https://www.johnkeellscgauto.com/product/byd-dolphin-dynamic-49/machan meke features aduda . meka kohomada ?
https://www.johnkeellscgauto.com/product/byd-dolphin-dynamic-49/machan meke features aduda . meka kohomada ?
Eka hari. mama kiyanne garage ganema yanna one kiyala nemei.mama disagreeing, old japanese car ekak hariyata maintain karala thiyagannawa nam maruwata thiyenawa.
Meka dan valid nam machan. dan ana wahana godak reliable. NCAP ratings balala decide karanna.But
Toyota Means "Reliability"![]()
ai JKH shares tikak gannada?Danna ekek kiyapanko danata JKH EV kiyak diliver karala thiyanawada. Waiting list no kiyada yanne

Nissan leaf තමයි සාමාන්‍ය ජනතාව අතරට EV අරන් ගියේ. ලංකාවේ ගොඩක් අයට තිබ්බ අව්ල agent කෙනෙක් හිටපු නැති එක.එක ඇත්ත බන්
ඒ කාලේ ඒ රේන්ජ් එක පට්ටනේ
මෙයා කියන විදියට ලීෆ් එක නිසා EV ඉන්ඩස්ට්‍රිය රිවස් ගිය සීන් එක මට තෙරෙන්නේ නැත්තේ
මට හිතෙන්නේ EV මිනිස්සු අතරට ගියේ ලිෆ් නිසා කියලා
අනිවාර්යෙන් 3000ට වඩා වැඩි වෙන්න ඕන. 4000ත් පැනල ඇති.Danna ekek kiyapanko danata JKH EV kiyak diliver karala thiyanawada.
ඒක දැන් හොයන්න අමාරුයි බං. උන් නම්බර් එක Expose නොවෙන්න Format වෙනස් කරල තියෙන්නෙ. ගිය අවුරුද්දෙ දාපු ඕඩර්ස් වලට Clear number එකක් තිබ්බ.waiting list no kiyada yanne
congrats ban. thawa yanakota EV charging points, spare parts and third party repair awilla industry eka esblish unoth kisi awulak naha
ube description eka kiyewwama asa hithenawa ekak ganna![]()
කාලෙක ඉඳල දාන්න හිතාගෙන හිටියෙ ඒත් වෙලාවක් ලැබුනෙ නැති නිසා දාන්න බැරි උනා. කිරියෙ කීප දෙනෙක්ම මට මැසේජ් කරලත් දාල තිබුන පෝස්ට් එකක් දාන්නෙ නැද්ද කියල, ඒ නිසාමයි මේක ඉක්මන් කරේ,
මුලින්ම මෙහෙම පටන්ගන්නම්කො,
මම අවුරුදු 5ක විතර ඉඳල Tesla & BYD වාහන ගැන මාර විදියට Interesting. ෙගාඩක් ආසාවෙන් හිටිය Tesla එකකට, ඒත් පස්සෙ BYD Tang & Atto 3 දෙක ගොඩක් තදින් ෆලෝ කරා.
මේ ජෝන් කීල්ස් එක වැඩේට බැස්ස බව දැනගත්තම ලොකු ෂුවර් එකක් ආව. කොහොමහරි මෙයාල Pre orders ගන්න පටන් ගත්තම මාත් Atto 3 එකකට සල්ලි ගෙව්ව. මෙයාල ඕඩර්ස් ගන්න පටන් ගත්තෙ අගෝස්තු වල, ඒත් මට සල්ලි ගෙවන්න පුලුවන් උනේ ඔක්තෝබර් වල. අන්න එතැන තමයි මට වැරදුන තැන. මම හිතුවෙ නෑ මිනිස්සු ඒ තරම් Interest එකකින් මේක ඕඩර් කරයි කියල, මම ඔක්තෝබර් වල යද්දිත් ඕඩර්ස් 1500 පැනල. ඇත්තටම ඒ වෙලාවෙ මේ වගේ දෙයක් දැනගෙන හිටිය නම් අගෝස්තු වලම සල්ලි ගෙවනව. එහෙම උනා නම් මට මෙයිටත් මාසෙකට කලින් කාර් එක ගන්න තිබුන.
