පොඩියට තියෙන ප්රශ්න විසඳන්න ගියාම වෙන්නේ ප්රශ්නේ තව කීප ගුණයකින් වැඩි වෙන එක. ඒ නිසා මුලින්ම ප්රශ්න වලට උත්තර හොයන එක නතර කරන්න. කාලයත් එක්ක ප්රශ්නේ ඉබේම අඩු වෙනකල් ම ඉන්න.
තමන්ගේ ප්රශ්න වලට උත්තර අම්මා තාත්තාගෙන් වත් අහන්න එපා. මේ වගේ තැන්වල අහලා වැඩකුත් නෑ. මොකද, එයාලට ඔය වෙලා තියෙන සිද්ධි වෙලා නැහැ නේ. ඉතින් එයාලා උත්තර දන්නේ නෑ. ඇහුවොත් ලැබෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර.
ඩිවෝස් එකකට යන්න එපා. ළමයට අම්මයි තාත්තයි දෙන්නම ඕන.
හැමෝම වගේ තමන්ගේ අම්මගේ ගතිගුණ තමා වයිෆ් ගෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට අපේ අම්මා මතක අපි 6 වසරේ වගේ ඉන්න කොට ඉඳන් නේ. ඒ වෙනකොට අම්මා ළමයින්ගෙන් ගොඩක් නිදහස් වෙලා තාත්තටත් සලකන්න පුළුවන් තත්වෙක ඉන්නේ. ඒ වෙනකොට අපිට අපේ වැඩ තනියම කරගන්න පුළුවන් නේ. ඉතින් අපේ අම්මා අපේ තාත්තට වෙලාවට කන්න බොන්න හදල දුන්නා කියලා, තේ එක ලගට ගෙනත් දුන්නා කියලා වයිෆ් ගෙන් ඒක දැන් බලාපොරොත්තු වෙන්න බැහැ. ළමයා ලොකු වෙලා තනියම එයාගේ වැඩ කරගනිද්දී ඔයාටත් ඒවා ඔයාගේ වයිෆ් කරයි.
වයසට ගියාම මොකද කරන්නේ කියලා දැන්ම plan කරලා සල්ලි එකතු කරන්න. පවුලේ ගැටළු නම්, වයිෆ් බලයි, ළමයි බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. වැඩිහිටි නිවාසයක්, නර්සින් හෝම් එකක්, නැත්නම් නතර වෙලා ඉන්න හොඳ තැනක් බලන්න. මැරෙනකල් අදායමක් එන විදිහක් හදාගන්න.
freelancing කරනවා නම් ඊළඟ අරමුණ වෙන්න ඕන කරන දේ business එකකට හරවන එක. එහෙම කලොත් එක එක ජාතියේ මිනිස්සු තමන්ගේ අරමුණ වෙනුවෙන් මෙහෙයවන්න වෙනවා. තමන්ට සිද්ධ වෙන දේ ඒකට හොඳ පදනමක් කරගන්න. ගැටළු වලදී ප්රතිචාර දක්වන විදිහ වෙනස් කර කර wife ට කියලා ඕන වැඩක් කර ගන්න පුළුවන් ක්රමේ හොයාගන්න. ඒ practice එක මිනිස්සු handle කරනකොට ගොඩක් වැදගත් වෙයි.
බැනුම් අහලා අහලා තෙම්පරාදු උනාම කවුරු මොක කිව්වත් ගානක් නෑ. කවුරු කොහොම වල කැපුවත් ගානක් නැ. පෙන්නේ අරමුණ විතරයි. අන්න ඒ මට්ටමට එන්න. මේ ලෝකේ දියුණු උන හැමෝම කෝටි ගණන් බැනුම් අහලා තමා එතනට ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව හැමෝම උදව් කරලා නෙවෙයි.
ගහලා හරි, බැනලා හරි, අඬලා හරි, වැඳලා හරි තමන්ගේ වැඩේ කරගත්ත කෙනා තමා දිනුම්.