යූක්‍රේනයට ඔබ සහය පළ කලයුත්තේ ඇයි?

Desmond Morris

Junior member
  • Oct 25, 2013
    32
    80
    18
    රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන විට දින තුනකින් කියෙව් නගරය අත්පත් කරගත හැකිය යන්න රුසියානු අදහස වූ බව සාමාන්‍ය මතයයි. යුක්රේන ආක්‍රමණයට පෙර දේශසීමාවේ රුසියානු හමුදා එකතු කෙරෙන විට, රුසියාව ඇත්ත වශයෙන්ම යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කිසිවෙක් විශ්වාස නොකළේය. මන්ද අවම තරමේ යුරෝපය තුල මේ රට රටවල් ආක්‍රමණය වැනි ආදි යුගයකට අයත් දෑ අවසන් වී ඇතැයි සැවොම සිතු නිසා එවැන්නක් හිතාගැනීමට පවා කිසිවෙක්ට නොහැකි වීමයි. නමුත් ඇමරිකන් ජනාධිපති බයිඩන් අනිවාර්යයෙන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කියා සිටියේය.

    රුසියානු ආක්‍රමණය ඇරඹුනු විගස බයිඩන් විසින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට රටෙන් ඉවත්වීමට යෝජනා කලේය. නමුත් හැමෝම දන්නා ලෙස සෙලෙන්ස්කි කීවේ ඔහුට වුවමනා ගුවන්යානාවක් නොව අවි ආයුධ බවයි. යුද්ධයේ මුල් කාලයේ රුසියානු විශේෂ බලකා කණ්ඩායම් සෙලෙන්ස්කි මරා දැමීමට විවිධ මෙහෙයුම් කියෙව තුල දියත් කළේය. සෙලෙන්ස්කි පලා නොයමින් දිගින් දිගට තම රටට සහය ගැනීමට හැකි ලෙස කටයුතු කළේය. විකට නළුවෙක් නායකයෙක් වන්නේ එසේයි.

    යුක්රේනය ආක්‍රමණය වූ විට නායකයාගේ සිට බොහෝ අය සිය රට රැකගැනීම වෙනුවෙන් අද වෙනතෙක් සටන් කර ඇත. ඔවුන් අදටත් සටන් කරති. ඇමරිකාව ඔවුන්ට සහය දෙන විට ඔවුන් ඇමරිකාවේ සහය ගත් අතර දැන් ඇමරිකාව ඔවුන්ට සහය නොදෙන හෝ විරුද්ධ තැනකට යන විට ඔවුහු ඔවුන්ට හැකි ලෙස තත්වයන් තමන්ට වාසිදායක කරගැනීමට තැත් කරති.

    රුසියාවේ ඇමරිකාවේ මහා බලයන් හමුවේ යුක්රේනය අඟුටුමිට්ටෙක් වුවද, එය වසර තුනක් රුසියාව හා යුද වැද සිටී. ඩොලර් බිලියන සිය ගණන්වල යුද බලයන් සහිත රටවල්වල නායකයන්ගේ ආක්‍රමණ, වහසි බස් සහ අශිෂ්ට හැසිරීම්වලට හුරේ දමමින් අසීරු අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන සෙල්ස්න්කි සහ යුක්රේනය පහත් කර හෙලාදැකිය හැක්කේ කිසිත් නොතේරෙන ත්රාඩ මෝඩයන්ට පමණි. යුක්රේනයේ අවාසනාවන්ත ඉරණම තුල තහවුරු වනු ඇත්තේ නව ලෝකයේ වනාන්තර සදාචාරයයි. ලංකාව වගේ රටක සිටිමින් යුක්රේනයට හිනාවෙන මෝඩයන්ට මේවා නොතේරෙන නිසා අපි ඒවායේ අනුගමනයන් කියා දෙන්න යන්නේ නැත.