එතෙකාට සල්ලි ගෙවල, ගොඩක් ඕනකමින් බලාගෙන හිටිය, අපි මෙලෝ දෙයක් දන්නෙ නෑ වෙන්නෙ මොනවද කියල. අඩුම තරමෙ ඒ දවස් වල ආණ්ඩු මාරු වෙලාවත් තිබ්බෙ නෑ. හැබැයි ජෝන් කීල්ස් එකෙන් කිව්ව පෙබරවාරි වල වාහන ගෙන්නන එක පටන් ගන්නව කියල. ඒ කියන්නෙ උන්ට ඇතුලෙත් නිව්ස් එනව හොඳට. පස්සෙ පෙබරවාරි වෙලා ගැසට් ගහල, වාහන Import කරන්න ඉඩ දුන්නට පස්සෙ, මෙයාල ටැක්ස් එක ඩබල් කරා නේ. අන්න එතැනදි තමයි බලාපොරොත්තු නැති උනේ. ගොඩක් වාහන ඉම්පෝට් කරන අය කිව්ව Atto 3 එකක් ලක්ෂ 220කට විතර යයි කියල. ඒත් එක්කම ජෝන් කීල්ස් එක සද්දයක් නැතුව හිටිය සතියක් විතර යනකල්, ඒ අතරෙදි මම Vezel Z Play එකත් ගන්න හෙව්ව, වෙලාවට ඒක මිස් උනේ. කොහොමහරි පෙබරවාරි වල දෙවැනි සතිය වෙද්දි ජෝන් කීල්ස් එකෙන් Announce කරා, එයාල පොරොන්දු උන මිල ලක්ෂ 170ටත් වඩා ලක්ෂ 2ක් අඩුවෙන් වාහනය දෙනව කියල. ඇත්තටම ඒ නිව්ස් එක ඇහුවම පුදුම හිතුන. එතැන ඉඳල දින ගැන ගැන හිටියෙ වාහනේ එනකල්.
කොහොමහරි කියන්න ඕන ජෝන් කීල්ස් එකේ කස්ටමර් කෙයා නම් අන්තිමයි. උන්ට තාම අවබෝධයක් නෑ කොහොමද මේක කරන්නෙ කියල. ඒ පැත්ත සෑහෙන අවුල්. ඔහොම ඉද්දි මෙයාල ගාල්ලෙ බ්‍රාන්ච් එකත් ඕපන් කරා. පලවෙනිම වාහන සෙට් එක ආව මට මතක විදියට මාර්තු 17 වෙනිද, කොහොමහරි මෙයාල මාර්තු අග වාහන කීල්ස් එකේ තියාගෙන පෙන්නුව, මම ඒකටත් ගියා බලන්න, එතැනදි තිබ්බ උන වැඩි උනා. ඒත් එක්කම BYD Whatsapp group එකකුත් සෙට් උනා කිරියෙම කෙනෙක්ගෙ මාර්ගයෙන්, ඒක නම් ගොඩක් වැදගත් උනා. එතැන ඉඳල ගෘෘප් එකේ Shipment updates පවා ගියා. ඊට පස්සෙ අප්‍රේල් 16 වගේ එක ළඟ Shipment 2ක් ආව. අන්න ඒකෙ තමයි මගේ වාහනේ ඇවිල්ල තිබ්බෙ. අප්‍රේල් අන්තිම මට සල්ලි ගෙවන්න කියල එහෙන් කෝල් එකක් ආව. මම කොහොමහරි මැයි මුල ඔක්කොම Document & Payments වැඩ ඉවර කරල, මෙයාලට මැයි මැද හරියෙ මට වාහනේ දෙන්න පුලුවන් උනා.
ආයිත් සැරයක් කියන්න ඕන ජෝන් කීල්ස් එකේ සර්විස් නම් අන්තිමයි. උන නරක අත්දැකීම් ගොඩයි. අපි ඉවසගෙන හිටිය ෆීල්ඩ් එකට අලුත් නිසා. හැබැයි දැන් නම් ටිකක් හරි ගිහිල්ල ඇති කියලත් හිතනව.
