Husban inne rata.. So Problem?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ඔයා සෑහෙන දේවල් assume කරනවා නේ. හෙන ගොන් හැබැයි කමක් නෑ. කීර්තිනාමයක් ගැන මෝඩ කතාවක් කිව්වම එහෙම නඩු දාන්න බෑ කියල කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ. වෙන වත්තක මම හොරෙන් පොල් ගෙඩියක් කඩනවා උබ video කරලා facebook දැම්මම මට බෑ මගේ කීර්තිනාමයට හානි උනා කියල උබට නඩු දාන්න :rolleyes: ඔන්න උබ හෙළුවෙන් ඉන්න වැලක් leak කරොත්නන් පොලිසියට පුළුවන් උබට එරෙහිව criminal නඩු දාන්න. මට පුළුවන් උබට එරෙහිව civil නඩුවක් දාන්න මගේ බොරු photo එකක් හදල මාව චාටර් කරල ඒකෙන් මට මානසික හෝ මුල්‍යමය පාඩුවක් උනා කියල හරියට ඔප්පු කරොත් සහ නඩුකාරය ඒක කොච්චර logical ද කියල තීන්දු කරොත්. මගේ ඇත්ත කැත ෆොටෝ එකක් share කරා කියල නඩු දාන්න පුළුවන් රටක් නෑ. කොටු පැනල මාට්ටු වෙලා video කරාම හරි video එක release කරාම කීර්තිනාම කෙහෙල් මලක් අදාළ නෑ (වැලක් නෙවේ නං). social media වල release කරයින් පස්සේ, වෙච්චි දේ වෙනයිනං, ඒකෙන් ඒකිගේ ජීවිතේ financial loss එකක් වෙලා ඒක ඔප්පු කරොත්, බොරු circumstance එකක් වෙන විදිහකට අර්ථ දක්වල කියල, release කරපු එකාගෙන් වන්දි ඉල්ලලා ඒකට මොන හරි කරගන්න පුළුවන් judgement එක අනුව. හැබැයි එව්වා මේ 100% sure දේවල් නෙවේ. learn the difference. තේරෙන්නේ නැත්තන් ඉතින් නිකන් ඉන්න.
    Financial loss ඔප්පු කරන්නේ මොකටද බං ඒ ගෑනිගේ account එකෙන් මුන් video එක දැම්ම? :rofl:

    අනුන්ගේ account access කරාම "ආ පාඩුවක් උනේ නැත්තම් අවුලක් නෑනේ" කියන නිතිය මොන රටේද තියෙන්නේ? :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    Financial loss ඔප්පු කරන්නේ මොකටද බං ඒ ගෑනිගේ account එකෙන් මුන් video එක දැම්ම? :rofl:

    අනුන්ගේ account access කරාම "ආ පාඩුවක් උනේ නැත්තම් අවුලක් නෑනේ" කියන නිතිය මොන රටේද තියෙන්නේ? :lol:
    ඒක තමා කිව්වේ social media දැම්ම එකට මොකක්හරි කරන්න පුළුවන් වෙයි කියල. FB hack කරපු එකට cyber crime එකක් විදිහට ඒකට නඩුවක් දැම්මොත් ඒකට judgment එකක් එයි කරපු එකාට විරුද්ධව. හැබැයි ඒක වන්දි නඩුවක් නෙවේ. ඒක අපරාද නඩුවක්. ඒක දාන්නේ පොලිසියෙන් රජය වෙනුවෙන්, ගෑනි නෙවේ. ගැනිට පුළුවන් පොලිසියේ complain එකක් දාන්න. මුලින් අපරාධ නීතියයි civil නීතියයි හරියට ඉගෙනගන්න ඕනි කියවන්න කලින්. adultery කියන්නේ offense එකක් නෙවේ කියල අර වෙන එකෙක්ට බැන්න නේද කලින්? criminal offense වලයි civil offense වලයි වෙනස ඉගෙනගන්න ඕනි. අපරාධ නීතියට අදාල නෑ කියල offense එකක් නෙවේ කියන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: Hamu mahaththaya1