    - දුමින්ද රත්නායක (ගේ ෆේස්බුක් ගිණූමෙන් ගත් උපුටනයකි)

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    සයහ පලකරනවා පම්කක් ..
    රටවල් 20ක් එක්ක යුද්ද කරලා අන්තිමට ඇමරිකාවේ ජනාදිපතිත් උන්ගේ පැත්තට ගත්ත ..
    රුස්සොන්ට ඕනේ යුද්දේ ඇදගෙන යන්න ..
    එකෙන් උන් වැටෙන්නේ නෑ ..
    සෙලෙන්ස්කි ට උදව් කරන රටවල් තමයි වැටෙන්නේ ..
    මේක තේරුම් ගත්ත ට්‍රුම්ප් ..එකයි පොර U turn එකක් ගැහුවේ ..

    රුසියාව කියන්නේ යුද්ද කරලා පරද්දන්න පුළුවන් රටක් නෙවෙයි ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,991
    54,595
    113
    Colombo
    රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන විට දින තුනකින් කියෙව් නගරය අත්පත් කරගත හැකිය යන්න රුසියානු අදහස වූ බව සාමාන්‍ය මතයයි. යුක්රේන ආක්‍රමණයට පෙර දේශසීමාවේ රුසියානු හමුදා එකතු කෙරෙන විට, රුසියාව ඇත්ත වශයෙන්ම යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කිසිවෙක් විශ්වාස නොකළේය. මන්ද අවම තරමේ යුරෝපය තුල මේ රට රටවල් ආක්‍රමණය වැනි ආදි යුගයකට අයත් දෑ අවසන් වී ඇතැයි සැවොම සිතු නිසා එවැන්නක් හිතාගැනීමට පවා කිසිවෙක්ට නොහැකි වීමයි. නමුත් ඇමරිකන් ජනාධිපති බයිඩන් අනිවාර්යයෙන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කියා සිටියේය.

    රුසියානු ආක්‍රමණය ඇරඹුනු විගස බයිඩන් විසින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට රටෙන් ඉවත්වීමට යෝජනා කලේය. නමුත් හැමෝම දන්නා ලෙස සෙලෙන්ස්කි කීවේ ඔහුට වුවමනා ගුවන්යානාවක් නොව අවි ආයුධ බවයි. යුද්ධයේ මුල් කාලයේ රුසියානු විශේෂ බලකා කණ්ඩායම් සෙලෙන්ස්කි මරා දැමීමට විවිධ මෙහෙයුම් කියෙව තුල දියත් කළේය. සෙලෙන්ස්කි පලා නොයමින් දිගින් දිගට තම රටට සහය ගැනීමට හැකි ලෙස කටයුතු කළේය. විකට නළුවෙක් නායකයෙක් වන්නේ එසේයි.

    යුක්රේනය ආක්‍රමණය වූ විට නායකයාගේ සිට බොහෝ අය සිය රට රැකගැනීම වෙනුවෙන් අද වෙනතෙක් සටන් කර ඇත. ඔවුන් අදටත් සටන් කරති. ඇමරිකාව ඔවුන්ට සහය දෙන විට ඔවුන් ඇමරිකාවේ සහය ගත් අතර දැන් ඇමරිකාව ඔවුන්ට සහය නොදෙන හෝ විරුද්ධ තැනකට යන විට ඔවුහු ඔවුන්ට හැකි ලෙස තත්වයන් තමන්ට වාසිදායක කරගැනීමට තැත් කරති.

    රුසියාවේ ඇමරිකාවේ මහා බලයන් හමුවේ යුක්රේනය අඟුටුමිට්ටෙක් වුවද, එය වසර තුනක් රුසියාව හා යුද වැද සිටී. ඩොලර් බිලියන සිය ගණන්වල යුද බලයන් සහිත රටවල්වල නායකයන්ගේ ආක්‍රමණ, වහසි බස් සහ අශිෂ්ට හැසිරීම්වලට හුරේ දමමින් අසීරු අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන සෙල්ස්න්කි සහ යුක්රේනය පහත් කර හෙලාදැකිය හැක්කේ කිසිත් නොතේරෙන ත්රාඩ මෝඩයන්ට පමණි. යුක්රේනයේ අවාසනාවන්ත ඉරණම තුල තහවුරු වනු ඇත්තේ නව ලෝකයේ වනාන්තර සදාචාරයයි. ලංකාව වගේ රටක සිටිමින් යුක්රේනයට හිනාවෙන මෝඩයන්ට මේවා නොතේරෙන නිසා අපි ඒවායේ අනුගමනයන් කියා දෙන්න යන්නේ නැත.