කොහොමහරි වාහනෙ අතට ගත්ත, ඒක අරගෙන එද්දි තේරුනේ මාස 7ක් විතර ඉවසගෙන හිටපු එක ඇත්තටම පාඩුවක් නෑ කියල.
කොහොමහරි වාහනේ සුපිරියි, මාර Comfortable, ඒ වගේම පට්ට Smooth, ඒ Feeling එක ගන්න EV එකක් පැදලම බලන්න ඕන. යනව තේරෙන්නෙ නෑ, Accelerate කරද්දි පාවෙල යනව වගේ, Instant torque එකක් තියෙන්නෙ. ඊට පස්සෙ Infortainment system එක Superb, Apple car play 100% Compatible. නියම විදියට වැඩ කරනව. ඒ වගේම ඩිස්ප්ලේ එක අඟල් 15.6ක් නිසා, මාර පහසුයි. ඒ වගේම මට හොඳටම සෙට් උන අනිත් Feature එක Camera system එක, ඒක නම් ආයිත් Next level. ඇත්තටම මම ගොඩක් තැන් වල වාහනේ හරවන්නෙ, රිවර්ස් කරන්නෙ තනිකරම ඩිස්ප්ලේ එක දිහා බලාගෙන. ඒ තරම් Reliable & Clear. අනිත් එක Suspension, ෙගාඩක් Soft suspension එකක් තියෙන්නෙ, ඒ නිසා වලවල් හෙම දැනෙන්නෙම නැති තරම්. කොහොමහරි Comfortability එක ගැන කතා කරන්න දෙයක් නෑ. ඒක උපරිමයි.
තව මට කාර් එක ඩිලිවර් කරන්න දවසකට කලින් Volt එකෙන් ඇවිල්ල Charger එක සෙට් කරල දුන්න. ඒක 7kW Home charger එකක්. ඒකෙන් සාමාන්‍යයෙන් පැය 7කින් වගේ 15% ඉඳල 100%ක් වෙනකල් චාර්ජ් කරන්න පුලුවන්. කොහොමහරි ගෙදර සෝල තියෙන නිසා ඇත්තටම යන හැම ගමනක්ම කිසිම වියදමක් නෑ වගේ. ඒ නිසාම තමයි වාහනේ අරගෙන මාසයක් යන්නත් කලින් කිලෝ මීටර් 3000ක් ඩ්‍රයිව් කරේ.
මම දැන් සතියකට දෙකකට උඩදි පලවෙන සර්විස් එකත් කරා.
ජෝන් කීල්ස් එකෙන් Free Service 3ක් දෙනව, 3000න් එකයි 6000න් එකයි, ඊට පස්සෙ 10,000න්. එතැන ඉඳල හැම 10,000කට වතාවක් සර්විස් කරන්න ඕන. සර්විස් කරනව කියල දෙයක් කරන්නෙ නෑ ඇත්තටම නිකං Checklist එකක් චෙක් කරන එක කරන්නෙ. කොහොමහරි සර්විස් එක කරල තිබුණ හොඳට වාහනේ හෝදල තිබුන.
තව මේකෙ ටින්ට් කරන ඒව, Ceramic coating ඔක්කොම කරගත්ත. කොහොමහරි දැන් වාහනේ කිලෝ මීටර් 4000ත් පැනල දුවල තියෙන්නෙ. දුර දුවන්න ඇත්තටම ප්‍රැක්ටිකල්.
