ඉතින් උබත් කියන්නෙ. දැන් උබ මාර්ගඵල ලබලද ඉන්නෙ ? නැත්තම් සෝවාන් වෙලාද ?paradoxical තමයි සසර මචන්, අවුල් ජාලයක්, ඔක්කොටම වැඩිය ආතල් පෘථක්ජන මිනිස්සු බන කියන එක![]()
ඉතින් උබත් කියන්නෙ. දැන් උබ මාර්ගඵල ලබලද ඉන්නෙ ? නැත්තම් සෝවාන් වෙලාද ?paradoxical තමයි සසර මචන්, අවුල් ජාලයක්, ඔක්කොටම වැඩිය ආතල් පෘථක්ජන මිනිස්සු බන කියන එක![]()
පුණ්ණ දුගියාගේ කතාවඒ සිටුවරයෙක්නේ බන්.. මූ කියන්නෙ එහෙම එකක් නෙවෙයි.
"ඉස්සර කතා වලනම් දුප්පත් මිනිස්සු හාමුදුරුවන්ට දානෙ දීල ගෙදර යද්දි දෙවිවරු වස්තුව ගෙනත් දාල ගේ පිරෙන්න".
පරතෙරට මේක දන්නවා වගේ පෙන්නන නිසා ඇහුවෙ, මොන අට්ඨකතාවෙද එහෙම තිබ්බෙ කියලා දැන ගන්න.
ගොඩක් ඔය කෑ ගහන එවුන් පයියෙනුත් 1/4ක් දෙයියන්ට දීපු උන් බන්...![]()
අර කියපු ගොන් තඩියම තමයි දන්නෙ.@Wadakaru
thread eka TL;DRවන්දනා කරපු උන්ට සෙතකුත් නෑ ඉතින් , ඉස්සර කතා වලනම් දුප්පත් මිනිස්සු හාමුදුරුවන්ට දානෙ දීල ගෙදර යද්දි දෙවිවරු වස්තුව ගෙනත් දාල ගේ පිරෙන්න.
ඒත් දැං එහෙම නෑනෙ
මට තේරුණ විදියට ඔය දන්ත ධාතු කියල වදින්නෙ ඇත්දල වලින් කපපු එකකට
ඒ වගේම අපි දාන දෙන්න හාමුදුරුවරු දුෂ්ෂීලයි.
ඒ හින්ද තමයි ප්‍රතිඵල නැත්තෙ.
පුන්න දුගියාගෙ කතාව බලන්නකොthread eka TL;DR
but, nuba wani paw karayek meke dakkamayi. ethakota dan ekale minissu dan dunne dewiyo gedarata cash tribal karala gena handada? eka cash inverst ekak da? wadakuru aththo nam dan denna aththe ehemayi, ekane thama O/L liyanne.
meke kawruhariu niyama reply ekak dala thibbe, kaden ganna budu pilimeta ayi wadinne? bakthiya ha wishwasaya nisa,
mata puluwananm wadakuruta - Sectumsempra
budu pilimeta ada wadapu nisa - protego danawa
TL;DRපුන්න දුගියාගෙ කතාව බලන්නකො
මේකෙ වගේ ඇයි මිනිස්සුන්ට වස්තුව ලැබෙන්නේ නැත්තෙ දැන්
පුණ්ණගේ බිරිය වහා ගෙදර ගොස් සහල් සොයා නැවතත් බත් පිසුවාය. පුණ්ණ අඩකිරියක් පමණ පෙදෙස සා සාගින්න ඉවසිය නොහැකිව ගොණුන් මුදා හැර සෙවන් ඇති තැනකට වී බත පමා වන්නේ කිම් දෝ’ යි මඟ දෙස බලාගෙන හුන්නේ ය. බිරිය බත් ගෙන එන්නි ඔහු දැක, ‘ඉදින් මොහු කිපි තී මෙතෙක් කුමක් කළේ දැයි කෙවිටෙන් පහර දිනි නම් මා කළ පින්කම නිෂ්ඵල වන්නේ ය. එබැවින් කාරණය කෙලින්ම කියමි’ යි සිතා කියන්නී ‘හිමියනි, ඔබත් සිත පහදා ගන්න, මම උදැසනින් ම ඔබට බත් ගෙන ආමි. අතරමඟදී දම්සෙනෙවියන් වහන්සේ හමුවී ඔබට ගෙනා බත උන්වහන්සේට පිළිගන්වා ගෙදර ගොස් නැවත ද