    - දුමින්ද රත්නායක (ගේ ෆේස්බුක් ගිණූමෙන් ගත් උපුටනයකි)

    බයිඩ ඇරපු එකෙක් ලියල තියෙන්නේ :lol:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    සපෝට් කරනවා කියල මොනාද කරන්නෙ? යුක්‍රේනය ගැන ඇත්තටම හිතනවා නම් ඉක්මනින්ම සටන් විරාමයකට යන්න ඕන. දින දින පහු වෙනවා කියන්නෙ යුක්‍රේනයට අඟල අඟල හරි බිම අහිමි වෙනවා.

    මේ යුද්දය ඉවර කරන්න පුලුවන් ක්‍රම 2යි.
    1. එක්කෝ රුසියාව පරාද වෙන්න ඕන
    2. එක්කෝ යුක්‍රේනය පරාද වෙන්න ඕන

    රුසියාව පරදින්න නම් ආම්පන්න, සල්ලි දීල වැඩක් නෑ මිනිස්සු නැතිව. යුක්‍රේනය ට මිනිස්සු නෑ. රුසියාවට 1:4 මිනිස්සු ඉන්නවා, එහෙනම් යුරෝපීය සෙබලු යවල ඉවරයක් කරන්න ඕන, ඔය සපෝට් කරන්න එකෙක්වත් උන්ගෙ එක මිනිහෙක් යනන්නෙ නෑ යුක්‍රේනයට. යුරෝපීය සෙබලු නැතුව යුක්‍රේනය ට දින්නන බෑ

    එහෙනම් කරන්න තියෙන දේ තමයි සාකච්චා කරන එක. පරක්කු වෙන්න වෙන්න යුක්‍රේනය පාඩුයි. අන්තිමට ඇමරිකාව අත හැරියොත් යුක්‍රේනයට ගොඩක් දේවල් නැති වෙලා පුටින්ට යටත් වෙලා තමයි නවතින්නේ

    සෙලෙන්ස්කියට මොලේ නෑ තේරුම් ගන්න යුක්‍රේනය පාවිච්චි කරල අනිත් රටවල් ටික රුසියාව නැති කරන්න හදනවා කියලා. හැගීම්වල හිර වෙලා මොලේ අඩපන උන මෝඩ නායකයෙක්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    කල් මර මර යුද්ධෙ අදින එක රුසියාවෙ බොහොම පරණ ස්ට්‍රැටජි එකක්. උංගෙ පරණ යුද්ධ බලපුවාම ඒක තේරුම්ගන්න පුලුවන්. සැන්ෂන්ස් දාල අනන් මනන් කරලා රුසියාව වට්ටවන්න බෑ. උන්ගෙ ආර්ථික වර්ධනය සාමාන්‍ය විදිහට යනවා. උන්ට විදේශීය ණය වැඩිවෙලා නෑ. ඒ සයිස් රටකට තිබුනට අවුලක් නැති ලෙවල් එකටත් වඩා අඩු ලෙවල් එකකට උන්ගෙ ණය තියෙන්නෙ. තව අවුරුදු සීයක් ගියත් උන්ට ඔය යුද්දෙ ඇදගන යන්න පුලුවන්. මම නං හරි හමන් රෂියන් ස්ටේට්මන්ට් එකක් දැක්කෙ නෑ හොග් ගාල කියෙව් අල්ලගන්න පුලුවන් කියල හිතුවා කියන. ඔය යුද්දෙ පටන් ගත්ත කාලෙත් මම කියලා ඇති මේකෙ ත්‍රෙඩ්ස්වලම රුසියාව කරන්නෙ යුක්රේනෙ බැක් කරන රටවල් වලට එපා වෙනකල් මේ යුද්දෙ ඇදගන යන එක කියල. යුක්‍රේන් වලට ඔය යුද්දෙ දිනන්න බෑ. උන්ට ඔය යුද්දෙ ඇති නොවෙන්න වැඩ කරන්න චාන්ස් එක තිබුනා. නේටෝ එකට සම්බන්ධ වෙන්න ට්‍රයි කරන්න කලින්. මොන බලවත් රටද කැමති තමන්ගෙ ෆ්රන්ට් යාඩ් එකේ තමන්ට තර්ජනයක් වෙන නියුක් සහ ඇන්ටි නියුක්ස් එක්ක ග්‍රවුන්ෆෝසස් ස්ථානගත කරනවට. යුක්‍රේන් ඉල්ලං කෑවෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන විට දින තුනකින් කියෙව් නගරය අත්පත් කරගත හැකිය යන්න රුසියානු අදහස වූ බව සාමාන්‍ය මතයයි. යුක්රේන ආක්‍රමණයට පෙර දේශසීමාවේ රුසියානු හමුදා එකතු කෙරෙන විට, රුසියාව ඇත්ත වශයෙන්ම යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කිසිවෙක් විශ්වාස නොකළේය. මන්ද අවම තරමේ යුරෝපය තුල මේ රට රටවල් ආක්‍රමණය වැනි ආදි යුගයකට අයත් දෑ අවසන් වී ඇතැයි සැවොම සිතු නිසා එවැන්නක් හිතාගැනීමට පවා කිසිවෙක්ට නොහැකි වීමයි. නමුත් ඇමරිකන් ජනාධිපති බයිඩන් අනිවාර්යයෙන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කියා සිටියේය.