මම කිලෝ මීටර් 385ත් එක චාර්ජ් එකෙන් දිව්ව බැට්රි එක 15%ට වගේ අඩු උනේ. කොහොමහරි Driving style එක හරියට හදාගත්තොත් කිලෝ මීටර් 420න් එහා යන්න පුලුවන් කියල මට හොඳටම ෂුවර්. කොහොමහරි දුර දුවන්න හොඳටම සුදුසුයි. මම හයිවේ එකේම තමයි ගොඩක් දුවල තියනේනෙ. ගාල්ල කොළඹ, ගාල්ල මීගමුව කීප වතාවක්ම ගියා. මට මේකෙ හොඳටම සෙට් උන ෆන්ෂන් එක ICC & LKA ඒකෙන් මම සෑහෙන වැඩක් ගන්නව Highway එකේ. මේ කිලෝ මීටර් 4000න් 2000කට වැඩිය Highway ගිහිල්ල ඇති ICC Function එකත් එක්ක. ඒක නම් ප්‍රැක්ටිකල් නියම විදියට. මම එක Paddle එකක්වත් පාගන්නෙ නැතුව Steering wheel එකට තත්පර 10කට සැරයක් අත තිය තිය එන්නෙ හයිවේ එකේ. හරිම ලේසියි මේ නිසා හයිවේ යන්න. මෙයිට අමතරව සවුන්ඩ් සිස්ටම් නියමයි, තව වාහනේ Stability එක නියමයි. දවසක් හයිවේ එකේ 170ට ගියා විනාඩි ගානක්ම. මාර ස්ටේබල්. ඒ වගේම අපි 70ට ගියත් තත්පර 3-4කින් 110 පන්නන්න පුලුවන්. අන්න ඒක තමයි මේකෙ ආසම පාට් එක මම. මාර ඉක්මනට Accelerate කරනව යකා වගේ. පෙට්‍රල් වාහනයක හැරෙන්නවත් බෑ. තව බැට්රි පැක් නිසා කාර් එක ගොඩක් බරයි, මම හිතන්නෙ ටොන් 2කට වැඩියි මුළු බර. ඒ නිසාම තමයි වාහනේ මේ තරම් ස්ටේබල්. ඒක අතට දැනෙනව හොඳට.
මට මේකෙ පොඩි අවුල් ටිකකට කියල තේරිල තියෙන්නෙ මේ වෙද්දි, එකක් ඉස්සරහ Fog light එකක් ආව නම් තව ටිකක් රෑට පෙනුම වැඩි වෙයි කියල හිතෙනව. මම කැමතියි අර Seal එකේ ආව ලයිට් එක මේකෙ ආවනම්, තව මේකෙ Rain sensing wiper නෑ. ඒක ලොකු අඩුවක්, තව මේක Auto highbeam කරන සිස්ටම් එක මට එච්චරටම Satis නෑ. ප්‍රැක්ටිකල් මදි වගේ. ඔන්න ඔය ටික තමයි අවුල් වලට තේරුනේ. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම 100%ක් Perfect
ඇත්තටම ගත්ත හොඳම තීරණයක් කියල හිතෙනව, ඉස්සරහට යද්දි බලමු වෙන ප්‍රශ්න ආවොත්, ඒත් Global reviews හෙම හොඳට බලල මම මේක ගත්තෙ. ඒ නිසා හිතේ විශ්වාසයක් තියෙනව ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල. ඇත්තටම Driving pleasure එක කියන දේ උපරිමයි. කොහේ හරි යන්නමයි හිතෙන්නෙ. ඒ තරම් ආසයි මේ වාහනේ ඩ්‍රයිව් කරන්න. මම හිතුවට වඩා ගොඩක් හොඳයි.
ඔයාලට ඕන ප්‍රශ්නයක් තියේ නම් මේ ත්‍රෙඩ් එකේ අහන්න. මට දාන්න මග ඇරුන දේවල් සමහරවිට ඇති. ඒවත් දාන්නම් මේ ත්‍රෙඩ් එකේම. ෆොටෝස් ටිකකුත් ඉඩක් ලැබුන ගමන් දාන්නම් ත්‍රෙඩ් එකේම. ඕනම ප්‍රශ්නයක් තියේ නම් අහන්න මේකෙ, මම ත්‍රෙඩ් එක ඩේලි බලන්නම්.
කොහොමහරි BYD එකක් අරගෙන බලන්න ආස හිතෙයි.