බස් පිසගෙන ආමි. ඔබ ඒ ගැන සිත පහදා ගන්න’ යයි කීවා ය. ‘සොඳුර, තී කළ දෙය ඉතා යහපති, මම ද අද උදැසන උන්වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි’ යි කියා පසන් සිතින් පින් අනුමෝදන්ව, දහවල් වී බත් අනුබව කිරිමෙන් ක්ලාන්ත වී ඇගේ ඇකයෙහි හිස තබා මඳක් නිදා ගත්තේ ය. ‘සොඳුර, ඉතා දහවල් වී ආහාරගත් බැවින් මගේ ඇස් දෙකත් නරක් වූනා වැනිය, මට අර සෑ පෙදෙසේ මැටිකැට පෙනෙන්නේ රත්තරන් සේ ය’යි කීය. මට පෙනෙන්නෙත් එසේය’ යි බිරිය කීවාය. ඔහු ‘කිමෙක්දෝ’ යි පිරික්සනු පිණිස එහි ගොස් එක් කැටයක් ගෙන නගුලෙහි ගසා ඒවා රන් වී ඇති බව දැන ‘අහෝ ආර්යයයන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙනෙන්නේ ය’ යි ඉමහත් සොම්නසට පැමිණ කුඹුරේ පස් සියල්ල රන් වී ඇත, මෙතෙක් දනය මා වෙත පරිහරණය නො කළ හැකිය, රජුගේ මාර්ගයෙන් මේ ධනස්කන්ධය ගෙන්වා ගත යුතුය යි සිතා, රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස, මා සෑ කුඹුරේ පස් රන් වී ඇත. ඒවා ගෙන්වා ගන්නට වටනේ ය’ යි කීය. රජතුමා ‘නුඹ අද කුමක් කළෙහි දැ’ යි ඇසීය. ‘දේවයන් වහන්ස, මම අද උදැසන කුඹුරේදි දම්සෙනෙවියන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි. මාගේ බිරිය මට ගෙනෙන ලද බත ද උන්වහන්සේට පිළිගැන්වීය’ යි පුණ්ණ කීය. රජතුමා ‘දම්සෙනෙවියන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙන්වන්නේ ය’යි කියා ‘දරුව, දැන් කුමක් කළ යුතුදැ’ යි ඇසීය.
‘බොහෝ ගැල් යවා ඒ රන් ගෙන්වුව මැනවැ’යි පුණ්ණ කීය. රජතුමා රන් ගෙනෙනු පිණිස බොහෝ ගැල් යැවිය. රාජපුරුෂයෝ එහි ගොස් ‘රජුගේ රත්තරන්ය’ යි ගත් කල්හි අතට එන රන් කැට නැවත මැටිකැටම විය. ඒ බව රජු දැන්වු කල්හි රජතුමා ඒවා ‘ පුණ්ණ ගේ රන්ය’ කියා ගැල්වලට පටවා ගන්නට කීය. එසේ කරන කල්හි ඒවා රත්තරන් ලෙසම තිබිණ. ගැල්කරුවෝ ඒ සියල්ල ගෙනවුත් රජ මිදුලේ ගොඩ ගැසුහ. අසූ රියනක් උස රන් ගොඩක් විය.
ඉක්බිති රජතුමා නුවරුන් රැස් කරවා ‘මේ නුවර මෙතෙක් රන් කවරකුට ඇත්තේ දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, කිසිවකුට නැතැ’යි වැසියෝ කීහ.’ දැන් මොහුට කුමක් කළ යුතුදැ’ යි රජු ඇසු කල්හි ‘දේවයිනි, සිටු තනතුර දෙන්නට වටනේය’ යි නුවර වැසියෝ කීය.
පුන්න කියන්නෙ දුප්පත් ගොවියෙක්. දානෙ දීල ටික වෙලාවකින් එයාගෙ කුබුරම රත්තරන් වෙනව. රජතුමා ඒවා සේවකයො දම්මලා ගනනය කරාම ඒ වගේ ධනයක් නුවර කාටවත් නෑ. ඒ හින්ද නුවර ප්‍රධාන සිටුවරයා කලනවTL;DR
short karala danda, ochchra kiwawanda time naha , kohoma liwwaqda manda.