    රුසියානු ආක්‍රමණය ඇරඹුනු විගස බයිඩන් විසින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට රටෙන් ඉවත්වීමට යෝජනා කලේය. නමුත් හැමෝම දන්නා ලෙස සෙලෙන්ස්කි කීවේ ඔහුට වුවමනා ගුවන්යානාවක් නොව අවි ආයුධ බවයි. යුද්ධයේ මුල් කාලයේ රුසියානු විශේෂ බලකා කණ්ඩායම් සෙලෙන්ස්කි මරා දැමීමට විවිධ මෙහෙයුම් කියෙව තුල දියත් කළේය. සෙලෙන්ස්කි පලා නොයමින් දිගින් දිගට තම රටට සහය ගැනීමට හැකි ලෙස කටයුතු කළේය. විකට නළුවෙක් නායකයෙක් වන්නේ එසේයි.

    යුක්රේනය ආක්‍රමණය වූ විට නායකයාගේ සිට බොහෝ අය සිය රට රැකගැනීම වෙනුවෙන් අද වෙනතෙක් සටන් කර ඇත. ඔවුන් අදටත් සටන් කරති. ඇමරිකාව ඔවුන්ට සහය දෙන විට ඔවුන් ඇමරිකාවේ සහය ගත් අතර දැන් ඇමරිකාව ඔවුන්ට සහය නොදෙන හෝ විරුද්ධ තැනකට යන විට ඔවුහු ඔවුන්ට හැකි ලෙස තත්වයන් තමන්ට වාසිදායක කරගැනීමට තැත් කරති.

    රුසියාවේ ඇමරිකාවේ මහා බලයන් හමුවේ යුක්රේනය අඟුටුමිට්ටෙක් වුවද, එය වසර තුනක් රුසියාව හා යුද වැද සිටී. ඩොලර් බිලියන සිය ගණන්වල යුද බලයන් සහිත රටවල්වල නායකයන්ගේ ආක්‍රමණ, වහසි බස් සහ අශිෂ්ට හැසිරීම්වලට හුරේ දමමින් අසීරු අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන සෙල්ස්න්කි සහ යුක්රේනය පහත් කර හෙලාදැකිය හැක්කේ කිසිත් නොතේරෙන ත්රාඩ මෝඩයන්ට පමණි. යුක්රේනයේ අවාසනාවන්ත ඉරණම තුල තහවුරු වනු ඇත්තේ නව ලෝකයේ වනාන්තර සදාචාරයයි. ලංකාව වගේ රටක සිටිමින් යුක්රේනයට හිනාවෙන මෝඩයන්ට මේවා නොතේරෙන නිසා අපි ඒවායේ අනුගමනයන් කියා දෙන්න යන්නේ නැත.

