් කෑමවල ගාණ 40 කින් shape කරගන්න පුළුවන් නේ. බිල් ටිකත් එක්ක තව 5-8 විතර දාගන්න වෙනවා. සති දෙකකට පාරක්වත් outing යනවා නම්, වේල් කීපයක් කඩෙන් කනවා නම් තව 20 ක් විතර අයින් කරන්න වෙනවනෙ.
බබාගෙ වයස අනුව උටත් 10 - 25 වගේ යනවනෙ. Bike එකක් වගේ තියෙනවා නම් එ‍්කටත් කොහෙන් ගියත් 10 ක් විතර අයින් කරන්න වෙනවා. අනිත් වියදම්වලටත් 10 - 20 වත් ඕනෙ.
එහෙම බැලුවාම ගෙදර rent එක නැතිව 120,000 න් සාමාන්‍ය ගාණට ඉන්න පුළුවන් ඉතින්, බැරිම නෑ. හැබැයි ගෑනි එ‍් විදිහට ඉන්න කැමති වෙන්නත් ඕන. නිතරම කඩෙන් කන්නයි, අරක මේක ගන්නයි ගියොත් කීයටවත් බෑ.
ඕකෙන් rent එකත් 30 - 40 ක් විතර ගෙවන්න වෙනවා නම් පට්ට අමාරුවෙන් ගැට ගහගෙන ඉන්න තමයි වෙන්නෙ. කඩෙන් කෑම අඩු කරලා ගෙදරින්ම කාලා, පුළුවන් තරම් පරිස්සමින් ඉතුරු කරලා ගේමක් ගහන්න පුළුවන් වෙයි. වෙනම ඉතිරියක් නම් කරන්න අමාරු වෙයි ඉතින්. Salary 120 නම් පැත්තෙන් මොකක් හරි income එකක් හදාගන්නම වෙනවා.