තෙරුවන් සරණයි !..
ලිපිය කියවන්න
ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම
_____________________________________________
ධාතු වන්දනාවන්ට නිග්‍රහ කිරීමේ බරපතළ බව යමෙකු දන්නේ නම් කිසිදිනෙක උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් නිධන් කළ සෑයකට කරන ලද පුණ්‍යකර්මයක් අනුමෝදන් වනු විනා නින්දා අපහාස උසුළු විසුළු කවට වදන් නො කියන්නේ ම ය. බොහෝ පිරිසකට දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් උරුම කරදෙන එවන් පිනකට ගරහන්නෝ අඳ බාලයෝ ම වෙති. පිනෙන් බැහැර වූවෝ වෙති.
“ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් එලෙස භාග්‍යවතුන් වහන්සේගේ ධාතු වන්දනාවකට අපහාස කළ ප්‍රේතයෙකු විඳින මාරාන්තික බලගතු දුක් වේදනාවන් ගැන කියවෙන මෙම ධාතු විවණ්ණික ප්‍රේත වස්තුව අප සැමට වචනයෙන් සිදුවන පාපකර්මයෙන් ගැලවීම කොතරම් යහපත් ද යන්නට මහඟු උදාහරණයක් සපයයි.
කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණ කොට බෙදා දෙන ලදී. අජාසත් රජතුමා තමාට ලැබුණු එම ධාතූන් වහන්සේලා මහත් ආදරයෙන් අවුරුදු සතකුත් මාස සතකුත් සත් දිනක් මුළුල්ලෙහි අනන්ත බුදුගුණ සිහි කරමින් මහත් වූ පුද පූජා පැවැත්වී ය.
එම ධාතු වන්දනාවෙහි දී පින් රැස්කර ගත් අප්‍රමාණ වූ ලක්ෂ ගණන් මිනිස්සු දිව්‍ය ලෝකයන්හි උපත ලැබීමට වාසනාවන්ත වූහ. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරන ලද අශ්රද්ධාව සහ මිථ්‍යා දෘෂ්ටිය සහිත බැවින් පැහැදිය යුතු තැන පැහැදීමකින් තොරව තමන්ගේ සිත දූෂිත කරගෙන ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට තරම් අවාසනාවන්ත වූහ.
එකල රජගහනුවර බොහෝ ධන සම්පත් ඇති මිනිසෙක් විය. ඔහුගේ බිරිඳ, දියණිය සහ ඇගේ යෙහෙළිය ධාතු වන්දනාව සඳහා මල් සුවඳ දුම් ආදිය ගෙන ගමනට සූදානම් වූහ. එය දුටු එම මිනිසා “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් ඔවුන්ට නින්දා කොට ධාතූ පූජාවේ නුගුණ කීවේ ය. ඔහුගේ කීම ගණනකට නොගත් ඔවුන් තිදෙනා ධාතු පූජා ස්ථානයට ගොස් ධාතූන් වහන්සේලාට පුද පූජා පවත්වා ආපසු පැමිණියහ.
පසු කලෙක රෝගයක් වැළඳීම හේතුවෙන් මරණයට පත් වූ එම ස්ත්‍රීන් තිදෙන දෙව්ලොව උපත ලැබූහ. ධාතු වන්දනාවට නින්දා කළ පාපයෙන් එම ක්‍රෝධයෙන් යුතු පුරුෂයා මරණයට පත්ව ප්‍රේත ලෝකයෙහි උපත ලැබී ය.
එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි උපන් කරුණාවෙන් මිනිසුන් හට ප්‍රේතයන් හා දෙවියන් දැකගත හැකි වන අයුරින් ඍද්ධි සංස්කාරයක් කළ සේක. එසේ ප්‍රේතයන් සහ දෙවිවරුන් මිනිසුන් හට දක්නට ලැබූ පසු උන්වහන්සේ එම ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න විමසන්නට වූහ.
