අලුතෙන් Laptop එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න&

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අලුතෙන් Laptop එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න&


    ගොඩක් අයගේ ලොකු හීනයක් තමයි කොම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හරි ගන්න එක.එත් ගොඩක් අයට ආසාව තිබුනට ගන්නේ මොකද්ද, කොහෙන්ද ගන්නේ, කියක් වෙනවද වගේ දේවල් ගැන ලොකු අදහසක් නෑ.

    Laptop එකක්ද, Desktop එකක්ද?

    ඒක ඔයා භාවිතා කරන අවස්ථාව අනුව වෙනස් වෙනවා. එත් මමනම් කියන්නේ ගන්නකොට ලැප් එකක්ම ගන්න කියලා. ඔයා ගෙදරට අලුතෙන් Desktop එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ඒක අනිවා ටික දවසකින් ඔයා විකුණලා Lap එකකට මාරු වෙනවා. මිල වෙනස්කම තියෙන්නෙත් පොඩි වෙනසක් විතරයි.

    i3 ද? i5 ද? i7 ද? Duelcore ද?

    Speed අතින් බැලුවම Duelcore වලට වඩා ලොකු වෙනසක් i3 වල තියනවා. ඒත් ඒක i3 වල ඉදලා i5 වලට යනකොට මම දකින්නේ නෑ. ගන්න එකේ හොද එකක් ගන්න. Duelcore එකක් ගන්නවට වඩා තව 10ක් 12ක් දීලා i3 එකක් ගන්න එක හොදයි. නැත්නම් ටික දවසකින් ඔයාට අයෙත් එකක් ගන්න හිතේවි. i3 වලට වඩා i5 වල ලොකු වෙනසක් මමනම් දැක්කේ නෑ. ඒත් දැන් ගොඩක් අය ගන්නේ i5.


    i7 එකක් ගන්නවා කියන්නේ සල්ලි නාස්ති කිරීමක් කියලයි මං කියන්නේ. ඕනෑම එකක් අලුතෙන් එන දවස්වල ගොඩක් ගණන්. ඒත් ටික දවසක් ගියාම භාගෙට භාගයක් අඩු වෙනවා. හොදම example එක තමයි LG optimus 3D phone 1. ඒක 3D phone එකක් හදුන්වා දුන්න phone එකක්. ඒකෙ price 1 වුනේ 99,900 යි. එත් දැන් ඒක 58,900 යි. ඒක නිසා ගන්න එකේ හොද එකක්ම ගන්නවා කියලා තියන හොදම එක ගන්න ඕනේ නෑ.

    Brandnew ද? SecondHand ද?

    මේකටනම් කතා 2 ක් නෑ BrandNew තමයි. ගොඩක් අය පරණ Lap 1 විකුනන්නේ මොකක්හරි ලෙඩක් ආවම. මගේ යාලුවෙක්ගේ ලැප් එකක් තිබුනා Battery හොදටම charter වෙලා. Current 1ට ගහන්නේ නැතුව වැඩ කරන්නම බෑ එක විනාඩියක්වත්. ඒත් Lap 1 Battery 1 ගලවලා දැම්මම එක දිගට විනාඩි 35ක් 40 ක් වැඩ කරන්න පුළුවන්. මෙයා internet 1 add 1ක් දාලා එහෙම කරලා පැය 0.5ක් විතර Lap එක ගන්න එන කෙනාට පෙන්නලා ගේමක් නැතුව ඒක විකුණුවා. හැමෝම එහෙමයි කියන්නේ නෑ. ඒත් ගොඩක් අය එහෙමයි.

    ටික දවසක් පාවිච්චි කල Lap එකක බහුලව පවතින දෝෂ
    1. Battry 1 මාරු කිරීමට සිදුවීම හෝ බැටරි ආයුෂ බොහෝ අඩු වීම.
    2. HardDisk 1 ට හානි සිදුවී තිබීම.
    3. Display එකෙහි ඇති දෝෂ
    4. වගකීම් කාලය අවසාන වී තිබීම
    5. Damage වී තිබීම

    එක පාර ගෙවලා ගන්නවද? වාරික වලට ගෙවනවද?