Dolphin එකේ ලක්ෂ 107ට තියෙන මොඩල් එක ගත්ත කිරියෙ කොල්ලෙක්. මට මතක නෑ කවුද කියල. ඌ නම් Satis වාහනෙ ගැනDolphin එකේ power එකයි පෙනුමයි නම් හොදයි. එත් ලක්ෂ 35ක් worth ද දන්නේ නැ ඉතින්. බලමු හරිම මිල බලාගන්න තව මාසෙනේ.
මම Volt එක ගත්තෙ බං. Volt එකේ App අනං මනං තාම Improve වෙන ගමන් තියෙන්නෙ.Mage fix kare TKT charger aka, akatama mobile app 1k anawa ban, aken charger ake max amp aka, schedule aka ahemath set kala heki.
ube fix kare VOLT charger akada?
මෙතැන පොඩි අවුල් වගයක් තියෙනව බං.Nissan Leaf Honda Sapa car ekak but battery stage eka mul kale, thiyne "lithium-ion or Li-ion" battery eka. 2012~2013 leaf dan bar 3 wage tiyne battery replce karapu nathi ewa. AC eka 25~30KM wage yane after 12 years gihin. A kiayne 25% wage tama bettery eka dan tiyne ithuru wela. nikan baluwama tama ikman eka ads yane 50 laks wage me days wala. habayi karuwath dan gane nathiwa athi. aurudu kipayakata kaling mewa 12~15 laks wala wage tibe diganan baruwa battery case eka nisa but dan replcement battery market eka tiyanwa, Original used + ape katiyage LiFePO4 modify karapuwa.
Traffic eka EV moke unath 5~6 KM per 1kWh, dura yankoa meta wadi bohovita 8 KM wage max
1kWh ekak Rs 60 nam 1Km kiayne Rs 10 cost eka colombo driving. Toyota Parana Aqua ekak cost eka Rs 12~15 wage wayi colombo driving, aluth Honda Vezel eka unath 20 km/l sure wage.
Aqua ekak batttery eka 6 laks, aurudu 8 wage life eka tiyne ( Nickel-metal hydride (NiMH) )
Leaf 12 bar, 62kw 93% SOH, year 2021 used 2 M ( Lithium-ion )
Outlander PHEV eka new battery 3M ( Lithium-ion )
AION v eka battery eka 5M + without TAX ( LiFePO4)
Altuh EV wala ene LiFePO4 meka better than NiMH or Lithium-ion.
LiFePO4 batteries have a much longer service life than before. Tama mekath aluth nisa apita tama kiyna ba meka 10 year duwayi da 20 year duwayi da, replacement battery price koma wayi da..... etc too early for prediction ne.
new Honda Vezel ekak duwana eka tama labayi EV ekata wadda. EV eka WIN karane gedara Solar tiyana ekakuta vithrayi saha tama EV eka backup ekak vithrayi godakata.
Chinna EV is like a mobile phone, used and then thrown away. wenna ratawala una No case api wage euna tama ithin mekath case.
Solar + EV is the future for all other countries except Sri Lanka.
Hondama option eka PHEV habayi tithin oya kiyanna tharama ithurwak na wage vs ice ekath eka baluwama.
meka mage adahasa![]()
Got it Mchn
ඔව් මචං
ඔව් මචං. Fully electric මම Prefer කරන්නෙ. ඒකට හේතු දෙකක් තියෙනව,
1. මම අදටත් BYD වල ට්‍රස්ට් කරන්නෙ NEV මොකද එයාල Expert එතැනට. ලෝකෙ NEV වලින් කරට කර යන්නෙ Tesla & BYD ඉතිං ඒ නිසා එයාලගෙ Fully electric vehicles මට හොඳටම ෂුවර්. PHEV ගැන මට ලොකු අදහසක් නෑ. ඒ නැතත් විවාදයක් නැතුවම BYD NEV වලින් කොහොමත් ඉස්සරහින් ඉන්නෙ. හැබැයි මේක මගේ පර්සනල් Opinion එකක් විතරයි. මේක දැකල කෙනෙක් Sealion වලට නොයා ඉන්න එපා.
