මචංලා උබලා wedding එකට jewellery ගත්තේ හරි හදාගත්තේ හරි කොහෙන්ද .
Trustworthy Reputed shops මොනවද ?
ගන්න එකද හොද? හදාගන්න එකද වඩාත් හොද ?
හදවනම් සාමන්යෙන් දවස් කියක් ගන්නවද ?
මගෙයි කෙල්ලගෙයි jewellery ඔක්කොටම පවුම් සාමන්යෙන් කියක් විතර යයිද . ලගදී මේවගේ මිල ගණනුත් දන්න කොල්ලෝ කෙල්ලෝ කියන් යන්ඩ
මේ දවස් වල පවුම 250 + වගේ යන්නේ .
ඩිසයින් එක දීල හදෝපන් . කොහොමත් උබ ෂොප් එකට ගියාම උන්ගෙන් categlog තියෙනවද අහල ඉල්ලාපන් . එකේ තියෙන ඒවා පෙන්නලා අහපන් කොච්චර යනවද හදන්න කියල . හදවන කොට wastage කියල කොටසක් අයින් කරලා , ඒකට බිල් කරනවා . හදන්න යන කාලේ , උන්ගේ හදන එකාට තියෙන ඕඩර් අනුව වෙනස් වෙනවා . ඔය ශොප් කීපයකම ඕඩර් කරන්නේ එකම පොරක් හුගක් වෙලාවට .
උබට ෂුවර් ඩයල් එකක් නම් , කෙලින්ම ඌට කියල හදවන්න පුළුවන් . ෂුවර් එකෙක් නෙවෙයි නම් ෂොප් එක හරහාම කරපන් , ඒක උබට සේෆ් .
හෙට්ටිවිදියේ බලහන් , ඕනේ විදිහට උබේ අතේ තියෙන විදිහට ඔප්ෂන් හොයාගන්න පුළුවන් . දැකපු ගමන් ඇඩ්වාන්ස් නොකර ටිකක් ඇවිදලා කරලා බලහන්, කොහොමද ගණන් හිලව් කියල .
එහෙමත් නැත්තන් උබට ඩිසයින් එක අරන් ගිහින් දීල එක හදවන්න කොස්ට් එක ගන්නත් පුළුවන් ,
මොන විදිහට කරත් , උන්ගෙන් certificate එක ඉල්ලහන් . උන් එතකොට උබේ තියෙන රත්තරන් ප්‍රමනේ, කැරට් කීයද එහෙම විස්තරේ එක්ක කොලයක් දෙනවා . එක පරිස්සම් කරලා තියාගනින් . පස්සේ විකුණන්න හරි උකස් තියන්න යන කාලෙකට ප්‍රොයෝජනෙට ගන්න පුළුවන් .