“එම්බල ප්‍රේතය, කුණු ගඳින් යුතු නුඹ අහසෙහි හාත්පස දුර්ගන්ධය පතුරුවන්නේ ය. කුණු ගඳ හමා යන නුඹගේ මුඛය සිසාරා පණුවෝ කති. නුඹ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කර ගත්තේ ද? ඒ දුගඳ හමන නුඹගේ මුඛය කර්මය හේතුවෙන් උපන් සත්වයන් තියුණු මුවහත් ආයුධ ගෙන නැවත නැවත කපයි. කැපූ කැපූ ක්ෂණයෙන් නැවත ලුණු වතුර ඉසිමින් නැවත නැවත කපයි. නුඹ විසින් පෙර කරන ලද කුමන අකුසල කර්මයක විපාකය හේතුවෙන් ද මෙවැනි දරුණු දුකකට පැමිණියේ?” මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් විමසා සිටි සේක.
“නිදුකාණන් වහන්ස, මම ඉතා අලංකාර වූ ගිරිවජ්ර නම් රජගහනුවර බොහෝ ධන ධාන්‍ය සහිතව වාසය කළ මහා ධනවතෙක් වෙමි. දැන් දෙවි ව අහසේ සිටින ඇය මාගේ පෙර අත්බවයේ භාර්යාව යි. අනෙක් දිව්‍යාංගනාවන් දෙදෙන මාගේ දියණිය සහ ඇගේ යෙහෙළිය යි. ඔවුන් මල් සුවඳ විලවුන් ගෙන ධාතු වන්දනාවට නික්ම යන කල මම එම ධාතු වන්දනාවට නිග්‍රහ කර ඔවුන් වැළැක්වීමි. මා විසින් එම ධාතු පූජාවේ නුගුණ කීමේ පාප කර්මය කරන ලදී. මා ඇතුළු අසූහය දහසක් පමණ වූ පිරිසක් ධාතු වන්දනාවට දොස් කියා මැරී ගොස් බලවත් දුක් ඇති ප්‍රේත ලෝකයෙහි ඉපදී වෙන වෙනම තමා විසින් කළ පාපකර්මයන්ගේ මහත් දුක් වේදනා විඳින්නෙමු. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය උදෙසා පූජා පවත්වන කල්හි මා සේ ම යම් කෙනෙක් දොස් කියන්නේ ද ඒ පුද්ගලයා පිනෙන් බැහැර යැයි දැනගනු මැනවි. එමෙන් ම ඔහු මහත් පිරිහීමට පැමිණෙයි.
දිව්‍යමය වූ මල්මාලා පැලඳ සැරසුණා වූ දිව්‍ය සම්පතින් බබළන දෙව් පිරිවර ද සහිතව චෛත්‍ය වන්දනාව උදෙසා කළ මල් පූජාවේ විපාක විඳිමින් අහසින් පැමිණෙන මේ දිව්‍ය ස්ත්‍රීන් දෙස බලනු මැනවි. ස්වාමීනී, මහා කාශ්‍යපයන් වහන්ස, ඒ ඉතා සුළු පූජා කුසලයක ආශ්චර්ය අද්භූත වූ ලොමුදැහැ ගන්වන්නා වූ මහත් කුසල් විපාකයන් දැක ප්‍රඥාවන්තයෝ අති උත්තම පින්කෙතක් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වන්දනා කරති. එය එසේ ම යි, මහරහතන් වහන්ස, මම ද මෙයින් චුතව මිනිසත් බව ලබා නොපමා වෙමින් නැවත නැවත චෛත්‍ය පූජා කරන්නෙමි.” කලකිරුණු සිත් ඇති ප්‍රේතයා පැවසී ය.
මෙසේ ප්‍රේතයා පැවසූ පසු අග්‍ර ධුතාංගධාරී මහාකස්සප මහරහත් මුනිඳුන් එම කාරණය අර්ථය ලෙස ගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූ සේක.
ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය
තෙරුවන් සරණයි![]()
![]()
මෙම උතුම් දහම් කරුණු සියලු දෙනා අතර බෙදාහැර ධර්ම දානයට දායක වන්න .
හැබැයි ඔය දෙකෙන් එකක්වත් අැත්ත නෙවෙයි කියල මතක තියා ගනින්. උඹලව condition කරල හොඳ අතට හරවන්න හදපු construct දෙකක් විතරයි. එ්කට oblivious කියන්නෙම උඹලගෙ තියෙන මරි මෝඩ කම.