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ඒක තමා කිව්වේ social media දැම්ම එකට මොකක්හරි කරන්න පුළුවන් වෙයි කියල. cyber crime එකක් විදිහට ඒකට නඩුවක් දැම්මොත් ඒකට judgment එකක් එයි කරපු එකාට විරුද්ධව. හැබැයි ඒක වන්දි නඩුවක් නෙවේ. ඒක අපරාද නඩුවක්. ඒක දාන්නේ පොලිසියෙන් රජය වෙනුවෙන්, ගෑනි නෙවේ. ගැනිට පුළුවන් පොලිසියේ complain එකක් දාන්න. මුලින් අපරාධ නීතියයි civil නීතියයි හරියට ඉගෙනගන්න ඕනි කියවන්න කලින්. adultery කියන්නේ offense එකක් නෙවේ කියල අර වෙන එකෙක්ට බැන්න නේද කලින්? criminal offense වලයි civil offense වලයි වෙනස ඉගෙනගන්න ඕනි. අපරාධ නීතියට අදාල නෑ කියල offense එකක් නෙවේ කියන්න බෑ.
    ඉතින්? කවුද කිව්වේ cyber crimes criminal නෙවෙයි කියල? උඹට ඉංග්‍රීසි බැරි එක මගේ වැරද්දක් නෙවෙයිනේ?

    ඕක කරපු උන්ට නඩු වැටෙනවා කිව්වම මොනවද මේ බයිලා?

    // අපරාධ නීතියට අදාල නෑ කියල offense එකක් නෙවේ කියන්න බෑ.//

    අනාචාරයේ හැසිරීම offense එකක් වෙන්නේ මොන නීතිය යටතේද?

    නොදන්න මගුල් කියවල පච වෙලා අඬන්න එපා ඉතින් :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    ඉතින්? කවුද කිව්වේ cyber crimes criminal නෙවෙයි කියල? උඹට ඉංග්‍රීසි බැරි එක මගේ වැරද්දක් නෙවෙයිනේ?

    ඕක කරපු උන්ට නඩු වැටෙනවා කිව්වම මොනවද මේ බයිලා?

    // අපරාධ නීතියට අදාල නෑ කියල offense එකක් නෙවේ කියන්න බෑ.//

    අනාචාරයේ හැසිරීම offense එකක් වෙන්නේ මොන නීතිය යටතේද?

    නොදන්න මගුල් කියවල පච වෙලා අඬන්න එපා ඉතින් :lol:
    adultery offense එකක් තමා, ඒක civil offense එකක්. ඒ හින්ද තමා ඒක civil case එකක් file කරන්නේ. offense කියන එක තෙරුන් ගන්න බැරි scene එකෙන්ම තේරෙනවා කොච්චර ඉංග්‍රීසි සහ නීතිය ගැන දැනුමක් තියෙනවද කියල. offense දන්නේ නෑ crime දන්නේ නෑ. ඉංග්‍රීසි ගැන කතාව. හෙන ගොන් නේ. සිවිල් නීතිය දන්නෙත් නෑ, අපරාද නීතිය දන්නෙත් නෑ, පෞද්ගලිකව නඩු දාන්න පුළුවන් කොහොමද කියල දන්නෙත් නෑ

    'කවුද කිව්වේ cyber crimes criminal නෙවෙයි කියල'

    මේ මොන හරුපයක්ද?


    Financial loss ඔප්පු කරන්නේ මොකටද බං ඒ ගෑනිගේ account එකෙන් මුන් video එක දැම්ම? :rofl:

    අනුන්ගේ account access කරාම "ආ පාඩුවක් උනේ නැත්තම් අවුලක් නෑනේ" කියන නිතිය මොන රටේද තියෙන්නේ? :lol:

    බලහන් මේ කිව්ව කතාව කොච්චර ගොන්ද කියල.