    සල්ලි හැමෝටම නෑ නේ. ඒත් ඔයාලා හිතන්නේ කොහොමහරි ගෙවන්න ගන්න. Duel core Lap එකකට ගෙවන සල්ලි වලින් ඔයාට එකපාර ගෙවලා i5 එකක් ගන්න පුළුවන්. ඒ නිසා කොහොමහරි එකපාර ගෙවලා ගන්න බලන්න. එහෙම නැත්නම් බැංකුවකින් Loan එකක් ගහලා ගත්තත් බැංකුවල පොලිය මේවට වඩා අඩු නිසා ඔයාට ගොඩක් වාසි වෙන්න පුළුවන්

    අගල් 14 ද? 15 ද? 17 ද? NoteBook ද?

    ගණන අඩු වුනත් ජීවිතේට Notebook නම් ගන්න එපා. ඒකෙ Screen 1 පොඩි නිසා සති 2න් ඔයාට එපා වේවි. අගල් 14 Lap එකට වඩා Rs.1000ක් , 1500ක් වැඩිම වුනොත් 2000ක් දීලා අගල් 15’6” එකක්ම ගන්න. ඔයා Autocad, 3D max වගේ ඒවා කරන්න බලාගෙන ඉන්නවනම් අගල් 17 ට යන එක හොදයි.

    ගන්න හොදම Brand 1 මොකද්ද?

    මේක ගොඩක් අයට දැන් තියන ප්‍රශ්නයක්. මට හිතෙන විදියට හොද පිළිවෙලට මම Brand ටික දාන්නම්කෝ.
    Apple > Sony > Toshiba >Dell > HP pavillian > Singer
    දැනට මං දැකපු Lap වලින් ගොඩක්ම හොද වගේම අඩු මිල තියෙන්නේ Toshiba. (මම use කරන්නෙත්) චාටර් වර්ගය තමයි Compaq. ඒවායේ Display යනවා වැඩියි. කලින් ආව Dell වලත් HardDisk ප්‍රශ්න ආවා. දැන්නම් එහෙම නෑ. මිට අමතරව Lenevo, Asus වගේ ගොඩක් ප්‍රසිද්ද නැති ඒවා ගන්න එපා කියලා තමයි මම කියන්නේ

    ගන්නේ කොතනින්ද?

    මේකට Shop වල නම් දැම්මොත් මේක Add එකක් වෙනවා. ඒත් නොකියා ඉන්න බැරි නිසා මං කියන්නම්. අඩුවට හොද Lap එකක් ගන්නවානම් Colombo 4 UnityPlaza තමයි. ඔයා මේ ගොඩනැගිල්ලට ගිහිල්ලා එක එක Lap වල price list එක එක Shop වලින් එකතු කරගෙන යන්නකෝ.

    මේවට වගකීමක් (Warranty 1ක්) දෙනවද?

    ගොඩක් Lap වලට ගන්නකොට අවුරුදු 3 ක වගකීමක් දෙනවා. එකෙන් Full Hardware warranty එක දෙන්නේ එක අවුරුද්දයි. අනිත් අවුරුදු 2 දී මොනවහරි වුනොත් එයාලා සල්ලි ගන්නේ නැතුව හදලා දෙනවා. ඒත් අපි ඒවට ඕන කෑලි ගෙනත්දෙන්න ඕනේ.


    හැබැයි හොයන්නේ බලන්නේ නැතුව Lap අරගෙන අමාරුවේ වැටෙන්න එපා..



    හොද නම් සලකල යන්න මචන්ලා........

    උපුටා ගැනීම ලහිරුගේ සයිබර් අවකාශයෙන්.............

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දන්නැති මෝලෙක් ලියපු එකක් බං මේක.
    කවුද බං යුනිටියෙන් ලැප් ගන්නේ :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ඉස්සෙල්ලම කොම් එකක් පාවිච්චි කලේ අවුරුදු 18දි, මටනම් ඩෙස්ක්ටොප් වගේ හරියන්නේ නැහැ මොකක්වත්.. ලැප් නම් මට අල්ලන්නේ නැහැ.. ඩෙස්ක්ටොප් ඕනම දේකට ඔට්ටුයි.. මොනාහරි උනත් අපිටම හදාගන්න පුළුවන්.. ලැප් වල කීබෝඩ්, ටච් පෑඩ්, ඩිස්ප්ලේ එකේ ඉදලම ලෙඩ එනවා.. බැටරි කේස් වෙනවා.. මම ඔෆිස් වැඩකට ඇරුනම ලැප් පාවිච්චි කරන්නෙම නැහැ.. මටනම් ඩෙස්ක්ටොප් දාහෙන් සම්පතයි..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    දන්නැති මෝලෙක් ලියපු එකක් බං මේක.
    කවුද බං යුනිටියෙන් ලැප් ගන්නේ :D

    :yes::yes::yes::yes::yes:
    11.gif