Bumpමොන ගොබ්බ කතාද බං මේවා? අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අැඳ ගත්ත වනචාරී ගෝත්‍රික හැත්තට නම් හරි යනවා. හැබැයි පොඩ්ඩක් logically හිතල බලහන්කො. මේවා ඉතින් අපාය, දිව්‍ය ලෝකෙ ගැන තියෙන බයිලාවලටත් අදාළයි.
කුණු ගඳ හමනවලු. කුණු ගඳ කියන්නෙ මොකක්ද? කාබනික ද්‍රව්‍යයක් බැක්ටීරියාවලින් ජීර්ණය කරලා පිට වෙන වායු වර්ග. වායු පිට වෙනවා කියන්නෙම කාලෙත් එක්ක එ් කාබනික පරමාණු ඉවර වෙනවා. පෙරේතයාට කොහෙන්ද කියපන්කො එ් කාබනික ද්‍රව්‍ය? අනික එහෙම තියෙනවා නම් පේන් නැතිව ඉන්නෙ කොහොමද? කට කපනවලු. ලුණු වතුර ඉහිනවලු.
පොඩ්ඩක් objectively බලපන් මොන තරම් ප්‍රාථමික බයිලාද කියලා? අද කාලෙ comic book වල තියෙන විස්තර වගේ නේද? එ් කාලෙ හිටපු උන් දැනන් හිටිය අල්ප මාත්‍ර දේවල් ටික ගලපලා උපරිම අප්පිරියා වෙන්න ලියල තියෙනවා. හැබැයි කිසිම scientific accuracy එකක් නෑ, logics ගත්තත්, chemistry ගත්තත්, biology ගත්තත්, physics ගත්තත් ඔය සේරම අමු බයිලා නේද බං? අැයි එ්ක consciously ම disregard කරන්න හදන්නෙ?
තියෙන්නෙ එකම උත්තරයයි. හරියට හොයල බැලුවොත් ඔය කිසිම බයිලාවක් scientific rigor එකකට, scrutiny එකකට මුහුණ දුන්නොත් ඉතිරි වෙන් නෑ. අනිවාර්යයෙන්ම පට්ටපල් බොරු කියල ඔප්පු වෙනවා. අදාළම නැති confirmation bias ටිකක් අල්ලගෙන කර්මය කර්මය ගගා බයිලාවක් අල්ලගෙන ගොන් අාතල් ගන්නවා විතරයි.
ඔය පකවල් නෙවෙයි, දැන් 21 වන ශත වර්ෂයෙනුත් 1/4 ක් ගිහින් ඉවරයි. මෙච්චර දියුණු ලෝකෙට බුදු දහම apply වෙන පදනම විතරක් ගනින්. බුදු දහමෙ යථාර්ථය තමයි හිත පහන් කරන හොඳ වැඩ කරන එක, හිත පිච්චෙන නරක වැඩ නොකර ඉන්න එක තුලින් තමන්ගෙ මානසික සාමය පවත්වාගෙන යාම සහ හැමෝම එහෙම ඉන්න උත්සාහ කිරීමෙන් සමාජයම යහපත් වෙන එක. ඕකෙ වෙන දෙයක් නැහැ.
කැමති නම් පව් කරන්න බය වෙන්න පව් කරාම අරවා මේවා විපාක වෙනවා කියල බය වෙලා නොකර ඉන්න පුළුවන්, කැමති නම් දිව්‍ය ලෝකෙ ගිහින් බඩු ගහන්න හිතාගෙන පින් කරන්න පුළුවන් අවුලක් නෑ. හැබැයි ඔය දෙකෙන් එකක්වත් අැත්ත නෙවෙයි කියල මතක තියා ගනින්. උඹලව condition කරල හොඳ අතට හරවන්න හදපු construct දෙකක් විතරයි. එ්කට oblivious කියන්නෙම උඹලගෙ තියෙන මරි මෝඩ කම.
රටේ සාමාන්‍යයෙන් ඉහළ තැනක ඉන්න, අධ්‍යාපනයක්, දැනුමක් තියෙන හැමෝම ඔය යථාර්ථය දන්නවා. දැන දැනමයි ගැළරිය චූන් කරන්න උන් ඉල්ලන බයිලාවම කියවලා සහයෝගය දිනා ගන්න හදන්නෙ. හුතුගලගෙ ඉඳලා දැල් බංඩාරලා, ඉරාජ්ලා කොටින්ම ලපයා රනිල් සජිත් පවා එහෙමයි. පොදු හරක්ගෙ අැන්කෝර් එක දිනා ගන්න ගහන අමු බයිලා මේ.
