තේරෙන විදිහකට කියවගන්න
මිලින්ද රජු-
සත්වතෙම මරණින් මිදෙමි යි සිතා උඩ ආකාශයට ගොසිනුත් මහාසමුද්රමධ්යයට ගොසිනුත් ප්‍රාසාද ගෘහ ගල්ලෙන් භූමි ගුහා පර්වත ගුහා පබ්භාරතැලි දැදුරු
[1] වෘක්ෂ බිල් විවර පර්වතාන්තරයට ගියේ ද, මරණපාසායෙන් නො මිදෙන්නේ ය. එහෙයින් පිරිත් කිරීම බොරු වන්නේ ය. ඉදින් පිරිත් කිරීමෙන් මරණපාසයෙන් මිදීමෙක් වේ නම් එයින් ‘න අන්තලික්ඛෙ’ යනාදීන් ‘මරණපාසයෙන් නො මිදෙන්නේ ය’ යි කියා වදාළ ඒ වචනයත් බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය තෙමේත් ග්රන්ථියෙනුත් ගණ්ඨිතර ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
නාගසේන මහරහතන් වහන්සේ-
මහරජානෙනි, විෂ විනාස කරන්නා වූ මන්ත්රපදයකින් විෂය බස්වන ලද්දා වූ විෂ සන්හිඳුවන ලද්දා වූ ඌර්ධ්වාධොභාගයෙහි ඖෂධජලයෙන් තෙමන ලද්දා වූ නයක විසින් දෂ්ට කරණ ලද්දා වූ කිසිවෙක් තොප විසින් දක්නා ලද්දේ ඇද් දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අද දැන් දක්වාත් ඒ විෂ බස්වන කාරිය ලොකයෙහි පවත්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් පිරිත් බෙහෙත් ක්‍රියාවෝ නිරර්ථක ය යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. මහරජානෙනි, කරණ ලද පිරිත් ආරක්ෂාව ඇති පුරුෂයා දෂ්ට කරණු කැමැත්තා වූ නාගයා දෂ්ට නො කරන්නේ ය. විවෘත කළ මුඛය පියා ගන්නේ ය. සොරුන් විසින් තළන්නට ඔසවා ගත් මුගුරු පවා නො පැමිණෙන්නේ ය. ඒ සොරු මුගුරු දමා ලඟට අවුත් ප්‍රිය කෙරෙති. කුපිත වූ හස්තිනාග තෙම ලඟට දිව අවුත් වළකින්නේ ය. දිලියෙන මහාවහ්නිස්කන්ධය පවා ලඟට පැමිණ නිමෙන්නේ ය. නො දැන අනුභව කරණ ලද බලවත් වූ විෂය පවා අමෘතබෙතේ වන්නේ ය. ආහාරාර්ථය පිණිස හෝ ශරීරයෙහි ව්‍යාප්ත වන්නේ ය. නසනු කැමැත්තා වූ වරදකරුවෝ ලඟට අවුත් දාසබවට[4] පැමිණෙති. පයින් මඬින ලද පාසය නො ඇසිරෙන්නේ ය. මහරජානෙනි, මයූරජාතකයෙහි ‘කරණ ලද පිරිත් ඇති මයූරයාගේ පයට සත්සියයක් හවුරුදු මුළුල්ලෙහි වැදිතෙම පාසය පමුණුවන්නට නො හැකි වූයේ ය. නො කරණ ලද පිරිත් ඇති මයූරයාගේ පාදයට එදවස්හි ම පාසය පමුණුවාලූයේ ය’ යි කියා තොප විසින් පෙර අසන ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අසන ලද්දේ ය. ඒ ශබ්දය දෙවියන් සහිත වූ ලොකයෙහි ඉතා උස් ව නැංගේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙනුත් පිරිත් බෙහෙත් ක්‍රියාවෝ නිරර්ථක ය යි කියන්නා වූ යම් (167) වචනයක් ඇද් ද, ඒ තොපගේ වචනය බොරු වන්නේ ය.”
ඉවර නෑ
https://pitaka.lk/books/milinda-prashnaya/24.html