    ගෑනි නඩුවක් දානවනං FB එක hack කරපු එකට එකී දාන්න ඕනි civil නීතිය යටතේ loss එක පෙන්නලා වන්දි ගන්න.
    Hack කරපු එකට රටේ නීතිය කැඩුවට නඩුව දාන්න ඕනි state එකෙන්. ගෑනි නෙවේ නඩුව දාන්නේ. එකෙන් වන්දි දෙන්නේ නෑ. :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    adultery offense එකක් තමා, ඒක civil offense එකක්. ඒ හින්ද තමා ඒක civil case එකක් file කරන්නේ. offense කියන එක තෙරුන් ගන්න බැරි scene එකෙන්ම තේරෙනවා කොච්චර ඉංග්‍රීසි සහ නීතිය ගැන දැනුමක් තියෙනවද කියල. offense දන්නේ නෑ crime දන්නේ නෑ. ඉංග්‍රීසි ගැන කතාව. හෙන ගොන් නේ. සිවිල් නීතිය දන්නෙත් නෑ, අපරාද නීතිය දන්නෙත් නෑ, පෞද්ගලිකව නඩු දාන්න පුළුවන් කොහොමද කියල දන්නෙත් නෑ

    'කවුද කිව්වේ cyber crimes criminal නෙවෙයි කියල'

    මේ මොන හරුපයක්ද?


    බලහන් මේ කිව්ව කතාව කොච්චර ගොන්ද කියල.

    ගෑනි නඩුවක් දානවනං FB එක hack කරපු එකට එකී දාන්න ඕනි civil නීතිය යටතේ loss එක පෙන්නලා වන්දි ගන්න.
    Hack කරපු එකට රටේ නීතිය කැඩුවට නඩුව දාන්න ඕනි state එකෙන්. ගෑනි නෙවේ නඩුව දාන්නේ. එකෙන් වන්දි දෙන්නේ නෑ. :rofl:

    Adultery කියල civil offense එකක් තියන නීතිය මොකක්ද? :rofl: Adultery Ground for Divorce :lol:

    බලපන් උඹ කොච්චර මෝඩද කියල :lol:
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    මොකක්ද දූපත් මෙන්ටලටි ඵක?උඹ හිතුවද western රටවල් වලත් හැමෝම cuckold කියලා?මේ ෆිල්ම් ඵක බලපං..ගෑණු හෝ පිරිමි බැන්ඳට පස්සේ වෙන උන් ඵක්ක උකන්න ඕනනම් බඳින්නේ මොකටද?

    Unfaithful_%282002_film%29.jpg
    Richard gear kiyanne sex symbol ekak....
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    Pissuda ban honda lawyer kenek allan wandi mudala half half beda gamu kiwwa nam oya kisi awlak naha, u okkoma bala gannawa..
    Okita thawa ratata nondi wenna kiyala deyak na ne..
    Anika minihath nemei 3rd party ekak okkoma tkaranne.. un illan kamak thiyenne nadu giyoth..
    Uba english film balala wadi ban.me lankawa.uba jeewitheta policiyakata court ekakata gihin ne wage.
     
    • Like
    Reactions: wpril5

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂ තීන්දුවක් මගින් මේ දක්වා දික්කසාද නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ නඩු ඉතිහාසය වෙනස්කර තිබේ.

    අනාචාරයේ හැසිරීම යන වරද ඔප්පු කරමින් සිදුකරන දික්කසාද නඩුවක පාර්ශවයකට විවාහය විසුරුවා හැරීමකදී සහ-විත්තිකරු (කලත්‍ර හානිකරු - විවාහයෙන් බාහිර අනියම් ඇසුර පැවැති තෙවන පාර්ශවය) වෙතින් වන්දි ඉල්ලා සිටිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම මෙම විශේෂ කාරණාවයි.

    ඒ අනුව, දික්කසාද නඩුවකදී විවාහය කඩාකප්පල් කළ තෙවන පාර්ශවයකගෙන් (කලත්‍ර හානිකරුගෙන්) වන්දි ඉල්ලන්න හැකියාව ඇතිවාසේම එම එකම නඩුවේදී දික්කසාදය ඉල්ලන්න අවශ්‍ය නැතැයිද දන්වා තිබේ.