එ් යථාර්ථය එ් මට්ටමෙන් තේරුම් ගන්න තරම් මොළය වර්ධනය කරගනිල්ලා. උඹලට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න එ් බොරුවම දැන දැන repeat කරන එක නම් අවුලක් නෑ. හැමෝම එහෙමනෙ.
හැබැයි අැත්තටම මේවා විශ්වාස කරනවා නම් උඹලා සිරාවටම පව් බං. කවදා හරි යථාර්ථය දකින්න ලැබෙයි කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.![]()
යං නු ධාතුං පූජෙය්ය, සදාචාරසමාහිතො; සද්ධාසම්පන්නචිත්තො ච, පූජා මහාපුණ්ණං ලභෙති.no offense මචන්..
ඒත් එක ආගමක් තියෙනවා x, අනිත් ආගම y
x ආගමේ පොතක ඔය කතාව ඔය විදිහටම තිවෙනවා, y ආගමෙත් තියෙනවා
දැන් පින් හම්බෙන්නේ x ආගමේ දන්ත දාතුන් වහන්සේට වැන්දොත්ද නැත්තම් y ආගමේ දන්ත දාතුන් වහන්සේට වැන්දොත්ද?
වැරදි ආගමේ එකට වැන්දොත් පව්ද හම්බෙන්නේ?
පින්/ පව් කොහොමද හම්බෙන්නේ?
ඒ කියන්නේ මන් දැන් x සහ y ආගමේ දන්ත දාතුන් වදින්න යන පෝලින් දිහා බලන් "ඇ... පූජා කිරීමෙන් කවර.." කිව්වොත් මට පව්ද සිද්ද වෙන්නේ?
මන් පෙරේතයෙක් වෙයිද?
යං නු ධාතුං පූජෙය්ය, සදාචාරසමාහිතො; සද්ධාසම්පන්නචිත්තො ච, පූජා මහාපුණ්ණං ලභෙති.
"යම් කෙනෙක් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ සදාචාරයෙන්, සද්ධාසම්පන්න චිත්තයෙන් පූජා කරයිද, ඔහු මහත් පින් ලැබේ."
මහාපරිනිබ්බාන සූත්‍රය - දීග නිකාය
ඔච්චර නටන්න ඕනේ නෑ .. අමුවෙන්ම කියලා තියනවා ..
ත්‍රිපිටකය
අමුවෙන් ම වැරදි . .ආ එතකොට
"Do not believe in anything (simply) because it is found written in your religious books"
කාලාම සූත්‍රයේ මෙහෙම තිබ්බහම, දැන් මොකක්ද හරි?
plus, ඔය මන් අහපු දේට උත්තරේ නෙමෙයි
අමුවෙන් ම වැරදි . .
කාලාම සූත්‍රයේ ඔහොම නෙවෙයි තියෙන්නේ ..
බාගෙට කියවන හැමෝම ඕක තමයි අල්ලගන්නේ ..
"මා අනුශ්රවෙන න වජ්ජෙය්යථ, මා පරම්පරයා න වජ්ජෙය්යථ, මා ඉතිකිරා න වජ්ජෙය්යථ... මා පිතකසම්පදාන න වජ්ජෙය්යථ"
නූනාවෙන් (අනුරූප උගත්කමක් ඇතුළත් නිසා කියලා) විශ්වාස කරන්න එපා. පරම්පරාවෙන් උරුම විදිහට උගත් නිසා විශ්වාස කරන්න එපා. ‘ඒක පොතක තියෙනවා’ කියලා විශ්වාස කරන්න එපා....
ඊලග පාර හොදට කියවලා එන්න ..
"මන්නම් පාලි/ සිංහල එක නෙමෙයි කියවන්නේ"මන්නම් පාලි/ සිංහල එක නෙමෙයි කියවන්නේ
anyway, " ඒක පොතක තියෙන නිසා.. "
දැන් ඉතින් පොතක තියෙන එකක් විස්වාස කරලනේ ඔය කියන්නේ?
ඉතින් ඔයත් කියවන්නේ English එක නේ ..
උත්තරය පරිනිභාන සූත්‍රයේ තියෙනවා ..