    - දුමින්ද රත්නායක (ගේ ෆේස්බුක් ගිණූමෙන් ගත් උපුටනයකි)
    සහය පලකරනවා කියලා මොකක්ද අපිට කරන්න කියන්නෙ? රුසියාව පැත්තට පුක හරවලා පඩ අරින්නද කියන්නෙ? 🤭 🤭
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    ''අපි ඉවරයි අයියෙ''... රුසියාව සමග සාකච්ඡා කරලා හිටපු තත්ත්වයට යන්න පුලුවන්ද කියලත් ෂුවර් නෑ දැන්. නේටෝවට එකතුවන අදහස අත්හැර ගන්න සිදුවෙනව. රුසියාව වට්ටන්න සමහර යුරෝපියන් රටවලට අවශ්‍ය වුවත් ඔවුන් යුද්ධයකට යයි කියල හිතන්න අමාරුයි න්‍යෂ්ටික අවි එලියට එන නිසා, නමුත් අවශ්‍ය නම් ගහන්න බැරිකමක් නෑ. ට්‍රම්ප් නම් කියන්නෙ ලෝක යුද්ධයකට යෑම වැලක්විය යුතුයි කියල.
     
    • Like
    Reactions: haunte

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇමරිකාවවත්, නේටෝ රටවල් කිසිම එකක්වත් රුසියාව එක්ක කෙලගන්ඩ යන්නෙ නෑ ෆේස් ටු ෆේස්....
    තමන්ගෙ තරම දන්නෙ නැති මෝඩ ජෝකර් අනුන්ගෙ ලණු කාල අලියට ඇඳල රුසියාව එක්ක යුද්ධ කරන්න ගියා....
    යුද්ධයක් නැති රටක ඉඳගෙන ජෝකර්ට යුද්ධ කරන්න හුරේ දැම්මට යුද්ධෙන් මැරෙන්නෙ, අනාත වෙන්නෙ යුක්‍රේනෙ දුප්පත් මිනිස්සු
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    කොහේ ඉටු එකෙක් ලියපු එකක්ද? CNN විස්තරද කොහෙද බලලා තියෙන්නේ. රුසියාවට එදා ඉදන්ම යුක්‍රේනයේ කෑල්ලක් ඕනේ උනේ නැහැ. උන් සෑහෙන්න ට්‍රයි කලේ මේක ගොඩින් බේරගන්න. මින්ස්ක් එකගතාව කැඩුවේ යුක්‍රේනයම තමා.ඒක උඩ ගියානම් බේර ගන්න තිබ්බා. රුසියාව එක්ක හොඳින් ඉන්නවා කියලා චන්දේ ගත්ත එකා අනිතිමට රුසියාව සාකච්චාවක් බවත් ගත්තේ නැහැ. අනික සෙලෙන්ස්කියාව කරනවානම් මරණ එක සිම්පල් වැඩක් රුසියාවට. උගේ ප්‍රධාන කවුන්සිලයේ ම ඩබල් එජන්ට්ලා පිරිලා. හැම මෙහෙයුමකට ම කලින් විස්තර රුසියාවට යන හින්දා කූර්ස්ක් වල මෙහෙයුමට කලින් යුක්‍රේනයේ එකෙක් දන්නේ නැහැ. සෙලෙන්ස්කියයි දෙතුන් දෙනෙකුයි ඇරෙන්න. එංගලන්තේ ඉදන්ම පෑලෑන් එක ඇවිත් තිබ්බේ.
    අඩුම තරමේ තුර්කියේ සාම සාකච්චා තුනක් තිබ්බා. ඒ වෙලාවල් වල එකඟතාවට ආවනම් යුද්දේ නතර වෙලා අවුරුදු ගානක් දැන්.