    ඒ අනුව දික්කසාදය වෙනම පවරා ඉල්ලගන්නට හැකිය. විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරු තුන්දෙනෙක් මේ තීන්දුවට එකඟ වෙමින් කියා සිටියේ මෙම කාරනාව බොහෝ දෙනෙකු පෙළන ගැටලුවකට විසදුම් ලබාදෙනු ඇති බවයි.

    හැටන් උසාවියේ බිරියක සැමියාට එරෙහිව දැමූ වෙනත් නඩුවක් ඔස්සේ මෙම ක්‍රමය සාකච්ඡාවට ලක්විය. මුලින්ම බිරිඳ හැටන් උසාවියේ නඩුවක් ගොනුකරමින් සැමියා තමාව අතහැර ගිය නිසා දික්කසාදයක් ඉල්ලා සිටි නමුත් සැමියා කිව්වේ එහෙම නෙවෙයි, බිරිඳ තවත් පුද්ගලයෙකු එක්ක අනියම් සබඳතාවයක් පවත්වන නිසා විවාහය කැඩුණ බවය.

    ඒ අනුව සැමියා තම බිරියට කළ වරදට එම පුද්ගලයාගෙන් (කලත්‍ර හානිකරුගෙන්) වන්දි ඉල්ලූ අතර හැටන් දිසා උසාවිය සහ මහාධිකරණය සැමියාට පක්ෂව තීන්දු ලබාදුණි. කලත්‍ර හානිකරුට රුපියල් 500,000ක් සැමියාට වන්දි ගෙවන්න නියම විය
    CaptureAA.JPG
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මෙකේ ඉන්න සමහර උන් මේ ගෑණි කරන වැඩේ සාධාරණීකරනය කරන්න යන එකෙන් තේරුම් ගන්න පුළුවන් ලංකාවෙ social එක කොච්චර දුරට පිරිහිලාද කියල. එහෙම නැත්තන් වැරදී කියල දැනගෙන ඒත් නිකන් අවධාන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕන කමට එහෙම කියනවද මංද
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    අපහාස නඩුවක් ඔප්පු කිරීමේදී තමන් හට යහපත් කීර්ති නාමයක් තිබූ බවත්, විත්තිකරු විසින් අපහාසාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන ලද බවත්, එය මහජනතාව හෝ සමාජය තුළ යම් පිරිසක් පිළිගත් බවත්, ඒ අනුව තමාගේ කීර්තිනාමයට හානි වූ බවත්, එම නිසා තමන්ට බලවත් චිත්ත පීඩාවක් ඇති වූ බවටත් අධිකරණයට ඔප්පු කළ යුතුය.

    යම් ප්‍රකාශයක් අපහාසකරු සහ අපහාසයට ලක් වූ තැනැත්තා අතර පමණක් හුවමාරු වූ අවස්ථාවක කීර්තියට හානි වූ බව ප්‍රකාශ කළ නොහැකි වේ. ඒ පොදුවේ සමාජයේ ඔහුට ඇති කීර්තිනාමයට එයින් හානි නොවන නිසාය.

    කරන ලද ප්‍රකාශය අතිශය සත්‍යයක් බව හෝ වරප්‍රසාද තෘප්ත කරන ආකාරයෙන් කළ ප්‍රකාශයක් බව හෝ, කරුණක් ලෙස නොව අදහසක් ලෙස පැවසූ බව හෝ කීර්ති හානි නඩුවක විත්තිවාචකය (විත්තිකරුගේ නිදහසට කරුණු) විය හැකිය.

    එනම් මා විසින් කරන ලද ප්‍රකාශය කීර්ති හානි කිරීමේ අටියෙන් පවසන ලද මුසාවක් නොවන බවත්, සද්භාවයෙන් ප්‍රකාශ කරන කරන ලද සත්‍යයක් බවත් අධිකරණයට ඒත්තු ගැන්විය යුතුය. මක්නිසාද යත්, කීර්ති හානියට හේතු වන්නේ, අසද්භාවයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ බවට පිළිගන්නා නිසාවෙනි.