2. අනිත් කාරනාව මට ගෙදර Off grid එකකුත් තියෙන නිසා මේක චාර්ජ් කරද්දි Almost ZERO Cost එක. ඒකෙ උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ඒ නැතත් මගේ Pattern එකට නියමෙට සෙට් වෙනව මේ වාහනය. මොකද මම කිලෝ මීටර් 400කට එහා ලොකු ට්‍රිප් දුවන්නෙ නෑ. මගේ Requirement එක නිතර නිතර ගාල්ලෙ, කොළඹ, මීගමුවෙ ඔය ඒරියා වල දුවන එක. ඒ වැඩේට මම 100%කටත් වඩා Satis මේ වාහනේ. අනිත් පැත්තට City driving ඒක ගැන අහන්නත් දෙයක් නෑ සුපිරියට වැඩ. ඒ ඇරෙන්න මට Very long trip යන්න වෙන්නෙ කලාතුරකින්. එහෙම කලාතුරකින් යන නිසා ඒක මැනේජ් කරගන්න පුලුවන් බං. දැන් ළඟදි අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නව. බලමු ඒක යන විදියෙන්. කොහොමහරි ඒ වගේ ගමනක් සෙට් වෙන්නෙ මාස 3කට 6කට සැරයක් වගේ. ඒ නිසා ලොකු අවුලක් නෑ ඒක මැනේජ් කරගන්න පුලුවන්.

Dolphin එකේ ලක්ෂ 107ට තියෙන මොඩල් එක ගත්ත කිරියෙ කොල්ලෙක්. මට මතක නෑ කවුද කියල. ඌ නම් Satis වාහනෙ ගැන
මම Volt එක ගත්තෙ බං. Volt එකේ App අනං මනං තාම Improve වෙන ගමන් තියෙන්නෙ.
මෙතැන පොඩි අවුල් වගයක් තියෙනව බං.
සෝල නැති කෙනෙක්ට මම කිව්ව වගේ TOU tariff එකකට යන්න ඕන. ඇත්තටම සෝල තියෙන කෙනෙක්ට උනත් TOU යන්න පුලුවන් නම් ලාබයි. මොකද ඒකෙ රෑට යුනිට් එක කොස්ට් වෙන්නෙ රුපියල් 21යි. එතකොට කෙනෙක්ට රුපියල් 21ට යුනිට් එක ගන්න පුලුවන්කම තියෙද්දි උඹ රුපියල් 60ට ගණං හදන එකේ අවුලක් තියෙනව. රුපියල් 60 කියන්නෙ Worst case එක.
අනිත් එක බැට්රි ගැන කියල තියෙනව. LFP කියන්නෙ Matured බැට්රි Technology එකක්. අවුරුදු 10කට වඩා පරණයි. මම හිතන්නෙ 2005 වගේ කාලවල් වලත් මේ බැට්රි තිබ්බ. මම කලින් කිව්වෙත් අපේ ගෙදරත් තියෙනව 2021 ගෙනාපු බැට්රි සෙල්. තාම Capacity loss එකක් වෙලා නෑ දිනපතා Charge-Discharge කරලත්. ඒකයි මම කිව්වෙ BYD එකක බැට්රි Replace කියල දෙයක් කතා කරන්නවත් ඕන නෑ කියල.
ඊට පස්සෙ China EV පාවිච්චි කරල විසි කරල දාන කතාවක් කියල තිබ්බ. ඒකට දෙන්න තියෙන හොඳම උත්තරේ මේක,
මේ ලංකාවට ඇවිල්ල තියෙන පලවෙනිම BYD එක. 2013 ඇවිල්ල තියෙන්නෙ. මේක තාම කිලෝ මීටර් 400ට එහා පදින්න පුලුවන් ලු![]()
OWE bn danatath dikak aran thiyenne. na hithuwata wada byd seen eka nagala yanawa wage. eki. okunta ekakin at leasst 1 million wath athi neda ?ai JKH shares tikak gannada?![]()